හොරුන් ඇල්ලීමට ආණ්ඩුවක් පත් කළ ජනතාවට අද ඉතිරිව ඇත්තේ "ලැජ්ජාව" සහ "ඊයා" යන හැඟීම පමණි.
රටේ මූල්‍ය විනය රකින උත්තරීතරම තනතුරක් වන රජයේ විගණකාධිපති ධුරය, වත්මන් පාලනය විසින් අද වන විට මහපාරේ විහිළුවක් බවට පත් කර ඇත.
ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ හතරවෙනි යෝජනාවද වැඩි ඡන්දයෙන් පරාජයට පත්වීම හරහා තහවුරු වන්නේ, "හොරුන් ඇල්ලීම" යනු හුදෙක් වේදිකාවට පමණක් සීමා වූ වංචනික සටන් පාඨයක් බව නොවේද?
1. ව්‍යවස්ථාදායක සභාවේ ‘කණේ පහරක්’ වැනි පරාජය
විපක්ෂ නායකවරයා(සූම් තාක්ෂණයෙන් සම්බන්ධ වෙමින්), පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සහ ස්වාධීන සිවිල් සාමාජිකයින් තිදෙනාම එකාවන්ව මෙම යෝජනාවට විරුද්ධ වී ඇත්තේ එය ව්‍යවස්ථා විරෝධී සහ අත්තනෝමතික බැවිනි. සාමාජිකයින් පස් දෙනෙකුම විරුද්ධ වන විට, ජනාධිපතිවරයා දිගින් දිගටම එකම වැරැද්ද කරන්නේ ඇයි?
රජයේ විගණකාධිපති තනතුර යනු ඉතිහාසයේ අන්ත දක්ෂිණාංශික නායකයින් පවා දේශපාලනීකරණය කිරීමට බිය වූ තනතුරකි. එහෙත් "පරිවර්තනයක්" ගැන කතා කළ වත්මන් පාලනය, එම තනතුරට තමන්ගේ හෙංචයියෙකු පිටතින් ගෙනැවිත් වාඩිකරවීමට දරන උත්සාහය පිටුපස ඇත්තේ රටේ විගණනය තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවා ගැනීමේ පටු දේශපාලන කුමන්ත්‍රණයකි.
2. ජනවාරි 4 වෙනිදා දක්වා කල් මැරීමේ ‘බබා’ නාටකය
ව්‍යවස්ථාදායක සභාවේ වත්මන් සාමාජිකයින්ගේ කාලය ජනවාරි 04 දිනෙන් අවසන් වේ. රටේ නායකයා මේ සිදු කරන්නේ අදාළ කාලය අවසන් වන තෙක් කල් මරමින්, තමන්ට රිසි සේ කටයුතු කළ හැකි අලුත් සභාවක් පත් කර ගන්නා තුරු සිටීමද?
සමාජ මාධ්‍ය හරහා "නායකයා හොඳයි - අනිත් අය අප්සෙට්" යනුවෙන් ගොඩනගන මිථ්‍යාව අද වන විට රටට වින කරන මාරක බලවේගයක් වී ඇත. අප අසන්නේ, නායකයා බබෙක්ද? යන්නයි. රටේ සාමාන්‍ය වැසියෙකුට, කුඩා දරුවෙකුට පවා තේරෙන සරල නීතියක් සහ සම්ප්‍රදායක් රටේ නායකයාට නොවැටහේ නම්, එවැනි "බබාලාට" රටක් පාලනය කළ හැකිද? බබාලාට කළ හැක්කේ සෙල්ලම් ගෙවල් තැනීම මිස රටක් ගොඩනැගීම නොවේ.
3. පාසල් වියේ ‘ඇරියස්’ කවර් කරන රාජ්‍ය පාලනය
විගණකාධිපති තනතුර සම්බන්ධයෙන් පවතින මෙම අර්බුදයට හේතුව හුදෙක් පරිපාලනමය ගැටලුවක් නොවේ. ජනාධිපතිවරයාගේ සහකාර ලේකම්වරයෙකුට තම පාසල් වියේ පටන් පවතින පෞද්ගලික වෛරයන් පිරිමසා ගැනීමටත්, ඔපාදූප මත පදනම් වූ පළිගැනීම් කිරීමටත් රටේ ප්‍රධානතම මූල්‍ය පරීක්ෂක තනතුර බිල්ලට දීම තරම් පහත් ක්‍රියාවක් තවත් තිබේද?
රටේ උත්තරීතරම තනතුරක් පුද්ගලික ඇරියස් පිරිමසන දඩමීමා කරගැනීම මාලිමා පාලනයේ සැබෑ නිරුවත ලොවටම හෙළි කර ඇත. දූෂණය තුරන් කිරීමට ආණ්ඩුවක් පත් කළ ජනතාවට, අද දූෂිතයන්ට වඩා භයානක "අදක්ෂයින්" සහ "හිතුවක්කාරයින්" පිරිසක් සමඟ ගනුදෙනු කිරීමට සිදු වී ඇත.
4. විධිමත් විවේචනය: මෙය ‘සිස්ටම් චේන්ජ්’ එකක් ද?
හොරුන් ඇල්ලීමට නම් ස්වාධීන විගණනයක් අත්‍යවශ්‍ය වේ. එහෙත් විගණනය කරන පුද්ගලයා තමන්ගේ සාක්කුවේ සිටින කෙනෙකු විය යුතු යැයි රජය බලකර සිටින්නේ නම්, එමගින් කියවෙන්නේ "අලුත් හොරුන්ට" පාර කැපෙන බව නොවේද?
ව්‍යවස්ථාදායක සභාවේ මතයට ගරු නොකරන, සම්ප්‍රදායන් අමු අමුවේ උල්ලංඝනය කරන, පෞද්ගලික හිතවතුන් පෝෂණය කරන මෙම පාලනයට තවදුරටත් "පිවිතුරු" යැයි කිව හැකිද?
මීට වඩා දරුණු චරිත සහතිකයක් මේ ආණ්ඩුවට අවශ්‍ය නැත.
අවසාන වශයෙන්,
රටේ ජනතාව පත් කළේ වැඩ කරන නායකයෙකු මිස, නිලධාරීන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන රූකඩයක් නොවේ. විගණකාධිපති තනතුර හෑල්ලු කිරීම යනු රටේ මූල්‍ය විනය මරා දැමීමකි. මේ කරන විනාශය දෙස බලා ජනතාවට කිව හැක්කේ එකම දෙයකි: "ලැජ්ජයි... ඊයා...!"
#නිරෝමි සුබ්‍රමනියම්
සබැඳි පුවත් -
ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි... මීළඟ විගණකාධිපතිවරයා කවරෙක් ද?
https://www.slleader.lk/news/13273-2025-12-17-06-48-01
https://www.slleader.lk/news/13269-2025-12-16-12-37-1
විගණකාධිපති තනතුර: නිමක් නැති කල් දැමීමක සත්‍ය කතාව
https://www.slleader.lk/news/13259-2025-12-14-02-43-09
https://www.slleader.lk/social/13258-2025-12-13-10-37-09
විමර්ශන හෙළිදරව්ව: විගණකාධිපති පත්වීම පිටුපස ඇති 'නාටකය' යළි වටයකින්!!!

