SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

රුපියල් කෝටි 14කට අධික මහජන මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින්, ව්‍යාජ ප්‍රතිශක්තීකරණ

ඖෂධ (IVIG) රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව, හුදු මූල්‍ය වංචාවකට එහා ගිය ඛේදවාචකයකි.

 

පසුගිය 20 වනදා අධිකරණයේ දිගහැරුණු සාක්ෂි විභාගය, ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ සහ සෞඛ්‍ය පරිපාලන පද්ධතියේ පවතින අතිශය දුර්වල, වගකීම් විරහිත සහ දූෂිත ක්‍රියාකලාපය නිරුවත් කළේය.

 

 

විත්තියේ හරස් ප්‍රශ්න, පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ තියුණු ප්‍රශ්න කිරීම් සහ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විරාජ් වීරසූරිය ගේ තාර්කික මැදිහත්වීම් හරහා හෙළි වූයේ, ඖෂධ නියාමනය යනු හුදෙක් කඩදාසිවලට සහ වෙබ් අඩවිවලට පමණක් සීමා වූ මායාවක් බවයි.

 

NMRA issues guidelines to pharmacies | Daily News

 

"රෝගියා මළ පසු පරීක්ෂාවට ලැබ් එකක් ඕන නැහැ නේද?"

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ දෝන දීපිකා බුලත්සිංහලගෙන් සාක්ෂි විමසීමේදී, ආයතනික පරිපාලනයේ බිඳවැටීම මනාව ස්ඵුට විය. සේවකයින් 40ක් සිටිය යුතු තැන වැඩ කර ඇත්තේ 11 දෙනෙකු පමණි. ඖෂධයක ප්‍රමිතිය පරීක්ෂා කර ඇත්තේ රෝගීන් මියගිය පසුව හෝ අසාත්මිකතා වාර්තා වූ පසුව පමණක් බව අධිකරණයේදී තහවුරු විය.

 

විනිසුරුවරයා සහ සාක්ෂිකාරිය අතර වූ පහත සංවාදය සෞඛ්‍ය පද්ධතියේ ඛේදවාචකය මනාව සාරාංශ කරයි.

 

විනිසුරු විරාජ් වීරසූරිය:

සාම්පල් පරීක්ෂාව සිදුවුණේ රෝගීන් මියගිය පසුව බව කියැවුණා. ඒක හරිද?

සාක්ෂිකාරිය (NMRA වැඩබලන ප්‍රධාන විධායක):

එහෙමත් වුණා... ඒ දවස්වල ඖෂධ වල තත්ත්වය ගැන බොහෝ ප්‍රශ්න තිබුණා.

විනිසුරු:

රෝගියා මල පසු පරීක්ෂාවට ලැබ් එකක් ඕන නැහැ නේද?

සාක්ෂිකාරිය:

ඔව් ස්වාමීනි.

විනිසුරු:

නිකවැරටිය, රාගම, කරවනැල්ල, ගම්පහ රෝහල්වලත් මරණ වාර්තා වෙලා. ඒ මරණ වෙන්න පෙර පරීක්ෂා නොකළෙ ඇයි?

සාක්ෂිකාරිය:

අපි පරීක්ෂා කළා. අසාත්මිකතාවක් වෙලා නැහැ. මේක ඖෂධය මගින්ම ඇති කළ අසාත්මිකතාවක්.

විනිසුරු:

වෙබ් සයිට් එකේ මවන ප්‍රතිරූපය හා ඔබ කියන තත්ත්වය අතර විශාල පරතරයක් තිබෙන බවට ජනතාව දැනුවත් කරනවද?

සාක්ෂිකාරිය:

මම හිතන්නෙ නෑ.

 

 

මෙම සංවාදයෙන් ඔප්පු වන්නේ, ඖෂධවල තත්ත්ව පාලනය (NMLQR) මුළුමනින්ම අඩපණව තිබියදීත්, අදාළ අංශ ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකර ව්‍යාජ ප්‍රතිරූපයක් නඩත්තු කර ඇති බවයි. සේවක හිඟය පලිහක් කරගනිමින්, ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝගීන්ගේ ශරීරගත වීමට ඉඩ හැරීම පරිපාලනමය මිනීමැරුමක් හා සමානය.

 

National Medicines Regulatory Authority - NMRA | Colombo

 

 

වගකීමෙන් පැන යාමේ නිලධාරිවාදය

12 වන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂාන් ද අල්විස් සහ සාක්ෂිකාරිය අතර වූ හරස් ප්‍රශ්න ඇසීමේදී, තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ නිලධාරීන් එකිනෙකා මත වගකීම පටවමින් ඇඟ බේරාගැනීමට උත්සාහ කරන ආකාරය පැහැදිලි විය.

