SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම

අරමුණු කරගනිමින් නව පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට රජය සූදානම් වේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ ප්‍රධානත්වයෙන් මෑතකදී රැස්වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී මේ බව අනාවරණය විය. යෝජිත නව නීති සම්පාදනය කර ගැසට් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ වනවිටත් කටයුතු සම්පාදනය වෙමින් පවතින බව වාර්තා වේ.

 

 

 

 

පාලන ව්‍යුහයේ දැවැන්ත වෙනසක්

මෙම නව යෝජිත පාලන ව්‍යුහයට අනුව ක්‍රිකට් ආයතනය සඳහා ස්වාධීන අධ්‍යක්ෂවරුන් පත් කිරීමට නියමිතය. එසේම මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ වූ 'දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්' වලට මින් ඉදිරියට එම අවස්ථාව අහිමි වන අතර, ඒ වෙනුවට ඔවුන් 'පළාත් ක්‍රිකට් සංගම්' හරහා ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා වී ඇත.

 

 

 

පාසල් ක්‍රිකට් සඳහා නව සැලසුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ක්‍රීඩා උපකරණවලට අමතරව වාර්ෂිකව රුපියල් මිලියන 900 ක පමණ මුදලක් වෙන් කරන බව කාරක සභාවේදී අනාවරණය විය. තවද, පුහුණුකරුවන් බඳවා ගැනීම සහ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව නව සැලසුම් ද සකස් කෙරෙමින් පවතී.

 

 

image_9a96ddb93b.jpeg

 

 

මහජන ක්‍රීඩා පහසුකම් සහ යටිතල පහසුකම් දියුණුව

මහජන සෞඛ්‍යය සහ ව්‍යායාම සඳහා භාවිතා කරන ඇවිදින මංතීරු සහ ක්‍රීඩා සංකීර්ණ සඳහා අයකෙරෙන ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අමාත්‍යාංශය උපදෙස් දී තිබේ. ක්‍රීඩා පහසුකම් ලාභ ලබන ව්‍යාපාර ලෙස නොව, මහජන සෞඛ්‍යය සහ ප්‍රජා සුබසාධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් රජයේ වගකීමක් ලෙස පවත්වාගෙන යා යුතු බව කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.

 

 

දැනට ශ්‍රී ලංකාව සතුව ඇත්තේ කෘත්‍රිම ධාවන පථ (Synthetic running tracks) දෙකක් පමණක් වන අතර, දිවයිනේ සෑම පළාතකටම අවම වශයෙන් එක් කෘත්‍රිම ධාවන පථයක් හෝ ලබා දීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මීළඟ ධාවන පථය අනුරාධපුරයේ ඉදිකිරීමට නියමිතය. මීට අමතරව අම්පාර, මඩකලපුව (වෙබර් ක්‍රීඩාංගණය), හිඟුරක්ගොඩ, බදුල්ල (හාලිඇළ) සහ කළුතර (බණ්ඩාරගම) යන ප්‍රදේශවල ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

 

 

image_d9ccc93fc1.jpeg

 

 

මේ අතර, ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ද සමාලෝචනය කෙරුණු අතර, සංගම් 33ක් මේ වනවිටත් අදාළ නිර්දේශ සම්පූර්ණ කර ඇති බවත්, තවත් සංගම් 33ක වාර්තා අපේක්ෂාවෙන් සිටින බවත් සඳහන් විය.

 

 

ජාත්‍යන්තර තරඟ සහ විනිවිදභාවය මින් ඉදිරියට රජයේ අරමුදල් ජාත්‍යන්තර තරඟ සඳහා ලබා දෙන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල ජාතික කණ්ඩායම් සඳහා සහ නිල වශයෙන් පිළිගත් ජාත්‍යන්තර තරඟාවලි සඳහා පමණක් බව ද කාරක සභාවේදී දන්වා සිටියේය. එමෙන්ම, ජාතික කණ්ඩායම් තෝරා ගැනීමේදී හෝ විදේශීය තරඟ සඳහා කණ්ඩායම් යැවීමේදී ජාතිය හෝ ප්‍රදේශය මත පදනම්ව කිසිදු වෙනස්කම් කිරීමක් සිදු නොවිය යුතු බවද කාරක සභාව දැඩිව අවධාරණය කර ඇත.

 

 

නවතම ලිපි