SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ වන්දි මුදල ලබාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වූ

බරපතල පාවාදීම් සහ සැකසංකා මේ වන විට සමාජය පුරා කතාබහට ලක්වෙමින් පවතී. අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වූ පැමිණිල්ලත් සමග මෙම ඛේදවාචකයේ සැඟවුණු පැතිකඩ රැසක් අනාවරණය විය.

 

 

Dayasiri Appeals to Commonwealth Parliamentary Association Over Speaker's  Decision - NewsNow - English

 

 

වන්දි මුදල අහිමි වීමේ අර්බුදය උග්‍ර වෙමින් පවතින පසුබිමක, පසුගිය (22) දා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී, නීතීඥ දයාසිරි ජයසේකර විසින් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව හරහා මෙම නාටකයේ තවත් අඳුරු පැතිකඩක් සමාජය හමුවට ගෙන ආවේය. මන්ත්‍රීවරයාගේ මෙම හෙළිදරව්වත් සමග, ඇමරිකානු ඩොලර් මිලියන 999ක මූලික වන්දිය පවා අයකර ගැනීමට නොහැකි වන අයුරින් වන්දි කළමනාකරණ කොමිසම අඩාල වීම පිටුපස ඇත්තේ හුදු නෛතික ගැටලුවක් පමණක් නොවන බව දැන් මනාව පැහැදිලි වී තිබේ.

 

 

සමස්ත වන්දිය සහ රක්ෂණ සමාගම්වල මෙහෙයුම

මෙම සමස්ත නාටකයේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවට හිමිවිය යුතු ඩොලර් බිලියන 6.4ක් වන සමස්ත වන්දි මුදල හැකිතාක් අවම කර ගැනීමයි. ඊටත් වඩා, වහාම වසරක් තුළ ගෙවීමට අධිකරණයෙන් නියෝග කර තිබූ ඩොලර් බිලියනයක පූර්ව වන්දි මුදල ද අහිමි කිරීම හරහා ජාත්‍යන්තර රක්ෂණ සමාගම් මෙම දැවැන්ත මූල්‍ය වගකීමෙන් ගැලවීම සඳහා සිදුකළ සූක්ෂම මෙහෙයුමක් ක්‍රියාත්මක වන පරිසරයක් තුළ එහි තවත් බරපතල ගැටළුවක් ද මෙහි ක්‍රියාත්මක වී ඇති බව මන්ත්‍රීවරයාගේ හෙළිදරව්වෙන් ගම්‍ය වේ.

 

 

මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පාර්ලිමේන්තු හෙළිදරව්ව

මෙම සමස්ත අර්බුදය සහ අධිකරණ ක්‍රියාවලිය තුළ සිදුවූ බව කියන බරපතල අක්‍රමිකතා පිළිබඳව මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් දැක්වීය.

 

 

“ජනාධිපතිතුමා එදා කියනවා, අධිකරණයෙන් දුන්න තීන්දු වලට යටත් වෙනවා කියලා. දැන් එතුමා යටත් වුණා නම් කොහොමද මේ එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) එකේ පස්දෙනෙක් දුන්න නඩු තීන්දුවක්... ඩොලර් බිලියනයක්, මිලියන දාහක්, කෝටි තිස්පන්දාහක් රටට ගන්න හදපු වැඩේ, ජනාධිපතිතුමාට ලියුම් දෙකයි එව්වේ, තුන්දෙනෙක් දාලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ නඩු තීන්දුව සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුවා. ලංකාවට ලැබෙන්න තිබිච්ච කෝටි තිස්පන්දාහක්! අධිකරණයට යටත් නම් ඉතින් ඒක එහෙමම තියෙන්න එපැයි. එහෙම තිබුණේ නෑනේ.

 

 

මම අහන්න කැමතියි ජනාධිපතිතුමා ඔය කිව්වා වගේ, මම ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා කියන්න මේකට කවුද මේක පත්කළේ? ඔබතුමාට ලියුම් ආවේ නැද්ද මෙහෙම ලියුම් දෙකක්? ඊළඟට නීතිපතිගෙන්... කවුද මේකට ගිහිල්ලා මේ මෝසම දැම්මේ? එතකොට පස්දෙනෙක් දීපු නඩු තීන්දුව තුන්දෙනෙක් විසින් කොහොමද වෙනස් කළේ? මේක ගැන කතා කරන්න, අධිකරණයට යටත් නැත්නම්.

 

 

ඒ වගේම පුද්ගලයන් වෙනුවෙන් නීති හදන්න බෑ කිව්වා. මේ විසිදෙවෙනි සංශෝධනය පුද්ගලයෙක් වෙනුවෙන් හදපු එකක්. අපේ අගවිනිසුරුකාරතුමාගේ කාලය දික් කරන්න තමයි මේක හැදුවේ. ඊටපස්සේ ඒක එහාට ගිහිල්ලා, ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා, මහාධිකරණයට ගිහිල්ලා, අභියාචනාධිකරණයට ගිහිල්ලා ඔක්කොටම ගිහිල්ලා නතර වුණා.”

 

 

 

මතුවන බරපතල ප්‍රශ්න

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක තීන්දුවක් ත්‍රිපුද්ගල මඩුල්ලක් හරහා අභියෝගයට ලක් කරමින් ඩොලර් බිලියනයක දැවැන්ත මූල්‍ය අලාභයක් රටට සිදුකිරීම නීති ක්ෂේත්‍රයේ පමණක් නොව සමස්ත සමාජයේම දැඩි විමතියට කරුණක් වී ඇත. ඊට සමගාමීව, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මන්ත්‍රීවරයා නඟන චෝදනාව ද මෙම නෛතික සහ දේශපාලනික නාටකයේ තවත් පැතිකඩක් මතු කරයි.

 

 

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ මෙම ප්‍රකාශය ඇත්ත වශයෙන්ම නිවැරදි ප්‍රකාශයක්ද? එසේ නම්, පංච පුද්ගල විනිසුරු මඩුල්ලක තීන්දුවක් වෙනස් කිරීම සඳහා එවැනි සැක සහිත සහ අසාමාන්‍ය නෛතික ක්‍රියාමාර්ගයක් ගත්තේ ඇයි? මෙය හුදෙක් නීතිමය ගැටලුවක්ද, නැතහොත් බලගතු අදෘශ්‍යමාන හස්තයක මෙහෙයුමක්ද යන්න කඩිනමින් රට හමුවේ අනාවරණය විය යුතුව ඇත.

 

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි