SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ ආර්ථික දේහය තුළ ව්‍යාප්ත වෙමින් පවතින අලුත්ම සහ භයානකම පිළිකාව වන්නේ,

මහා පරිමාණ මූල්‍ය වංචාවන් සහ පිරමීඩ ජාවාරම් හරහා උපයාගත් කළු සල්ලි මාධ්‍ය ආයතන වෙත පොම්ප කිරීමේ ක්‍රියාවලියයි. මහ බැංකුව විසින් පවා නිරන්තරයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබන වටපිටාවක් තුළ, බැලූ බැලූ අත පැලවෙන මෙම 'පිරමීඩ වගාකරුවන්' සිය ජාවාරමේ ඊළඟ අදියර ලෙස රූපවාහිනී නාලිකා මිලදී ගැනීමට හෝ ආරම්භ කිරීමට තැත් කිරීම හුදු අහඹුවක් නොවේ. එය තම නීතිවිරෝධී වත්කම් සුදු කරගැනීමේ (Money Laundering) සහ සමාජය තුළ ව්‍යාජ ගෞරවනීයත්වයක් ගොඩනඟා ගැනීමේ සංවිධානාත්මක මෙහෙයුමකි.

 

 

 

පිරමීඩ වගාකරුවන්ගේ 'සල්ලි ගස්' සහ රූපවාහිනී සිහිනය

 

AsiaTV_003-1536x1024.jpeg

 

 

මෙම පිරමීඩ වගාකරුවන්ගේ සල්ලි ගස් වගා කර ඇත්තේ මහපොළොවේ නොව, ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වී, කෙටි කලකින් ධනවතුන් වීමේ සිහිනය පසුපස හඹා යන අසරණ ජනතාවගේ මනෝ ලෝකයන් තුළය. ලංකාව වැනි ඌන සංවර්ධිත, ව්‍යුහාත්මක ආර්ථික අර්බුදයක පැටලී සිටින රටක පිරමීඩ ජාවාරම්කරුවන්ට මෙතරම් පහසුවෙන් අවස්ථා උදාවන්නේ ඇයි?

 

 

ප්‍රධාන හේතුව වන්නේ රටේ පවතින විධිමත් මූල්‍ය ආයතන කෙරෙහි ජනතාවට ඇති විශ්වාසය පළුදු වීම සහ, සාමාන්‍ය ආයෝජනයකින් ජීවන වියදම පියවා ගැනීමට නොහැකි තරමට උද්ධමනය ඉහළ යාමයි. මෙවැනි සමාජ-ආර්ථික පසුබිමක් තුළ, අතිවිශාල ලාභ ප්‍රතිශතයක් පෙන්වමින් එන ජාවාරම්කරුවා ජනතාවට පෙනෙන්නේ ගැලවුම්කරුවෙකු ලෙසිනි.

 

ඔවුන්ට සිය ව්‍යාජ මනෝ ලෝකය තවදුරටත් පුළුල් කිරීමට සහ ජනතාවගේ මොළ සේදීම සඳහා ප්‍රබල ජනමාධ්‍ය අවකාශයක් අවශ්‍ය වී තිබේ. රූපවාහිනී නාලිකාවක් හිමිවීම යනු ඔවුන්ට දේශපාලන බලය සමග කේවල් කිරීමට, තමන්ව විවේචනය කරන පාර්ශවයන්ට පහර දීමට සහ ජනතාව ඉදිරියේ 'කීර්තිමත් ව්‍යාපාරිකයන්' ලෙස පෙනී සිටීමට ලැබෙන හොඳම ආවරණයයි.