 

නීතිඥ:

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් withdraw කරන්න තීරණය කළේ සෆ්රෙක්ස් (SAFREx) කමිටුවේ තීරණය මතද?

සාක්ෂිකාරිය:

NMRA තීරණය මත.

නීතිඥ:

මම අහන්නේ, සෆ්රෙක්ස් තීරණයක්ද කියලා.

සාක්ෂිකාරිය:

ඒක මට කියන්න ලේඛන වලින් බැලිය යුතුයි.

 

 

ඖෂධයක් ඉවත් කිරීමේ තීරණාත්මක මොහොතකදී පවා, පැහැදිලි සන්නිවේදනයක් හෝ වගකීම භාරගැනීමක් නොමැති වීමෙන් පෙනී යන්නේ ආයතනික ව්‍යුහය අන්ත දූෂිත ජාලයකට පහසුකම් සපයන ලෙස හැඩගැසී ඇති බවයි. බාල ඖෂධ තොග ඉවත් කරන ලෙස MSMI සහ ස්වස්ථ (Swastha) පද්ධති හරහා දැනුම් දුන්නද, ඒ වන විටත් රෝගීන් එම ඖෂධවලින් පීඩා විඳ අවසන්ය.

 

 

TMDA | Unregistered Products

 

වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂිය: ලියාපදිංචියක් නැති ඖෂධ රෝහල්වලට රිංගුවෙ කෙසේද?

නඩුවේ තීරණාත්මකම සාක්ෂියක් ලබා දුන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) හිටපු අධ්‍යක්ෂ සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ ඔහු ලබාදුන් සාක්ෂිය, මෙම වංචාව කෙතරම් මාරාන්තිකද යන්න තාර්කිකව ගෙනහැර දක්වයි.

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:

සාමාන්‍යයෙන් ලබා දෙන IGG වලින් ලබා ගන්නා ප්ලාස්මාව නිරෝගී බව සනාථ කරගන්නේ කෙසේ ද?

සාක්ෂිකරු (විශේෂඥ වෛද්‍ය):

රුධිරය ගන්නේ කලෙක්ටින් සෙන්ටර් වලදී. ගන්න කොට පරීක්ෂා කළ යුතුයි. IVIG වල කිසිදු ප්‍රශ්නයක් නැති බව සනාථ විය යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:

මුලින්ම ඒක ලියාපදිංචි එකක්ද කියලා හෙව්වේ ඇයි? (මාතලේ සහ මහනුවර රෝහල්වලින් අසාත්මිකතා වාර්තා වූ පසු)

 සාක්ෂිකරු:

ලියාපදිංචිය තිබුණ නම් ප්‍රමිතිය තියෙනවානේ... ලියාපදිංචිය නැති බව වාර්තා වුණා.

 

 

රුධිරයෙන් නිපදවන, අතිශය සංවේදී සහ නිශ්චිත උෂ්ණත්වයක් යටතේ ගබඩා කළ යුතු ජීවිතාරක්ෂක ඖෂධයක්, කිසිදු ලියාපදිංචියක් නොමැතිව "Live Health Bio Pharma" වැනි සමාගම් හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට (MSD) ඇතුළු වූයේ කෙසේද යන්න මෙහි පවතින ප්‍රධානතම ගැටලුවයි. විශේෂඥ වෛද්‍යවරයා පැහැදිලි කරන පරිදි, මෙම ඖෂධය ලබාදෙන්නේ ප්‍රතිශක්තිය මුළුමනින්ම බිඳවැටුණු, මාරාන්තික රෝග තත්ත්වයන්හි පසුවන රෝගීන්ටය. එවැනි රෝගීන්ට ප්‍රමිතියෙන් තොර, ලියාපදිංචි නොකළ ඖෂධ ලබාදීම අපරාධයකි.

 

 

Human Normal Immunoglobulin 5% IVIG Manufacturer & Supplier

මෙම නඩු වාර්තාව හුදෙක් කෝටි 14ක වංචාවක් පිළිබඳ ලියැවුණු ලියවිල්ලක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය සහ සෞඛ්‍ය පරිපාලනය ග්‍රහණයට ගෙන ඇති දූෂිත ටෙන්ඩර් මාෆියාවේ සහ නිලධාරීවාදයේ නිරුවත සනිටුහන් කරන ඓතිහාසික ලේඛනයකි. පරීක්ෂණ උපකරණ වල ප්‍රමිතිකරණ සහතික නැති, අනුමත කාර්ය මණ්ඩලය නැති, නමුත් මාධ්‍ය නිවේදන හරහා පමණක් වැඩ පෙන්වන ඖෂධ නියාමන අධිකාරියක් රටකට අවශ්‍ය නැත.

