ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් ඖෂධ නඩුව
රුපියල් මිලියන 144 කට අධික මහජන මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින්
ප්‍රමිතියෙන් තොර ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සැපයීමේ ආන්දෝලනාත්මක නඩු විභාගය යළිත් වරක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණු අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂි ගොනුකිරීමේ බරපතල දුර්වලතා සහ පරස්පරතා රැසක් අධිකරණය හමුවේ නිරාවරණය විය.
ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (02) දිනයේ මෙම නඩුව කැඳවූ අවස්ථාව සනිටුහන් වූයේ, රාජ්‍ය පාර්ශ්වයේ නඩු මෙහෙයවීම සම්බන්ධයෙන් විත්තිය විසින් ප්‍රබල විශ්වාසනීයත්වයේ අර්බුදයක් මතු කිරීමෙනි.

ලේඛන මාරුවීම සහ පැමිණිල්ලේ පසුබෑම
නඩු විභාගය ආරම්භයේදීම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයෙන් සමාව අයදිනු ලැබුවේ, ඊයේ දින ඉදිරිපත් කළ ලේඛනයක් "අත්වැරදීමකින්" මාරු වී ගොනු කර ඇති බව පිළිගනිමිනි. මෙම අත්වැරදීම නිවැරදි කිරීමට ඇය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියාය.
මෙහිදී විත්තියේ නීතිඥවරුන් දැඩි විරෝධයක් මතු කරමින් පෙන්වා දුන්නේ, "පවතින තත්ත්වය අනුව පැමිණිල්ල ඉදිරිපත් කරන ලේඛන ගැන විශ්වාසය තැබිය නොහැකි තැනකට පැමිණ ඇති" බවයි. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ සභාපති විනිසුරුවරයා එම වරද නිවැරදි කර සටහන් කිරීමට නියෝග කළේය.
රජයේ රස පරීක්ෂක වාර්තා සහ නඩු භාණ්ඩ අතර පරස්පරය
පැමිණිල්ලේ දුර්වලතා තවදුරටත් ඉස්මතු වූයේ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා තුනක් (අංක 194, 197 සහ 198) සම්බන්ධයෙන් මතු වූ විරෝධතාවලදීය. චෝදනා පත්‍රයේ පිටුපස සටහන් කර ඇති මෙම වාර්තා අදාළ වන්නේ කුමන නඩු භාණ්ඩවලට ද යන්න නිශ්චිතව දැක්වීමට පැමිණිල්ල අපොහොසත් වී තිබුණි.
පසුව පැමිණිල්ල විසින් අධිකරණයට පහත පරිදි කරුණු නිවැරදි කරන ලදී:
-
අංක 194 වාර්තාව: 2025/12/01 දින ලබාදී ඇති නොතීසියේ 8 වන අයිතමයට (8 වන චූදිත ලබාදුන් බව කියන සැනෙලි ධාවකයට / Flash Drive) පමණක් අදාළ වේ.
-
අංක 197 වාර්තාව: නොතීසියේ 10 වන අයිතමයට (නඩු භාණ්ඩ 73 සහ 74) අදාළ වේ.
-
අංක 198 වාර්තාව: නොතීසියේ 9 වන අයිතමයට (නඩු භාණ්ඩ 110) අදාළ වේ.
අතිශය තීරණාත්මක කරුණ
8 වන චූදිත විසින් ලබාදුන් සැනෙලි ධාවකයට ප්‍රවේශය සෙසු විත්තිකරුවන්ට ලබා දී නොතිබීම මෙහිදී දැඩිව ප්‍රශ්න කෙරුණු අතර, සාක්ෂි ආඥා පනතේ ප්‍රතිපාදන අනුව ඊට අදාළ ප්‍රවේශය සෙසු විත්තිකරුවන්ට ද ලබා දිය යුතු බව විත්තිය අවධාරණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නේ 8 වන චූදිත ඉදිරිපත් කළ අයිතමයට අදාළ අංක 198 දරන රජයේ රස පරීක්ෂක වාර්තාව පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් නොකරන බවයි. මෙය පැමිණිල්ලේ සාක්ෂි ගොනුකිරීමේ දැවැන්ත පසුබෑමක් ලෙස සටහන් වේ.
