SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ලෝක ප්‍රකට “ටාසන්: එපික් ඇඩ්වෙන්චර්ස්” කතා මාලාවේ ටාසන්ගේ චරිතයට පණපෙවූ ජෝ ලාරා අමෙරිකාවේ ටෙනසී හිදී සිය බිරිද ඇතුළු තවත් හය දෙනෙකු සමග ගුවන් අනතුරකින් මියගොස් තිබේ.

පෞද්ගලික ගුවන් යානයකින් තම පවුලේ අය සමග ගමන් ගනිමින් සිටියදී යානය නෙෂ්විලේ හි පර්සි ප්‍රිස්ට් විලට කඩා වැටී ඇත. ඔවුන් ෆ්ලොරිඩාවේ පාම් බීච් වෙත යමින් සිට ඇත. යානයේ 7 දෙනෙකු සිට ඇති අතර ඔවුන් කිසිවකු දිවි ගලවාගෙන නැත.

58 හැවිරිදි ඔහු 66 වියැති සිය බිරිඳ සහ පවුලේ අය සමග ලාරා මෙලෙස ගමන් ගනිමින් සිට ඇත.

විලට වැටී ඇති ඔවුන්ගේ සුන්බුන් තවමත් සොයමින් පවතිින බව එරට වාර්තා පවසයි.

Feature

දින දහයකට වැඩි කාලයක් තිස්සේ ගිනි ඇවිලෙමින් පැවති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වනවිට ලංකාවේ නාවුක තීරය තුළදීම මුහුදේ ගිලෙමින් පවතී.