 

 

තීරණ ගැනීමේදී වගකීමෙන් පලා යන නිලධාරීන් සහ රාජ්‍ය යාන්ත්‍රණයේ සිදුරු භාවිතා කරමින් රෝගීන්ගේ ජීවිත මතින් මූල්‍ය ලාභ ලබන දේශපාලන-ව්‍යාපාරික ජාලය මුළුමනින්ම විවෘත අධිකරණයේදී දැන් නිරාවරණය වී ඇත. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සෞඛ්‍ය පද්ධතිය තුළ රෝගියෙකුගේ ජීවිතයට ඇති වටිනාකම කෙතරම් බාල වී ඇත්ද යන්න මෙම තාර්කික හරස් ප්‍රශ්න කිරීම් මගින් තවදුරටත් සැඟවිය නොහැකි ලෙස සමාජගත වී තිබේ.

 

Immune Globulin Injection: What You Need To Know

 

නඩු වාර්තාව

2026/08/20

 

ව්‍යාජ ලෙස සකසන ලද ඖෂධ තොගයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් කෝටි 14 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි කියා. චෝදනාව ඇතුළු චෝදනා 14 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයින් දොළොස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව ඊයේ (20) යළි විභාගයට ගැනිණි.

සාක්ෂි සඳහා කැඳවා තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ඖෂධ විශ්ලේෂක වරියක වන දෝන දීපිකා බුලත්සිංහල විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන්නාය.

දොලොස්වන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂාන්ද අල්විස්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය මෙසේ කීවාය

නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් withdraw  කරන්න   තීරණය කළේ එෆ්රෙක්ස් කමිටුවේ තීරණය මතද?

සාක්ෂිකාරිය ; NMRA තීරණය මත

නීතිඥ ; මම අහන්නේ,  සෆ්රෙක්ස්  තීරණයක්ද කියලා.

සාක්ෂිකාරිය ; ඒක මට කියන්න ලේඛන වලින් බැලිය යුතුයි.

නීතිඥ ; සෆ්රෙක්ස්  කමිටුවේ පළමු රෙකමන්ඩේසන් එක මොකක්ද? ( ලිපියක් පෙන්වයි)

සාක්ෂිකාරිය ; ඖෂධය withdraw  කිරීම

නීතිඥ ; 2V 54 ඊමේල් පණිවිඩය ඔබටත් ආවානේ

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඊට පහළින් තිබෙන MSMI පද්ධතියේ දැනුම් ගැන සාක්ෂියක් දුන්නා නේද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ස්වාස්ථා පද්ධතියෙත් ප්‍රසිද්ධ කරන්න කීවා.

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඒ කියන්නේ MSD එකෙනුත් දැනුවත් කර තියෙනවා

විනිසුරු විරාජ් වීරසූරිය ; ඔබ කීවා අවශ්‍ය නම් රෝහල්වලට ගොස් පරීක්ෂා කළ හැකි බව

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී, නමුත් අපට කාර්ය මණ්ඩල හිඟයක් තිබුණා. 40 ගණනක කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වුණත් හිටියේ අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඇතුළු 11 දෙනයි. අපට රජයේ රෝහල්වලින් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබුණා. විශේෂ දැනුම් දීමක් කරලා තිබුණා නම් පර්යේෂණ කරන්න තිබුණා. එහෙම වුනා නම් අපි ඒ වෙනුවෙන් යනවා.

විනිසුරු ; මාධ්‍ය නිවේදනයක තුන පිටුවේ තියෙනවා. ඖෂධ සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් පරීක්ෂා කොට මැදිහත් වෙනවා කියලා.

සාක්ෂිකාරිය ; රසායනාගාර පරීක්ෂණ හෝ ලිපිගොනු මත පරීක්ෂා කරනවා . මේ පනතේ වගන්ති අනුව මාධ්‍ය නිවේදනය ලියලා තියෙන්නේ.

විනිසුරු ; NMRA එකට රසායනාගාරය හරහා ගිහින් පරීක්‍ෂණ කරන්න පුළුවන් කියලා මේකේ නැහැ. 

සාක්ෂිකාරිය ; මෙතන කියැවෙන්නේ නැහැ ස්වාමීනි. ඖෂධ සම්බන්ධව රසායනාගාර පරීක්ෂණ කර තිබෙන බව සඳහන්.

