SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රංශ විප්ලවයෙන් පවා ආරක්ෂා වූ, මීට වසර 100කට පෙර සොරුන් විසින් සොරකම් කර

ඇපල් ගෙඩියක සඟවා තිබියදී අහම්බෙන් සොයාගත් අතිශය දුර්ලභ ගණයේ රෝස පැහැති දියමන්තියක් දශක දහයකට පසු ප්‍රථම වරට ප්‍රංශයේදී මහජන ප්‍රදර්ශනයට තබා තිබේ. "ග්‍රෑන්ඩ් කොන්ඩේ" ලෙස හැඳින්වෙන කැරට් නවයකින් යුත් මෙම පෙයාර්ස් හැඩැති දියමන්තිය ලබන ජනවාරි 3 වනදා දක්වා පැරිසියේ උතුරු දෙසින් පිහිටි 'Château de Chantilly' හි කෞතුකාගාරයේදී ප්‍රදර්ශනය කෙරේ.

 

 

Rare pink diamond goes on display in France 100 years after amateur heist - BBC News

 

 

සියවසකට පෙර සිදුවූ ඇදහිය නොහැකි කොල්ලය 1926 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම දියමන්තිය රාත්‍රී කාලයේදී අභිරහස් ලෙස සොරාගනු ලැබූ අතර, සොරුන් විසින් එය සඟවා තිබුණේ මැද හාරන ලද ඇපල් ගෙඩියක් තුළයි. ඊට සති කිහිපයකට පසු සොරුන් ලැගුම්ගෙන සිටි හෝටලයේ සේවිකාවකට බඩගිනි වී අදාළ ඇපල් ගෙඩිය සපා කෑමට යාමේදී අතුරුදන් වූ අමිල දියමන්තිය නැවත සොයාගැනීමට හැකි විය.

 

කෞතුකාගාර අධ්‍යක්ෂ මැතිව් ඩෙල්ඩික් (Mathieu Deldicque) පවසන පරිදි, ඇපල් ගෙඩියේ කතාව ඇදහිය නොහැකි එකක් සේ පෙනුණද, එකල පුවත්පත්වල මෙම සිදුවීම පුළුල් ලෙස වාර්තා කර තිබී ඇත. දියමන්තියේ ඉතිහාසය සහ සොරකමට අදාළව මෙතෙක් ප්‍රසිද්ධ නොකළ පැරණි ලේඛන ද මෙවර ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබේ.

 

India-Origin Pink Diamond, Once Linked To French Royals, Returns To Public Display  After 100 Years. A rare 9.01-carat pink diamond believed to have originated  in India is back on public display in

 

ආරක්ෂාව සහ වටිනාකම පසුගිය මාස 12 තුළ යුරෝපයේ සංස්කෘතික ආයතනවලින් මෙන්ම පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් දහවල් කාලයේ සිදුවූ දියමන්ති කොල්ලකෑම් මාලාව හේතුවෙන් මෙම ප්‍රදර්ශනය යළිත් සොරුන්ට අතවනන අවදානම් සහගත ක්‍රියාවක් දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.

 

 

දියමන්තියේ වර්තමාන රක්ෂණ වටිනාකම හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, එය සුවිශේෂී ලෙස හඳුනාගැනීම සඳහා පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කර ඇති බවයි. ස්වභාවිකව හමුවන රෝස පැහැති දියමන්ති අතිශය දුර්ලභ වන අතර, 2017 වසරේදී ඩොලර් මිලියන 71.2 ක (පවුම් මිලියන 53.6) වාර්තාගත මිලකට එවැනි දියමන්තියක් වෙන්දේසි වී ඇත.

 

 

A rare pink diamond is going on display in France for the first time since  it was stolen almost 100 years ago to the day - the last time it was shown

 

 

රජවරුන්ගේ සිට කෞතුකාගාරයට මෙම අගනා දියමන්තියේ නිශ්චිත මූලාරම්භය තවමත් අභිරහසකි. එය ප්‍රථම වරට ඉතිහාසයේ සඳහන් වන්නේ 1740 දී කොන්ඩේ හි කුමරු වන ලුවී හෙන්රි ද බෝර්බන්ගේ මරණයෙන් පසු සකස් කළ දේපළ ලේඛනයකය. පසුව එය ප්‍රංශයේ පළමුවන ලුවී පිලිප් රජුගේ බිරිඳ වන මාරි-ඇමෙලි රැජිනගේ ද, ඉන්පසු ඇගේ පුත් ඕර්ලියන්ස් හි හෙන්රි කුමරුගේ ද රජ මාළිගා එකතුවට එක් විය. අවසානයේ ඔහු විසින් කලා කෘති සහ අත්පිටපත් දහස් ගණනක් සමඟ මෙම දියමන්තිය ද කෞතුකාගාරයක් බවට පත් කිරීම සඳහා 'ඉන්ස්ටිටියුට් ඩි ෆ්‍රාන්ස්' (Institut de France) ආයතනයට පවරා දෙන ලදී.

 

 

BBC ඇසුරිනි.

නවතම ලිපි