SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

පෙබරවාරි 14 දා කදිරගාම කේන්ද්‍රයේදී ජනරජ පක්ෂය විසින් රටේ සියළු පක්ෂ වලට පුළුල් සන්ධානයක් ගොඩනඟන්නට සාකච්ඡාවකට ආරාධනා කලා.

Feature

දත්ත ගබඩා කිරීමේ චිප් එකක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කිරිමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය ගැන එලෝන් මස්ක් පැහැදිලි කර තිබේ. 

Feature

සිරි ලංකාව තුල දේශපාලනයේ ඉතා ගැඹුරුම දේශපාලන වෙනස්කමකට ජන සමාජය සුදානම් බව වැටහේ.

Feature

"ලිවීම මට පේන්නෙ එක පැත්තකින් තාපසයෙකුගෙ සොයා යාමක් වගේ. අනිත් පැත්තෙන් විද්‍යාඥයෙකුගේ සොයා යාමක් වගේ. තවත් පැත්තකින් මානසික ලෝකයක් තුළ අමු සල්ලාලයෙක්, පාදඩයෙක්, මේ විදිහෙ ජීවිත ගණනාවක ට්‍රිප් එකක්, ඇඩ්වෙන්චර් එකක් ගන්න උත්සාහ කරන රෝල් එකක් විදහට තමයි මට මේක පේන්නෙ"

Feature

''දිගින් දිගටම රටක් හැටියට අපට වැදගත් වන රාජ්‍ය සම්පත් විදේශීය සමාගම්වලට විකුණා දැමීම පසුගිය කාලයේ දකින්න ලැබුණා.


ඉන්ධන, විදුලිය, සන්නිවේදනය වැනි ආයතන විදේශිකයන්ගේ අයිතියට ලබා දෙන්නේ භූමියත් සමඟ වීම භයානක කරුණක්. මේ ආයතන කටයුතු කරන්නේ ලාබය මූලික කරගෙන පමණයි. මේවා රාජ්‍ය ආරක්ෂාවට සහ රටේ ස්වාධිපත්‍යයට වැදගත් වන ක්ෂේත්‍රයි. මේ වගේ දේවල් විදේශිකයන් සතු කළාම ඔවුන්ට රටට බලපෑම් කිරීමට, අනියම් ලෙස රට පාලනය කිරීමට ඉඩ ලැබෙනවා. ඒක නිසයි මහානායක හාමුදුරුවරු රටේ නායකයා දැනුම්වත් කිරීමට ඒ වගේ ලිපියක් යැව්වේ..''

 

එහෙම වදාලේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ ය.

 

letter monk

ඒ පසුගියදා රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවන ලද ලිපිය පිළිබඳව අදහස් දක්වමිනි.

 

ඉන් අනතුරුව ජාතික සම්පත් විදේශිකයන්ට විකිණීම ඇතුළුව ආණ්ඩුව ගෙන යන ප්‍රතිපත්තියට එරෙහිව දැඩි පියවරක් ගන්නා ලෙස ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් පිරිසක් පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව රහසේ හමුවී ඇතැයි ද වාර්තා වේ.

 

කොළඹ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක ජනමාධ්‍යයටද විවෘත නොකොට පවත්වන ලද අතිශය රහසිගත සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ ට නායක හිමිවරු මෙකී කාරණා දැනුම් දී ඇති බවත්,  ඊට සහභාගි වී ඇති නායක හිමිවරුන් ත්‍රෛනිකායම නියෝජනය කරන  මෙරට ප්‍රධානම පෙළේ යතිවරුන් වූ බව ආරංචිමාර්ග සපයයි.

 

මෙම රහස් හමුව පිළීබඳව ජනාධිපති වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් සෘජුවම අසා තිබූ බවද සඳහන් ය.