විනිසුරු ; සේවක හිඟය ගැන දෙවතාවක් සඳහන් කළා

ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරද්දී රසායනාගාරයේ 11 දෙනෙක් හිටි බව කිව්වෙ කොයි කාලෙද?

සාක්ෂිකාරිය ; 2023 අග භාගයේ සිට NMRA එකට 2015 දි තත්ත්ව පාලන රසායනාගාරය අනුයුක්ත කළා. ඒ වෙලාවේ විශ්‍රාම යන්න කැමති අයට අවස්ථාව දුන්නා. සමහරු විශ්‍රාම ගියා. තවත් අය ඉවත් වුණා. එහිදී ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයන් හතක් ඉවත් වුණා. අනතුරුව විශ්ලේෂකයන් හය දෙනා හා ඖෂධවේදීන් හිටියේ. ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෝ. මේ රසායනාගාරයට බඳවා ගැනීම් අනුමත වී තිබුණේ නැහැ. මේක අර්ධ රාජ්‍ය ආයතනයක්. ඒ නිසා රාජ්‍ය සේවකයන් වූ අමාත්‍යංශයේ පිරිස් රෝහල්වලට මාරුවී ගියා.

ඒ අනුව 2023 හිටියේ අධ්‍යක්ෂ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමඟ එකොළොස් දෙනයි.

විනිසුරු ; සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ රසායනාගාරයේ කීදෙනෙක් හිටියද?

සාක්ෂිකාරිය ; එහි කාඩර් එක 26යි. 13 දෙනෙකු හිටියා. සමස්ත කාර්ය මණ්ඩලය හතළිහක් පමණ හිටියා.

විනිසුරු ; ඔබ බාරගනිද්දී කී දෙනෙක් හිටියද?

සාක්ෂිකාරිය ; 2019 මුලදී 19 දෙනයි.

විනිසුරු ; ඔබ බාර ගනිද්දි, තත්ත්වය දැනගෙන හිටියා.

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

විනිසුරු ; සාම්පල් පරීක්ෂාව සිදුවුණේ. රෝගීන් මියගිය පසුව බව කියැවුණා. ඒක හරිද?

සාක්ෂිකාරිය ; එහෙමත් වුණා. 2023 මැයි වෙද්දි සාම්පල් 241ක් තිබුණා. ජුනි වෙද්දි 227ක් තිබුණා. ඒ දවස්වල ඖෂධ වල තත්ත්වය ගැන බොහෝ ප්‍රශ්න තිබුණා. ඒ නිසාම පොඩි වෙනසක් වුණත් පැමිණිලි කරන තත්වයක් තිබුණා.

විනිසුරු ; NMRA මුඛ්‍ය පරමාර්ථය කුමක්ද. ප්‍රත්‍යක්ෂ තරගකාරී ඖෂධ ජනතාවට දැරීමට හැකි මිලකට ලබාදීම නේද?

සාක්ෂිකාරිය; ඔව් ස්වාමීනි

විනිසුරු ; ඇයි NMRA පනත යටතේ මෙවැනි ලැබ් එකක් පිහිටුවන්නේ?

සාක්ෂිකාරිය ; සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ ලැබ් එක අනුයුක්ත කළා ස්වාමීනි.

විනිසුරු ; ඒ කටයුතු පනතට පමණක් සීමා වුණා

සාක්ෂිකාරිය ; අපි ටික දෙනා වුනත් හැකි තරම් උත්සාහයෙන් අපි වැඩ කළා.

විනිසුරු ; පනතේ තිබුණු අරමුණ රසායනාගාරයෙන් ඉටුවුණේ නැහැ.

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

විනිසුරු ; රෝගියා මල පසු පරීක්ෂාවට ලැබ් එකක් ඕන නැහැ නේද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

විනිසුරු ; කවුරු හරි එහෙම කරන්න කිව්වද?

සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි, මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිටියදී අපි රෝහල්වලට පවා ගිහින් පරීක්ෂා කළා. නමුත් කාර්ය මණ්ඩල හිඟය නිසා හොඳට ගයිඩ් ලයින් තිබුණෙ නැහැ.

විනිසුරු ; NMLQR පටන් ගනිද්දි මේ තත්ත්වය තිබුණා නේද? සේවක අඩුව කිය කියා හිටියේ ඇයි?

සාක්ෂිකාරිය ; රසායනාගාරයට සේවකයන් බඳවා ගන්න බැහැ. බඳවා ගත යුතු NMRA එකටයි. අපි ඒ ගැන නිතර දැනුම් දුන්නා

විනිසුරු ; පුරප්පාඩු පිරෙව්වේ නැද්ද?