ඩිජිටල් සාක්ෂි විභාගය සහ 'ප්‍රොන්ටෝ' පද්ධතියේ දත්ත
අනතුරුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් අංශයේ සැකකටයුතු ලේඛන පරීක්ෂක ඩී. ටී. තුඩගමුව මහතාගේ සාක්ෂි මෙහෙයවීම සිදුවිය. ඔහු වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) 'ප්‍රොන්ටෝ' (Pronto) මෘදුකාංග පද්ධතිය, එහි Backup සර්වරය සහ දත්ත නිස්සාරණය කළ ආකාරය පිළිබඳව තාක්ෂණික කරුණු ගෙනහැර දැක්වීය.
-
දත්තවල ආරක්ෂිතභාවය: දත්ත ඇතුළත් කරන්නන්ට ඒවා වෙනස් කිරීමේ හෝ මැකීමේ බලතල නොතිබූ බවත්, තාක්ෂණ අංශයේ නිලධාරීන්ට පවා තිබුණේ දත්ත නිරීක්ෂණය කිරීමේ (View) පහසුකම පමණක් බවත් සාක්ෂිකරු තහවුරු කළේය.
-
නඩු භාණ්ඩ පරීක්ෂාව: HD 219/24 ලෙස නම් කර තිබූ සර්වර පරිගණකය අධිකරණය හමුවේ විවෘත කළ අතර, M1 (බැකප් පරිගණකය), M2 (එහි යතුර), M3 (බාහිර දෘඪ තැටිය) සහ M4 (සීඩී තැටිය) යන නඩු භාණ්ඩවල අනුක්‍රමික අංක (Serial Numbers) සසඳමින් හඳුනාගැනීම සිදු කෙරිණි.
-
ඖෂධ 182 ක දත්ත: මෙම පද්ධතියෙන් නිස්සාරණය කරන ලද SR අංක සහිත ඖෂධ 182 කට අදාළ දෛනික සහ මාසික තොග වාර්තා එක්සෙල් (Excel) ගොනු ලෙස අධිකරණයට ප්‍රදර්ශනය කෙරිණි.
විත්තිකරුවන්ගේ අයිතිවාසිකම් සහ සාධාරණ නඩු විභාගය
ඩිජිටල් තිරය හරහා සාක්ෂි ප්‍රදර්ශනය කිරීමේදී, තිරය තම සේවාදායකයින්ට දර්ශනය නොවන බැවින් ඔවුන්ගෙන් අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගැනීමට නොහැකි බව විත්තියේ නීතිඥවරු අධිකරණයේ අවධානයට යොමු කළහ. සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති මූලික අයිතිය තහවුරු කරමින්, විත්තිකරුවන්ට තිරය පැහැදිලිව පෙනෙන පරිදි අසුන් ගැනීමට විනිසුරු මඩුල්ල වහාම පහසුකම් සලසා දෙන ලදී.
මෙම නඩු දිනය තුළින් මනාව තහවුරු වන්නේ, බහුවිධ විත්තිකරුවන් සිටින සහ සංකීර්ණ ඩිජිටල් සාක්ෂි මත පදනම් වූ මෙවැනි බරපතල මූල්‍ය වංචා නඩුවකදී, පැමිණිල්ලේ ලිඛිත සාක්ෂිවල නිරවද්‍යතාව සහ අඛණ්ඩතාව (Chain of Custody) කෙතරම් තීරණාත්මක ද යන්නයි. ලේඛන මාරුවීම හරහා පැමිණිල්ලට අධිකරණයෙන් සමාව අයදීමට සිදුවීමත්, රස පරීක්ෂක වාර්තාවක් (198) සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමෙන් ඉවත් වීමට සිදුවීමත් මගින් පැමිණිල්ලේ ක්‍රියාවලිය තුළ පවතින අති පරස්පරතා මනාව පිළිඹිබු වේ. නඩුව වැඩිදුර විභාගය සඳහා ජූනි 03 වන දා පෙරවරු 10.00 දක්වා කල් තැබිණි.
