SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

භූගෝලීය සහ පාරිසරික අර්බුද හමුවේ නගර අත්හැර යාම හුදෙක් උපකල්පනයක් නොව ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන් පවා මුහුණ දෙන බියකරු යථාර්ථයක් බවට පත්ව තිබේ.

පහත ස්පාටකස් ලිපිය මගින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ජල හිඟය සහ භූගත ගිලා බැසීම් හේතුවෙන් නගරය වෙනත් ස්ථානයකට ගෙන යාමට ගන්නා උත්සාහය, ශ්‍රී ලංකාවේ මහනුවර නගරය මුහුණ දෙන නායයාම් සහ ස්වභාවික අවදානම් සමඟ සංසන්දනාත්මකව විමසීමක් සිදුකර ඇත. දේශපාලන අධිකාරිය ඊනියා විද්‍යාත්මක සහතික කිරීම් ඔස්සේ පාරිසරික අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් සිදුකරන පරිසර විනාශකාරී සංවර්ධන ව්‍යාපෘති සහ එහි අවසාන ප්‍රතිඵලය ලෙස ජන සමාජය බිඳ වැටීමට ඇති ඉඩකඩ පිළිබඳව මෙහිදී තාර්කික විශ්ලේෂණයක් සිදු කෙරේ.

 

 

NBRO ආයතනය කිසි ලෙසකින් විශ්වාස කල නොහැකි බවත්, එය පවසන පරිදි මහනුවර නගරය වෙනත් ස්ථානයකට ගෙනයාමට සිදුවන බවත් ලාල් කාන්තා පවසයි.

 

 

මේ අතර මහනුවරට වඩා විද්‍යාත්මකව ගොඩනැගුන දැවැන්ත ජ්‍යාමිතික නගරයක් වෙනත් ස්ථානයකට ගෙනයාමට සූදානම් වේ. ඒ ඉරානයේ ටෙහෙරානයයි.

 

 

ඉරාන අගනුවර ජලය අවසන් වෙමින් තිබේ. ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් දැන් අගනුවර වෙනත් ස්ථානයකට ගෙන යාම සහ ජනගහනය (මිලියන දහයකට ආසන්න පිරිසක්) ඉවත් කිරීම අනිවාර්ය කිරීම ගැන කතා කරමින් සිටී. නමුත් ටෙහෙරාන් සානුවට මෙවන් ඉරණමක් අතීතයේ කිසි දිනක අත්ව ඇති බවක් සඳහන් නොවේ (මහනුවර සානුවට ද එසේය).

 

මෙම අර්බුදය සාධක කිහිපයක් පිළිබිඹු කරයි. මීට හේතුව වසර හයක දරුණු නියඟයම නොවේ. ජලය අධික ලෙස වැයවන අපනයන කෘෂිකර්මාන්තය සහ ජලය හා බලශක්තිය සඳහා සහනාධාර ලබා දීම මගින් රටේ භූගත ස්ථර ජලධරය අධික ලෙස පරිහරණය කර ඇති අතර භූගත ජල සැපයුම් ක්ෂය කර ඇත.

 

එමෙන්ම, ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවල, විශේෂයෙන් ටෙහෙරානයේ, ආර්ථික ක්‍රියාකාරකම් සහ රැකියා සංකේන්ද්‍රණය වීම ජල සම්පත් කෙරෙහි ඇති පීඩනය තවදුරටත් වැඩි කර ඇත. භූගත ජලය අහිමි වීම කෙතරම් දරුණු වීද යත්, ටෙහෙරාන් සානුවේ කොටස් ගිලා බසිමින් පවතී. වැසි නැවත ඇති වුවද, භූගත ජලය රඳවා තබා ගැනීමට ඇති භෞතික අවකාශය හැකිලී ඇති බැවින්, අතීතයට වඩා අඩු ජල ප්‍රමාණයක් ගබඩා වනු ඇත.