සාක්ෂිකාරිය ; හිටපු අය තමයි දිගටම කටයුතු කළේ. 2023 වනතුරුත් රසායනාගාරයට සේවක සංඛ්‍යාව අනුමත වෙලා තිබුනේ  නැහැ.

විනිසුරු ; මේ ගැන අදාළ අංශවලට කිව්වේ නැද්ද? මිනිස්සු මැරුණමයි පරීක්ෂා කරන්න වෙන්නේ කියලා.

සාක්ෂිකාරිය ; මම පමණක් නෙවෙයි. මට පෙර සිටි අධ්‍යක්ෂවරුත් කිව්වා.

විනිසුරු ; එහෙම තියෙද්දි ඔබ වැඩ බලන  අධ්‍යක්ෂකම භාරගත්තා.

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි, මම වගකීමක් ලෙස සිතා භාරගත්තා.

විනිසුරු ; NMRA , NMAQL පරමාර්ථ ඉටුවුණා කියලද හිතන්නේ

සාක්ෂිකාරිය ; ඉටු වුණේ නැහැ කියා සිතනවා

විනිසුරු ; ඒ පරමාර්ථ ප්‍රසිද්ධියට පත් කරනවද?

සාක්ෂිකාරිය ; ඔව් වෙබ් සයිට් එකේ ප්‍රසිද්ධ කරනවා.

විනිසුරු ; වෙබ් සයිට් එකේ මවන ප්‍රතිරූපය හා ඔබ කියන තත්ත්වය අතර විශාල පරතරයක් තිබෙන බවට ජනතාව දැනුවත් කරනවද?

සාක්ෂිකාරිය ; මම හිතන්නෙ නෑ

විනිසුරු ; NMRA එකේ මහාචාර්ය එස්.ඩී. ජයරත්න මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා නේද? ඒ මාධ්‍ය නිවේදනයේ ඖෂධ පහක් ගැන විස්තර කෙරෙනවා.

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

විනිසුරු ; පෙඩ්‍රිසිලෝන් අක්ෂි ද්‍රාවණය එකක්

සාක්ෂිකාරිය ; ඔව්

විනිසුරු ; ඔබට ඉදිරිපත් කළ 409 ලේඛනයේ 2023/12/09 දක්වි පැමිණිලි පමණයි තියෙන්නේ.

සාක්ෂිකාරිය ; දීල තියෙන්නේ් ඒ ටික විතරයි.

විනිසුරු ; මේ හදිසි අවස්ථා සඳහා ගෙන්වූ ඖෂධ නේද?

සාක්ෂිකාරිය ; කොඇමොක්සිලෝව්, එන්නත ගැන නිතර අසත්මිකතා වාර්තා වුණා. පෙඩ්‍රිසිලෝන් අක්ෂි ද්‍රාවණය අපට ලැබිලා තිබුණේ නැහැ. ලද වහා අපි පරීක්ෂාව ඇරඹුවා.

විනිසුරු ; 2023 ජූලි වලට පෙර පැමිණිලි ආවද?

සාක්ෂිකාරිය ; ඔව්

විනිසුරු ; නිකවැරටිය, රාගම, කරවනැල්ල, ගම්පහ රෝහල්වලත් මරණ වාර්තා වෙලා. ඒ මරණ වෙන්න පෙර පරීක්ෂා නොකළෙ ඇයි?

සාක්ෂිකාරිය ; අපි පරීක්ෂා කළා. අසාත්මිකතාවක් වෙලා නැහැ. මේක ඖෂධය මගින්ම ඇති කළ අසාත්මිකතාවක්.

විනිසුරු ; NMQLR හි පරීක්ෂා කළ බව හා දෝෂ නැති බව මේ ලිපියේ සඳහන්ව නෑ නේද?

සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී

විනිසුරු ; බුපිටකේන් ඖෂධය ගැන මීට පෙර ප්‍රශ්න ඇතිවුණාද?

සාක්ෂිකාරිය ; මාතා මරණ සිදු වුනා. පේරාදෙණිය ශික්ෂන රෝහලේ ගැබිණි මවක්  මිය ගියා

විනිසුරු ; පෙඩ්‍රිසිලෝන් එන්නතෙන් ප්‍රශ්න වුණ බව මතකද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

විනිසුරු ; ඊට පෙර ඒ ගැන පැමිණිලි ලැබුණද?

