SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

 

සමහර නඩු විභාග හුදු නීති පොත්වල අකුරුවලට පමණක් සීමා නොවේ. ඒවා විටෙක තියුණු චෙස් ක්‍රීඩාවක් බඳුය;

Feature

රටේ ජනතාව දූෂණයට එරෙහිව තැබූ විශ්වාසය අමු අමුවේ පාවා දෙන, මාලිමා ආණ්ඩුවේ අත්තිවාරම දෙදරා යා හැකි

Feature

 

මේ දිනවල කොළඹ හතේ ව්‍යාපාරික කවයන්වලත්, රාජ්‍ය සේවයේ කැන්ටිම්වලත් රහසින් පැතිරෙන උණුසුම්ම කටකතාවක් අපට ආරංචි වුණා. මේ කතාව යන්නේ පොඩි පහේ තැනක් ගැන නෙවෙයි, මුළු රටේම සල්ලි මල්ල බාරව ඉන්න, අපි හැමෝගෙම සාක්කුවට විදින බදු එකතු කරන මහා මන්දිරය ගැනයි.

 

ආරංචියේ හැටියට, සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ට වැට් (VAT) නම්බර් එකක් ගන්න මාස ගණන් රස්තියාදු වෙන්න වුණාට, එකතරා "සිලෝන්" කෑල්ලක් තියෙන, "ෆයින්" (Ultrafinemill) සමාගමකට නම් ඒක ලැබිලා තියෙන්නේ නිකන් "අලාවුදීන්ගේ පුදුම පහන" පත්තු කළා වගේලු!

 

කවුද මේ වෙළඳාමටම උපන් ඇමති?

 

මේ වැඩේ පිටුපස ලොකුම හස්තය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ, දැන් රටේ බඩු මිල පාලනය කරන්න දඟලන, "වෙළඳාමටම උපන්" බව කියන ප්‍රබල ඇමතිතුමෙක්ලු. මෙතුමා සාමාන්‍යයෙන් වේදිකාවල නම් කතා කරන්නේ දූෂණයට එරෙහිව රතු ඉර පන්නගෙන වුණත්, තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයාගේ වැට් ප්‍රශ්නයේදී නම් නීතියේ ඉර පොඩ්ඩක් "නමා" ඇති බවටයි ඕපාදූපකාරයෝ කියන්නේ.

 

 

බදු මාලිගාවේ 'ලොකු ලොක්කි'

 

මේ ඩීල් එකේ අනිත් කෙළවරේ ඉන්නේ රටේ බදු එකතු කරන ලොකුම ආයතනයේ, ලොකුම පුටුව හොබවන "යකඩ ගැහැනියක්" වගේ ඉන්න ලොක්කියක්ලු. සාමාන්‍යයෙන් පහළ නිලධාරීන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න හැදුවත්, මේ ලොකු මැඩම් මැදිහත් වෙලා, අර ඇමතිතුමාගේ හිතවත් සමාගමට වී.අයි.පී (VIP) සැලකිලි දීලා, දුවල ගිහින් ස්ථිර වැට් ලියාපදිංචිය හදලා දීලා කියලයි ආරංචිය.

 

 

නීතිය කාටද?

 

දැන් දෙපාර්තමේන්තුවේ පොඩි නිලධාරීන් ඉන්නේ පුදුම කේන්තියෙන්ලු. මොකද වැට් පනතේ තියෙන චක්‍රලේඛ, නීති රීති මේ සමාගම වෙනුවෙන් විතරක් "කුණු කූඩයට" දාලලු. අර "වෙළඳ ඇමතිතුමාගේ" ආශිර්වාදයයි, බදු මාලිගාවේ "ලොකු මැඩම්ගේ" සපෝට් එකයි තියෙනවා නම් ඕනම බිස්නස් එකකට රජ මාවත ඕපන් කියලයි දැන් කට්ටිය කසු කුසු ගාන්නේ.

 

 

වෙන අයට අකුරට ක්‍රියාත්මක වෙන නීතිය, ඇමති හිතවතුන්ට විතරක් මෙහෙම නැවෙන්නේ කොහොමද? "පිරිසිදු පාලනයක්" ගේනවා කිව්වට, තාමත් යන්නේ පරණ ඩීල් දේශපාලනයමද කියලා ව්‍යාපාරිකයෝ දැන් ඇස් ගෙඩි ලොකු කරගෙන බලන් ඉන්නවා.

 

Feature

2026 පන්දුවාර 20යි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට පකිස්ථාන රජය

Feature

 

පවතින දැඩි ශීත කාලගුණය සහ මානුෂීය ආධාර සීමා වීම හේතුවෙන් ගාසා තීරයේ වෙසෙන දරුවන්ගේ