 

 

අසංක දිසානායක - රක්ෂණ නියෝජිතයාගේ සිට පිරමීඩ වෘක්ෂය දක්වා

 

asanka.jpeg

[Asanka Dissanayake]

 

 

මෙම න්‍යාය පත්‍රයේ නවතම ක්‍රියාකාරිකයා වන්නේ හොරණ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන 'Asia Plantation' හි මව් සමාගම යැයි කියන Asia International Consolidated ආයතනයේ හිමිකරු වන කීර්ති ශ්‍රී දේශමාන්‍ය, ගෞරවාචර්ය (ෆේස්බුක් පිටුවට අනුව) අසංක දිසානායකයි. සෙලින්කෝ ලයිෆ් සහ යුනියන් ඇෂුවරන්ස් වැනි ආයතනවල සාමාන්‍ය රක්ෂණ නියෝජිතයෙකු ලෙස ජීවිතය අරඹා, පසුව සදාහරිත, සිලෝන් එවර් ග්‍රීන්, පවර් හෑන්ඩ්ස්, සහ ආලකමන්දාව වැනි ආයතනවල වගා ආයෝජන ප්‍රවර්ධකයෙකු ලෙස කටයුතු කරමින් පිරමීඩ ජාවාරමේ ගැඹුර හැදෑරූ ඔහු, දැන් රූපවාහිනී නාලිකා හිමිකරුවෙකු වීමට මාන බලයි.

 

 

PEOTV හරහා විකාශය වූ ප්‍රගත් දර්ශක විසින් මෙහෙයවූ "AKSHARAYA TV" නාලිකාව "Asia TV" ලෙස නාමකරණය කර පවත්වාගෙන යාමට ඔහු දැරූ උත්සාහය මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අත්හිටුවා ඇත. ඊට හේතු වී ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශ විසින් අදාළ හිමිකරුවන් සම්බන්ධයෙන් ආරක්ෂක නිෂ්කාශනය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමයි.

 

 

 

යටිබිම්ගත කළු සල්ලි

 

AsiaTV_001-1536x751.jpeg

[Charith Abeysinghe]

 

 

ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර නොලැබුණු පසු, අසංක දිසානායක සිය මෙහෙයුම වෙනත් මුහුණුවරකින් ගෙන ඒමට උත්සාහ කරයි. ඒ පාතාල නායක හරක් කටාගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින චරිත් අබේසිංහ සමඟ එක්ව 'Asia Cinema Academy' නමින් නව සමාගමක් අරඹා නැවතත් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා සිටීමෙනි. මෙය හුදු අහඹුවක් විය නොහැක. ප්‍රශ්නය වන්නේ, පාතාලය සහ කුප්‍රකට මුදල් විශුද්ධිකරුවන් සමග සම්බන්ධතා පවත්වන මෙවැනි චරිත සතුව ඇත්තේ කාගේ කළු සල්ලිද යන්නයි.

 

 

CSN ගිලගත් නිලංග කරුණාරත්නගේ අදෘශ්‍යමාන හස්තය

 

WhatsApp_Image_2026-07-14_at_16.18.jpeg

[Nilanga Karunarathna]

 

 

අසංක දිසානායකගේ කතාවට සමගාමීව කියවිය යුතු අනෙක් ප්‍රධාන කතාව වන්නේ පසුගියදා CSN නාලිකාව යළි විකාශන කටයුතු ඇරඹීමයි. මාධ්‍ය මගින් හෙළිදර් කරගෙන ඇති තොරතුරුවලට අනුව මෙම නාලිකාව  වසර විස්සක බද්දකට යටත්ව මසකට රුපියල් දෙකෝටි තිස්ලක්ෂයක් ගෙවීමේ පදනම මත ලබාගෙන ඇත්තේ නිලංග කරුණාරත්න විසිනි.

 

මසකට කෝටි දෙකහමාරකට ආසන්න මුදලත් වැයකිරීමට තරම් මූල්‍ය ප්‍රතිපාදන ඔහුට ලැබෙන්නේ කෙසේද? ඔහු කවුද? ඔහුගේ අතීත මූල්‍ය වාර්තා සහ ජීවන ඉතිහාසය කුමක්ද? ඒවා සමාජයෙන් හිතාමතාම වසන් කර ඇත්තේ ඇයි?