සාක්ෂිකාරිය ; මතකයේ හැටියට නැහැ

විනිසුරු ; NMQLR පරීක්ෂණ පවත්වාගෙන ගියා නම් මේ මරණ වලක්වන්න තිබුනා කියා හිතෙන්නේ නැද්ද?

සාක්ෂිකාරිය ; හිතෙනවා ස්වාමීනී.

විනිසුරු ; එම ඖෂධය භාවිතයෙන් ගැබිනියක මිය යන විට රෝහල්වල එය කොපමණ භාවිතා කර තිබුණාද?

සාක්ෂිකාරිය ; ඒ ගැන මට දැනුමක් නැහැ.

පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම විසින් සිදු කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ; සෆ්රෙක්ස් ඖෂධ කමිටුව කවදා හෝ තීරණයක් ගත්තද  ලයිව් හෙල්ත් බයෝෆාමා අත්හිටුවන්න.

සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි ඇත්තේ කාගේ ඒවා අත්හිටුවන්නද?

සාක්ෂිකාරිය; ලයිව් හෙල්ත් බයෝ ෆාමා  පුද්ගලික සමාගමේ නිෂ්පාදන අත්හිටුවන්න.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2023 සැප්තැම්බර් 20 ලයිව් හෙල්ත් බයෝ ෆාමා

අත්හිටුවන්න තීරණය කරද්දි 12 වන චූදිත කමිටුවේ හිටියද?

 සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඖෂධය නැවැත්වූ පසුවත් රජයේ රෝහල්වලට යාමේ වගකීම බාරගත යුතු කවුද?

සාක්ෂිකාරිය ; MSD අධ්‍යක්‍ෂ

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම ලිපිය අනුව බාල ඖෂධ වල ප්‍රතිඵල විඳින්නේ කවුද?

සාක්ෂිකාරිය ; රෝගීන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 1V 28 ලිපියෙන් හතර සිට පහ දක්වා කාරණා තුළින් මේ ඖෂධ භාවිතා කළොත් වගකීම කාටද කියල පැහැදිලිවම කියා තිබෙනවා නේද? එසේ ක්‍රියා නොකළොත් එහි ප්‍රතිවිපාකවලටත් ඔහු වගකිවයුතු බව සඳහන්.

සාක්ෂිකාරිය ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; දෙවන චූදිතට වගකීම් පවරා තිබේද?

සාක්ෂිකාරිය ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2023/10/05 භාවිතයෙන් ඉවත් කර ඇත්තේ කුමන සමාගමක ඖෂධ ද?

සාක්ෂිකාරිය ; ලයිව් හෙල්ත් බයො ෆාමසුටිකල්ස්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සෆ්රෙක්ස් කමිටුව තීරණයකින් NMRA තීරණය කළා කියලා තිබුණද ?

සාක්ෂිකාරිය ; නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 407 ට අනුව සියලු නිෂ්පාදන ඉවත් කරන්න කවුද තීරණය කළේ?

සාක්ෂිකාරිය ; NMRA

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ව්‍යාජ ඖෂධයක් කියා සොයා ගත්තේ කවුද?

සාක්ෂිකාරිය ; NMRA

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; NMRA කුමක්ද කියා තිබෙන්නේ?

සාක්ෂිකාරිය ; අයිසොලෙස් බයෝ ෆාමා හි සියලු නිෂ්පාදන ඉවත් කරන්න

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ විශ්‍රාම ගත් පසු NMRA මේ ගැන කුමක්ද කළේ?

සාක්ෂිකාරිය  ; දන්නේ නැහැ ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අත්හිට වූ ඖෂධයට කුමක්ද කළේ කියා දන්නවද?

සාක්ෂිකාරිය ; නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ පරීක්ෂණ සඳහා පාවිච්චි කළ උපකරණවලට ප්‍රතීතකරන සහතික නැහැ නේද කියා විමසුවා නේද?

සාක්ෂිකාරිය ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; උපකරණ තත්කාලීනව Validity  කර නැහැ නේද කියලත් ඇහුවා.

සාක්ෂිකාරිය ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ කිව්වා ඔබලා කන්ට්‍රෝලර් පාවිච්චි කළා කියලා.

සාක්ෂිකාරිය ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ ආයතනයෙන් සාම්පලවලට data logger තියෙනවද?

සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී. සාම්පලවල නිසි උෂ්ණත්වය රැකගෙන රැගෙන ඒම වගකීමක්. සාම්පල් එවද්දි එවන ලිපියේ ගබඩා උෂ්ණත්වය සඳහන් කරනවා. ඒ තත්ත්වයෙන් නොඑන සාම්පල අපි භාර ගන්නේ නැහැ.