නඩු වාර්තාව
2026/06/02
ප්‍රමිතියෙන් තොර ඉමියුනිග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් ඖෂධ නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේ නඩු විභාගය ආරම්භයේ දීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණ්‍ය හමුවේ කරුණු දක්වමින් තමන් ඊයේ (02) ඉදිරිපත් කරන ලද ලේඛනයක් අත්වැරදීමකින් මාරු වී ගොනු කර ඇතැයි ද ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව අයදිමින් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටින බව ද පැවැසුවාය.
ඇයගේ ඉල්ලීම අවසානයේ විත්තියේ නීතිඥවරු කියා සිටියේ පවතින තත්ත්වය අනුව පැමිණිල්ල ඉදිරිපත් කරන ලේඛන ගැන විශ්වාසය තැබිය නොහැකි තැනකට පැමිණ ඇති බවය. දෙපාර්ශවයේ කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් තීරණ්ය කිරීමෙන් පසු සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එම වරද නිවරද කර සටහන් කිරීමට කටයුතු කරන ලෙස නියෝග කළේය.
විනිසුරුවරයා ; රජයේ රස පරික්ෂකවරයා ඉදිරිපත් කරන ලද ලේඛනයක් පිළිබඳ විරා්ධතා මතු වූයේ රස පරික්ෂක වාර්තා තුනක් ඒනම් 197, 198 හා 194 වශෆයන් වූ වාර්තා තුනක් චෝදනා පත්‍රයේ පිටුපස සටහන් කර ඇති වාර්තා කුමන නඩු භාණ්ඩවලට අයත් ද යන්න පැමිණිල්ල විසින් දන්වා නැති බවත් හේතුවෙනි.2025 /12/01 දින ලබාදී ඇති නොතිසියේ 8 වන අයිතමයන් 2 ඡේදය හි සඳහන් කර ඇති 8 චූදිත ලබාදුන් බව කියන සැනෙලි ධාවකයක් සම්බන්ධව ප්‍රකාශය ලබා දී පැමිණිල්ලෙන් කරුණු දැක්වීමේ දී 2025 /12/01 දින සාක්ෂී විධිවිධාන පනතේ 4 වගන්තිය යටතේ ලබාදී ඇති 8 වන අයිතමයට අංක 194 අයත් වන බවත් අංක 9 වශෆයන් දක්වා ඇති කොටසට 198 සහ 10 වශෆයන් දක්වා ඇති කොටසට 197 අදාල වන වත් 197 වාර්තාමේ නඩු භාණ්ඩ සම්බන්ධව 73 හා 74 අයත්වන අතර 198 ට 110 අදාල බවත් සඳහන් කර ඇත.අද දින සාක්ෂි විභාගය ඇරඹෙද්දී පැමිණිල්ල දන්වා ඇත්තේ ඊයේ කරුණු දැක්වීමනිවැරදි කිරීමට අවස්ථාව දෙන ලෙසය.පෙරදින දක්වන කරුණු සම්බන්ධව අධීකරණයෙන් සමාව අයදින ලදී. ප්‍රධාන වශයෙන් 8 වන චූදිත ලබාදුන් සැනෙලි ධාවකයෙන් ප්‍රවේශය ලබානොදුන් සෙසු විත්තිකරුවන් සම්බන්ධයෙන් ද ඊට අදාල ප්‍රවේශය ලබාදිය යුතු බවත්ය.ඒයට ප්‍රවේශ ලබානොදීම හේතුකොට ගෙන සාක්ෂී විභාගය පනතඅනුව පැමිණිල්ල ක්‍රියාත්මකවන බවට කරුණු දක්වන ලදී. මීට අමරතව රජයේ රස පරික්ෂක වරයා සඳහන් කර ඇති අයිතම කුමන නඩු භාණ්ඩවලට අයත් ද යන්න සැක සති බව දෙවන චූදිත වෙනුවෙන් කරුණු දක්වන ලදී.