 

දැන් සිදුවෙමින් පවතින ගිලා බැසීම ඒකාකාරව සිදු නොවන බැවින්, ටෙහෙරානයේ සමස්ත ජල හා මලාපවහන පද්ධතිය බිඳ වැටෙමින් පවතී. කැඩී ගිය භූගත නාලිකා වලින් වායුව විවෘත වාතයට කාන්දු වෙමින් පවතී. මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දී ඉරාන විප්ලවීය ආණ්ඩුව විසින් දිගින් දිගටම තාක්ෂණික නිෂ්පාදන (උදා: ඩ්‍රෝන නිෂ්පාදනය), වෙනත් අපනයන ආර්ථික කටයුතු දිගින් දිගටම සිදු කරන ලදී.

 

මේ අතර ලංකාවේ දිලිත් ජයවීර සේ ක්‍රියා කරන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු දැනටමත් මෙම තත්වය නරුම ලෙස ප්‍රයෝජනයට ගනිමින්, ඉරාන වැසියන් පාලන තන්ත්‍රයට එරෙහිව නැගී සිටියහොත් ඊශ්‍රායලය ජල හිඟය විසඳීමට විශේෂඥයින් යවන බව පවසා ඇත.

 

වර්ෂාව පතා මහා පරිමාණ යාච්ඤා සංවිධානය කිරීමට අමතරව, වායුගෝලයට විශාල රසායනික ලවණ ප්‍රමාණයක් ඉසීමේ සැක සහිත උපායමාර්ගයක් රජය විසින් අනුගමනය කර ඇත. නමුත් විශ්වාසදායක ලෙස වැසි ඇති කරනවා වෙනුවට, එවැනි "වළාකුළු වැපිරීම්" (cloud seeding) මගින් වෘක්ෂලතා විනාශ වීමටත් හුස්ම ගැනීම වඩාත් අපහසු වීමටත් තර්ජනයක් එල්ල වේ. එය තවත් විද්‍යාත්මක ව්‍යසනයකට ඇත වැනීමකි.

 

 

මිනිසුන් වැඩි වැඩියෙන් නිවෙස්වල රැඳී සිටින අතර ඉරාන සමාජය බිඳ වැටීමට පටන් ගෙන තිබේ. අගනුවර වෙනත් ස්ථානයකට ගෙන යාමේ සැලැස්ම සම්බන්ධයෙන් ගත් කල, පෙසෙෂ්කියන්ගේ ප්‍රකාශ තරමක් අපැහැදිලි ය. ඔහු කතා කරන්නේ ජනගහනයෙන් වැඩි කොටසක් ගැනද, නැතහොත් රජයේ පරිපාලනය ගැන පමණක්ද? එය දෙවන විකල්පය නම්, ඉතිරි වන මිලියන සංඛ්‍යාත ජනතාවට කුමක් සිදුවේද? එය පළමු විකල්පය නම්, එම උත්සාහයට වසර ගණනාවක් ගතවනු ඇති අතර මූලික ගැටළුව විසඳන්නේ නැතිවම රජයට දරාගත නොහැකි මූල්‍ය බරක් පැටවෙනු ඇත.

 

 

ටෙහෙරානයේ දස දහස් ගණනක් ජනයා කලබල වීමට පටන් ගැනීම පුදුමයක් නොවේ. තවමත් ප්‍රමාණවත් තරම් ජලය තිබිය හැකි කැස්පියන් මුහුදු ප්‍රදේශයට යාමට උත්සාහ කරන මෝටර් රථවලින් නගරයට උතුරින් පිහිටි මහාමාර්ග අවහිර වී ඇත.

 

මහනුවරට ද ටෙහෙරානයට අත්වූ ඉරණම අත්වන්නේ නම් එය හයපතක් වන්නේ ඉතිරි වී ඇති ප්‍රදේශ බේරා ගැනීම සඳහා එම තත්වය පාඩමක් විය හැකි බැවිනි. එසේම මහනුවර කඳු නාය ගොස් නැවත ස්වභාවිකව සකස් වීම එය අත්හැර දැමීමෙන් පසු සිදු වනු ඇත.

 

මේ අතර නකල්ස් අධි රක්ෂිතය හරහා මාර්ගය ඉදිකිරීම නවතා දැමීම හේතුවෙන් ලාල් කාන්ත සහ මහා සිනමාකරු මනුවර්ණ කුපිත වී ඇත. ඒ මී මුරය ගම්මානයේ මිනිසුන්ට විද්‍යාත්මක දියුණුව රැගෙන යාමට නොහැකි බව පවසමිනි.

 

@spartacus.lk

නවතම ලිපි