සභාපති විනිසුරුවරයා ; සෙල්සියස් 100 ට වඩා වැඩි වුණොත් ශුද්‍ර ජීවීන් මැරෙන්න පුළුවන් කිව්ව නේද?

සාක්ෂිකාරිය ; ඔව්

විනිසුරු ; ඔබ පරීක්ෂා කළ සාම්පල ජීවානු හරණය කළ නිෂ්පාදන බව සඳහන් කර තිබුණා නේද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

විනිසුරු ; ඔබේ පරීක්ෂණයේදී, ශුද්‍ර ජීවීන් සොයා ගත්තොත් ඒවා ඇතුල් වුණේ මොන අවස්ථාවේදී විය යුතුද?

සාක්ෂිකාරිය ; නිෂ්පාදන අවස්ථාවේ විය යුතුයි.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රතිශක්තිය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීවද සිල්වා සාක්‍ෂි සඳහා කැඳවනු ලැබීය.   

තම අධ්‍යාපන සුදුසුකම් වෘත්තීය සුදුසුකම් හා පලපුරුද්ද පිළිබඳව විස්තර කිරීමෙන් පසු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් වෛද්‍ය රජීවද සිල්වා මෙසේේ කීය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කෙනෙකුගේ ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිදේහ නොසෑදුනොත් මොකද වෙන්නේ?

සාක්ෂිකරු ; සමහරුන්ට ප්‍රතිදේහ හදන සෛල නැහැ. තවත් අයට ප්‍රතිදේහ හදන සෛල තිබුනත්  ප්‍රතිදේහ හදන්නේ නැහැ. සමහර බැක්ටීරියා, වෛරස් ශරීරගත වුනාම එහෙමයි.  මට හමුවෙලා තියෙනවා. ප්‍රතිශක්ති පද්ධතිය වැඩ නොකරන නිසා පෙනහළු නරක් වුණ අය. මෙනින්ජයිටීස් වගේ රෝගත් හැදෙන්න පුළුවන්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එවැනි රෝගීන්ගේ, ජීවිතාරක්ෂා වෙනුවෙන් වෛද්‍යවරු, නිර්දේශ දෙනවද?

සාක්ෂිකරු ; ඔව් ප්‍රතිකාර පටන් ගන්න කලින් පෙනහලු පරීක්ෂා කරනවා. ඒ වගේම IVIG දෙන්න ඕන. සුමාන හතරක් IGG ලෙවල් එක බැලිය යුතුයි. අඛණ්ඩව එවැනි අයට ජීවිත කාලය පුරාම ප්‍රතිදේහ දෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ප්‍රතිදේහ දෙන්නේ විෂබීජවලට එරෙහිව සටන් කරන්න. IVIG කියන්නේ එහෙම දෙන දෙයක්ද?

සාක්ෂිකරු ; ඔව් ඉන්ටර් වේනස් ඉමියුනෝග්ලොබියුලීන්. ඒවාට පුළුවන් බාල පෙනහළු ඇතුළු ශරීරයම බේරගන්න

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; IVIG මගින් ලබා දෙන ඖෂධ  IGG

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; රෝගියෙකුට IVIG කොපමණ දෙනවද?

සාක්ෂිකරු ; ශරීර බර අනුව දෙන්නේ. කිලෝ 10 කට ග්‍රෑම් හතරයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; IGG ලබාදීමේදී ඒවා ප්‍රමිති  ගත විය යුතුද?

සාක්ෂිකරු ; අනිවාර්යයෙන්ම. සමහර විෂබීජ මර්ධනය කරන්න බැහැ. ඉමියුනෝග්ලොබියුලීන් නැතිව. රෝගියාට මාරාන්තික රෝග ඇතිවිය හැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ප්‍රෝටීනය ගන්නේ කොහෙන්ද?

සාක්ෂිකරු ; රුධිරය එකතු කරන තැන්වලින් නිරෝගී පුද්ගලයන් 1000 - 10000ත් අතර පිරිසකගෙන් ගන්නා රුධිරයෙන් IGG එක ලොට් එකක් හදනවා. ඒ සඳහා hiv , හෙපටයිටිස් බී , සී වැනි සෛල සහිත රුධිරය ලබාගත යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; සාමාන්‍යයෙන් ලබා දෙන IGG වලින් ලබා ගන්නා ප්ලාස්මාව නිරෝගී බව සනාථ කරගන්නේ කෙසේ ද?

සාක්ෂිකරු ; රුධිරය ගන්නේ කෙලෙක්ටින් සෙන්ටර් වලදී. ගන්න කොට පරීක්ෂා කළ යුතුයි. IVIG වල කිසිදු ප්‍රශ්නයක් නැති බව සනාථ විය යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; GMP තියෙන තැනකින් ගත යුතුයි නේද.?