කෙසේ වෙතත් අද දින කරුණු නිවරද කර ඇත්තේ අංක 194 රජයේ රස පරික්ෂක වාර්තාවට අදාල වන්නේ නොතීසියේ අංක 8 දරන කරුණ පමණක් බවය.
2 ඡේදයේ සඳහන් අංක 198 දරන රජයේ රස පරික්ෂක වාර්තාව අනුව එහි නඩු භාණ්ඩවල වෙනසක් නොමැති
ඒ අනුව මෙහි රජයේ රස පරික්සක වාර්තාවල අංකයන් පෙර දින සඳහන්පකරන ලද අංකයන්ට ව ා ඇති වෙසන්කම වෙනත් කරුණක් ඉදිරිපත් නොකිරීමයි. මෙම අංකයන් නිවාරදි කිරිම විතියට කිසිදු අගතියක් සිදුවන බවට නිගවනය කළ නොහැක. තවද පැමිණිල්ල අද දින සඳහන් කළේ අංක 198 එනම් 8 වන චූදිත ඉදිරිපත් කළ අයිතමය රජජයේ රස පරික්ෂකවරයා පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් නොකරන බවය.
2022 සැප්තැම්බර් 2 සිට 2023 සැප්තැම්බර් 4 අතර කාලය තුළ කොළඹ දී රිටොප්සිමැබ් සහ හියුමන් ඉමියුනොග්ලොබියුලින් යන ඖෂධ ව්‍යාජ ලෙස සකසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදී රුපියල් 144293357. 32 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය සඳහා කුමන්ත්‍රණ කිරීම, එම මුදල් වංක ලෙස සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා 14 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබ ඇත.
මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති ), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් යුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ මෙම නඩුව විභාග වේ.
අයිසොලෙස් බයොටෙක් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු, ඖෂධ සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් දේවශාන්තිනි සොලමන්ස්, වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී මරක්කල මානගේ නිරාන් ධනංජය, එම ඒ්කකයේ තොග පාලක නිලධාරි මහ මදාච්චි වසන්ත කුමාර, ඒවකට හිටපු සෞඛ්‍ය ලේකම් සීමා හේවගේ ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, ඖෂධ සැපයුම් ඒකකයේ වෛද්‍ය නිලධාරි බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත්, ඖෂධ නියාමන හා සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් රත්නායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරඹෙගෙදර තුසිත සුදර්ශන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන පිරිස පිළිවෙලින් විත්තිකරුවන් ලෙස නම් කර තිබේ. අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂක ඒකනායක මුදියන්සේලාගේ. දිනේෂ් තීක්ෂණ උඩංගමුව මහතා මෙසේ පැවසීය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; දත්ත හඳුනා ගැනීමක් යනු කුමක්ද?
සාක්ෂිකරු ; ආවරණ ලිපියක් හරහා පරීක්ෂණයක් ඉල්ලුවොත් අවශ්‍ය දත්ත හඳුනා ගැනීමයි. උදාහරණයක් ලෙස කඩයක මෘදුකාංගයක් ගැන සිතන්න, එහිදී යම් සැකකටයුතු දෙයක් සිදුවී ඇත්නම් තොග දත්ත, ඉන්වොයිස් දත්ත වගේ දත්ත හඳුනා ගන්නවා. ඒවා පද්ධතිය හරහායි හඳුනාගන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වෙනත් ක්‍රමත් තිබෙනවාද?