 

 senesh_B.jpeg

 [CSN - CCO Senesh Bandara Dissanayake with the current Minister of Mass Media]

 

WhatsApp_Image_2026-07-14_at_16.13.jpeg

[CSN -COO Nilupa Ranaweera]

 

 

මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යාමෙන් ලබන ලාභයට වඩා දස ගුණයක මුදලක් නඩත්තුව සඳහා ගෙවීමට එකඟ වන්නේ නම්, එහි යටි අරමුණ පැහැදිලිවම මුදල් විශුද්ධිකරණය සහ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමයි. මේ නිසා නිලංග කරුණාරත්න පිටුපස සිටින්නේ ද මෙවැනිම මහා පරිමාණ පිරමීඩ ජාවාරම්කරුවන් හෝ දේශපාලන කළු සල්ලි හිමියන් දැයි බරපතළ සැකයක් පවතී.

 

 

 

නිහඬ බලධාරීන්: නීතිය ක්‍රියාත්මක වන්නේ කාටද?

 

රටේ මහ බැංකුව පිරමීඩ ගැන නිවේදන නිකුත් කරද්දී, ඊට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවන් ප්‍රසිද්ධියේ මාධ්‍ය ආයතන මිලදී ගනිමින් සිටී. ලංකාවට මේ අත්වෙමින් පවතින ඉරණම කුමක්ද?

 

අරගලයෙන් තරුණ පක්ෂයක් කරළියට! – Leader TV Gossip

 

 

මෙම තත්ත්වය හමුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ භූමිකාව ද ප්‍රශ්න කිරීමකට ලක් කළ යුතුව ඇත. කොමිසමේ 'දක්ෂයෙකු' වූ ඔහුට, මාසයකට කෝටි ගණනින් මුදල් වියදම් කරමින් මාධ්‍ය ආයතන මිලදී ගන්නා මේ අදෘශ්‍යමාන කළු සල්ලි ජාවාරම්කරුවන්ව නොපෙනෙන්නේ ඇයි? ඔහුගේ මෙහෙයුම් සීමා වී ඇත්තේ දේශපාලන සතුරන් දඩයම් කිරීමට සහ කුඩා පරිමාණයේ අල්ලස් සිද්ධීන් පසුපස හඹා යාමට පමණක්ද?

 

 

ranga_2025.10.jpeg

[Ranga Dissanayaka - DG of CIABOC]

 

shani_A.jpeg

[Shani Abeysekara - director of Criminal Investigation Department]

 

 

අනෙක් අතට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර වැනි දක්ෂ විමර්ශකයෙකුගේ තියුණු ඇසට මෙම සංවිධානාත්මක මූල්‍ය අපරාධ ජාලය තවමත් හසු නොවූයේ කෙසේද? ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් වෙමින්, පාතාලය සහ කළු සල්ලි ජාවාරම්කරුවන් එක්ව මාධ්‍ය අධිරාජ්‍යයන් ගොඩනැගීමට දරන මේ උත්සාහය ව්‍යර්ථ කිරීමට වහාම ස්වාධීන, පුළුල් විමර්ශනයක් ඇරඹිය යුතුය.

 

 

 

එසේ නොවුණහොත්, නුදුරු අනාගතයේදීම මේ රටේ ජනමතය හැඩගස්වනු ඇත්තේ ද, දේශපාලන න්‍යාය පත්‍ර තීරණය කරනු ඇත්තේ ද මහජනතාව රවටා කොල්ලකෑ මුදල් සහ කුඩු සල්ලි මත යැපෙන පිරමීඩ වගාකරුවන් විසිනි. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහස් මාධ්‍යයේ අවසානය සනිටුහන් කරනු ඇත. ආයතනික විනිවිදභාවය සහ මූල්‍ය විනය තහවුරු නොකරන තාක් කල්, මේ රටේ ආර්ථිකය ද මංකොල්ලකරුවන්ගේ පාරාදීසයක් වීම වැළැක්විය නොහැක.

 

 

 

නවතම ලිපි