සාක්ෂිකරු ; ඔව් මම ගොනු අධ්‍යයනය කර තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ලියාපදිංචියේ නැති සැපයුම්කරුවෙකුගෙන්IVIG ලබා ගැනීමේ දී සංකූලතා වාර්තා වෙනවා.

සාක්ෂිකරු ; වෛද්‍යවරු, ලෙඩා සමග ලියුමක් එවනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ නිර්දේශ මත ගෙනෙන අවස්ථාවලත් සිදුවන දේ වාර්තා කරනවද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ප්‍රශ්න අරන් එනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙය රුධිරවාහිනීවලට දෙන ඖෂධයක්. එය ගබඩා කළ යුතු පරිසාධක මට්ටම කොපමණද?

සාක්ෂිකරු ; සෙල්සියස් අංශක 2-8 අතර තිබිය යුතුයි. එවැනි උෂ්ණත්වයක ඇති, ඖෂධය එකවර රෝගීන්ට දෙන්න බැහැ. එළියට ගනිද්දි සීතලයි. එය කාමර උෂ්ණත්වයේ ටික ටික drip  එකක් ලෙස දෙනවා.  අඩු වේගයකින් අරඹා වැඩි කරනවා. සමහර විට පැය හයක් විතර යනවා එකක් දෙන්න. දිය යුතු රේට් එක කියන්නේ නිෂ්පාදකයා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; IVIG හි ඇති IGG ප්‍රෝටීනයට රෝගියා සංකූලතා දැක්විය හැකිද?

සාක්ෂිකරු ; කලාතුරකින්, ප්‍රතිශක්ති ඌනතා ඇත්නම් එසේ විය හැකි. දෙවැනි කාරණය අසාත්මික වෙනවනම් රෝගියාගේ සෛල වර්ග තුනකින් එන්න පුළුවන්. මාස්සෙල් වලින් macrofaed වලින්. එහිදී දහයකට එකක් පමණ තමයි එවැනි ප්‍රතිදේහ තියෙන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; රෝග ලක්ෂණවලින් ADR කිව හැකිද?

සාක්ෂිකරු ;  බැහැ. IVIG දීල අසාත්මිකතා හැදෙන අය හිටියා. මේ වගේ අයට සංකීර්ණ පර්යේෂණ කරන්න බැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ සිද්ධියට අදාල කාල වකවානුවේ ඔබ MRI සේවය කළාද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ කිව්වා නිවැරදි IVIG ලබා දෙද්දි ADR සීමා සහිතයි කියා

සාක්ෂිකරු ; යම් සැලකිය යුතු මට්ටමකින්, මට වාර්තා වුණා. මාතලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අලුත් IVIG දීලා රෝගියාගේ රුධිර පීඩනය වැටුණා කියලා. වෙන වාට්ටුවක ලෙඩෙකුට දුන්නමත් එහෙම වුනාලු.  තව නුවර රෝහලේ ප්‍රතිශක්ති ඌනතා ලෙඩෙකුත් මගේ MO ට කතා කරලා කිව්වා අලුත් IVIG  එකක් දුන්නා ඒකෙන් උණ ආවා කියලා. ඔහු ෆොටෝ එකකුත් whatsapp කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ අනුව එම ඖෂධයම දැක්කද ?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ එහිදී සූදානම් වුණේ කුමක් සඳහාද?

සාක්ෂිකරු ; බරපතළ අසාත්මිකතා පිළිබඳව. මම හෙව්වා IVIG එක ලියාපදිංචි සමාගමකද කියලා. නැහැ කියා දැනගත්තා. මම ඒක නැවැත්තුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මුලින්ම ඒක ලියාපදිංචි එකක්ද කියලා හෙව්වේ ඇයි?

සාක්ෂිකරු ; ලියාපදිංචිය තිබුණ නම් ප්‍රමිතිය තියෙනවානේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබට වාර්තා වුනාද ලියාපදිංචිය තියෙනවද නැද්ද කියලා?

සාක්ෂිකරු ; ලියාපදිංචිය නැති බව වාර්තා වුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ සෆ්රක්ස් කමිටුවේ ඉඳිද්දි තව කවුද හිටියේ?

සාක්ෂිකරු ; මහාචාර්ය රෝහිනී ප්‍රනාන්දු පුල්ලේ ඇතුළු පිරිසක්

නඩුව 20 විභාගයට ගැනේ.

නවතම ලිපි