සාක්ෂිකරු ; ක්‍රියාත්මක සර්වර් එකකින් මෘදුකාංගයක් ගත හැකි නම් පිටපත් කරගන්නවා. නැත්නම් HQL 'ක්වොරි' හරහා ගන්නවා. වඩාත් ප්‍රායෝගික බැකප් සෙරවර් පරිගණකය නඩු භාණ්ඩ ලෙස විද්‍යාගාරයට ගෙන ගොස් පර්යේෂණයට ලක් කිරීමයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; backup server කියන්නේ කුමක්ද?
සාක්ෂිකරු ; මෘදුකාංගයක් ක්‍රියාත්මක වන අවස්ථාවක ප්‍රයිමර් සර්වර් එක අක්‍රිය විය හැකියි. ව්‍යාපාරික කටයුතු නැවතීම වැළැක්වීමට සර්වර් පරිගණකයක් ක්‍රියාත්මක කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සජීවීව යන සර්වරයකට උපකාර ලෙස බැකප් එකක් රන් කරනවා කිව්වොත් හරිද?
සාක්ෂිකරු ; එකඟයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ දෙකේ තොරතුරු එක හා සමානද?
සාක්ෂිකරු ; තොරතුරු ප්‍රමාණය සමානද යන්න සෙවීමට තොරතුරු ඇතුළත් පේලි ගණන ගණන් කර සමානදැයි බැලිය හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; verification එකක් යනුකුමක්ද?
සාක්ෂිකරු ; එකමද සමානද යන්න පරීක්ෂා කරන ක්‍රමයක්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; බැකප් එක පරීක්ෂණාගාරයට ගෙන යාම වඩාත් සුදුසු ඇයි?
සාක්ෂිකරු ; වැඩිදුරටත් කරුණු හැදෑරීමට පරිශ්‍රයට ගොස් දත්ත පරීක්ෂා කරනවාට වඩා පරීක්ෂණාගාරයේදී කාලය අරන් එය පරීක්ෂා කළ හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; backup එකට දත්ත ගෙන එන්නේ කෙසේද?
සාක්ෂිකරු ; විවිධ ආයතන විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම දත්ත ඇතුළත් කරන්නන්ට ඒවා වෙනස් කිරීමේ බලතල තිබේද?
සාක්ෂිකරු ; වෙනස් කිරීමේ හෝ ඉවත් කිරීමේ බලතල දත්ත ඇතුළත් කරන්නන්ට නැහැ. තාක්ෂණ අංශයේ නිලධාරීන්ට පවා දී තිබුණේ දත්ත බැලීමේ පහසුකම පමණයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; HQL කොරියක් හරහා දත්ත උඩුගත කළ හැකිද?
සාක්ෂිකරු ; පුළුවන් මෙම දත්ත පද්ධතියේ පැවැති මන්දගාමී තත්ත්වය නිසා දත්ත උඩුගත කිරීමට පැය පහකට වඩා ගියත් බැරිවුණා. පසුව යටිතල පහසුකම් පරීක්ෂා කර වෛද්‍ය සැපයුම් අංශයේ ලයිට් සර්වර් එකට ගියා. ඒ අනුවයි බැකප් එක හා HQL කොරි මගින් ලයිට් සෙරවර් එකේ පිටපතක් බැකප් සර්වර් එකට යොදා පරීක්ෂා කළේ.
2024/03/4 දිනට අදාලව අපි බැකප් පිටපතක් 2024/03/04 දිනට අදාළව හඳුනා ගත්තා. data server එකේ රෝ කවුන්ට් හා බැකප් එකක් රෝ කවුන්ට් සමාන බව හඳුනා ගත්තා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඉන් පසුවද විද්‍යාගාරයට ගෙන යන්න තීරණය කලේ ?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම පරීක්ෂණයේදී නඩු භාණ්ඩ හතරක් එනම් බැකප් සර්වර්, දෘඪ තැටිය, යතුර හා තවත් එකක් ඉදිරිපත් වෙනවා. මොකක්ද ඒ අනෙක් එක.
සාක්ෂිකරු ; වෛද්‍ය සැපයීම් අංශයේ. බැකප් සෙරවර් ක්‍රියාත්මක කළ යුතු ප්‍රොන්ටෝ මැනුවල් යූසර් එකක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; යතුරක් නඩු භාණ්ඩයක් ලෙස ගත්තාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
දිවා විවේකයෙන් පසුව නඩුව ආරම්භ වූ අවස්ථාවේ 12 වන චූදිත වෙනුවෙන් පෙනී සිටි. නීතිඥවරිය කියා සිටියේ තම සේවාදායකයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෙට දිනයේ ජාතික රෝහලේ සායනයකට යාමට අවසර පතන බවය.
ඊට අවසර ලබා දුන් අධිකරණය දන්වා සිටියේ, ඒ සම්බන්ධ විධිමත් ඉල්ලීමක් හෙට දිනයේ කරන ලෙසය.
සාක්ෂිකරු යළි සාක්ෂි දීම අරඹයි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 297 සංදේශය යටතේ නඩු භාණ්ඩ භාර ගැනීම ගැන සාක්ෂි ලබා දුන්නා. ඔබ 2024/04/08 දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කිව්වද විද්‍යාගාරයට එවන්න කියා. 297 ඒ සංදේශයේ මොනවද තියෙන්නේ?
සාක්ෂිකරු ; M1 ලෙස පෙන්වන්නේ සර්වර පරිගණකයේ M2 එහි යතුරයි. M3 අංශික බාහිර දෘඪ තැටියයි. M4 යනු සීඩී තැටියයි. M3 හි වරදක් දැක නිවැරදි කර ලබා ගත්තා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නඩු භාණ්ඩ භාරගත්තේ කොතනදීද?
සාක්ෂිකරු ; රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අනෙක් විද්‍යාගාරවල නඩු භාණ්ඩ මුද්‍රා තබා බාර ගන්නවා. නමුත් ඩිජිටල් අංශයේ නඩු භාණ්ඩ භාර ගන්නේ අපේ විද්‍යාගාරයට ඒවා රැගෙන එන නිලධාරීන් ඉදිරිපිට මුද්‍රා කඩා පරීක්ෂා කර සංදේශ නිකුත් කිරීමෙනුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2024/04/08 ඔබ පරීක්ෂා කළ නඩු භාණ්ඩවල සීරියල් අංක තිබුනද?
සාක්ෂිකරු ; ඔව් ඕනෑම නඩු භාණ්ඩයක් අප විසින් ගත්තත් පොලිසිය ගත්තත් සීරියල් අංක ඇතිව ගන්නේ. සීරියල් අංක මුද්‍රණ දෝෂ සහිතව ටයිප් කර තිබුණොත් නඩු භාණ්ඩයේ ඇති අංක සහිතව සංදේශය නිකුත් කරනවා. අධිකරණයෙන් ඒවා තිබූ ආවරණ ලිපියේ මුද්‍රණ දෝෂ තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; නඩු භාණ්ඩ ඇසුරින් දත්ත පිටපත් කිරීම ඇරඹුවේ කවදාද?
සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරීන් ලබා දුන් උපදෙස් පරිදි 2024/04/17 න් පසු එය පටන් ගත්තා. ' ක්වරි ' නිර්මාණය කර පිටපත් කරගත් දත්ත කියවා බලා වටහාගත හැකි පරිදි සකසා ගත්තා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඖෂධ 182ක් ගැන ඔබ පරීක්ෂණ පටන් ගත්තා.
සාක්ෂිකරු ; ඩේටා බේස් එකේ තමයි මේවා තිබුනේ. කලින් දිනක වෛද්‍ය සැපයුම් ඒකකයේදී රන් කරන්න හැදුවා. පසුව පරිගණකයක් ඇති තවත් ඒවාද පසුව එක්සෙල් ෆයිල් වලට අප් කලා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; බැකප් පරිගණකය අප්කලා කිව්වේ කුමක්ද?
සාක්ෂිකරු ; දත්ත ලබාගත හැකි පරිදි උසස් කර ගත්තා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මොන තොරතුරුද මහෙස්ත්‍රාත්තුමිය ඔබෙන් ඉල්ලා සිටියේ?
සාක්ෂිකරු ; SR ලෙස හඳුනාගත් අංකයන් හී ඇති ඖෂධ 182ක් ගැන.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මොකක්ද ඒ සඳහා ඔබේ ක්‍රමවේදය?
සාක්ෂිකරු ; අපට එකවර කරන්න බැහැ. වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබුණ හා පිටවුණු තොග * හා - ලෙස එකතු කළ යුතුයි.
HD 219/24 ලෙසින් නම් කරනු ලැබ ඇති වෛද්‍ය සැපයීම ඒකකයේ සර්වර පරිගණකය විනිසුරු මඩුල්ල ඉදිරියේ විවෘත කරන ලදී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; M1 බැකප් පරිගණකයද කියා පරීක්ෂා කිරීමේදී බැලුවද?
සාක්ෂිකරු; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම සීරියල් ලංකය ගැලපුණාද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ප්‍රොන්ටෝ පද්ධතියේ බැකෝ පරිගණකයමද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; M3 දෘඪතැටිය හඳුනාගතත හැකිද?
සාක්ෂිකරු ; සීරියල් ලංකයෙන් හඳුනාගතත හැකියි. කේබලය, යතුර හා සීඩී තැටියද සාක්ෂිකරු විසින් හඳුනාගන්නා ලදී.
පැ 297 I වශයෙන් සීඩී තැටියක අන්තර්ගතව ඇති සාක්ෂිකරු විසින් සකස් කරන ලද වාර්තාව ලැප්ටොප් පරිගණකයක් හරහා අධිකරණයේ සියලු දෙනාට බලා ගත හැකි පරිදි ඩිජිටල් සැපයුම්කරුවන් මත ප්‍රදර්ශනය කරන ලදී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම වාර්තාවේ ඇති ෆයිල් දෙක මොනවාද?
සාක්ෂිකරු ; දෛනික තොග වාර්තාව සහ මාසික තොග වාර්තාව.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පළමු ෆෝල්ඩරයේ ඇති. දෛනික තොග වාර්තාවේ පරීක්ෂණ මොනවාද. ?
මේ අවස්ථාවේ විත්තියේ නීතිඥවරුන් අධිකරණය වෙත කියා සිටියේ. තම සේවාදායකයින්ට ඩිජිටල් තිරය නොපෙනෙන බැවින් ඔවුන්ට තමන් වෙත ඉදිරි උපදෙස් දිය නොහැකි වන බවය. ඒ අනුව චූදිතයන්ට තිරය පෙනෙන ස්ථානයක හිඳ ගැනීමට දීමෙන් පසු යළි නඩු විභාගය ඇරඹිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙහි ටැබ් හතරක් යටතේ දත්ත තිබෙනවා. ඒමොනවාද?
සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් අංශයේ 2022 සැප්තැම්බර් 01 සිට 30 දක්වා දෛනික තොගය (1), එම කාලයට අදාලව ආයතනිකව තිබූ තොගය (2), වෛද්‍ය සැපයීම් අංශයේ ආයතනිකව තිබූ තොගය ( ජාතික තොගය) (3) සහ ආරක්ෂාකාරී පියවරක් ලෙස පරිගණක දෝෂ මතුවීම වැළැක්වීමට ටැබ් එකක්.
තවදුරටත් එකී ටැබ් හතර පිළිබඳ සාක්ෂි ලබාගත් අතර හෙට (03) පෙරවරු 10 දක්වා නඩුව කල් තැබිණි.


