ශ්‍රී ලංකාවේ විශාලතම විශේෂ ආර්ථික කලාපය පාලනය කරන
ප්‍රධාන රාජ්‍ය ආයතනය වන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මේ දිනවල දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ.
ඒ, එම කොමිසමේ ඉහළ තනතුරු සඳහා සිදුකර ඇති මතභේදාත්මක සහ පාරදෘශ්‍යභාවයෙන් තොර පත්කිරීම් මාලාවක් හේතුවෙනි.
පසුගිය 2025 පෙබරවාරි මාසයේදී කොමිසම විසින් ප්‍රධාන තනතුරු දෙකක් සඳහා අයදුම්පත් කැඳවන ලදී. ඒ, 'වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ' සහ 'නීති අධ්‍යක්ෂ' යන තනතුරු සඳහාය.
වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ තනතුර සඳහා ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් (MBA) හෝ ඊට සමාන සුදුසුකමක් සමඟ වසර 10ක මෙහෙයුම් පළපුරුද්දක් අනිවාර්ය කර තිබිණි.
එහෙත් එම තනතුරට පත් කරනු ලැබුවේ රාධිකා ඔබේසේකරයි. ඇයට ඇත්තේ නීති ක්ෂේත්‍රයේ පසුබිමක් බව මීට පෙර ඇය දැරූ තනතුරු මඟින් තහවුරු වේ. ඉල්ලා සිටි මූලික සුදුසුකම් සහ ඇය සතු සුදුසුකම් අතර ඇති ගැළපීම කුමක්ද යන්න පිළිබඳව කිසිදු විනිවිදභාවයක් නොමැති වීම ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව ඇත.
සුදුසුකම් සසඳා බැලීම -
|
තනතුර |
පුවත්පත් දැන්වීමේ ඉල්ලා ඇති සඳහන් සුදුසුකම් |
රාධිකා ඔබේසේකර ගේ සුදුසුකම් / පසුබිම |
|
වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ |
ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් (MBA) හෝ ඊට සමාන සුදුසුකමක් සමග වසර 10ක මෙහෙයුම් පළපුරුද්ද. |
මීට පෙර වරාය නගරයේ 'ආයෝජන ප්‍රවර්ධන සහ අලෙවි අධ්‍යක්ෂ' ලෙස කටයුතු කර ඇත. ඊට පෙර, නීති ක්‍ෂේත්‍රයේ හා මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ කටයුතු කර ඇත. MBA උපාධියක් හෝ ඊට සමාන මෙහෙයුම් කළමනාකරණ සුදුසුකමක් ඇති බවට ප්‍රසිද්ධියේ තහවුරු කර නොමැත. |
|
නීති අධ්‍යක්ෂ |
නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය සහ අදාළ විෂය පිළිබඳ විශේෂඥ දැනුම. |
නීති අධ්‍යක්ෂ තනතුර සඳහා ඇයව නිල වශයෙන් පත් කර නොමැති වුවද, ඇයටම එම තනතුරේ රාජකාරි ද පවරා ඇත. |
ඇයි නීති අධ්‍යක්ෂවරයෙකු පත් නොකරන්නේ?
වඩාත් බරපතළම කාරණය වන්නේ, නීති අධ්‍යක්ෂ තනතුර සඳහා එකවර අයදුම්පත් කැඳවා තිබුණද මේ දක්වා ඊට සුදුස්සෙකු බඳවාගෙන නොමැති වීමයි.
ඒ වෙනුවට, නීති අංශයේ සියලු වගකීම් සහ නීතිමය අධීක්ෂණ බලතල ද වාණිජ අධ්‍යක්ෂවරිය වෙතම පවරා ඇති බවට තොරතුරු අනාවරණය වේ.
වාණිජමය තීන්දු තීරණ ගන්නා නිලධාරියාම, එම තීරණ නීත්‍යනුකූලදැයි විමසා බලන ස්වාධීන නීති අධීක්ෂකවරයා ලෙසද කටයුතු කිරීම ආයතනික යහපාලන මූලධර්ම මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
එකිනෙකට වෙනස් විෂය පථ දෙකක් වන මෙහෙයුම් කටයුතු සහ නීති අධීක්ෂණය එක් අයෙකුට පැවරීම ප්‍රායෝගිකව මෙන්ම න්‍යායාත්මකව ද ගැටලු සහගතය.
රාජපක්ෂ යුගයේ අවතාර තවමත් වරාය නගරයේ
මෙම පත්කිරීම් රටාව නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ, ආයතනික පටිපාටිය සහ සුදුසුකම් පසෙකලා 'හිතවත්කම්' මත තනතුරු ලබාදීමේ රාජපක්ෂ යුගයේ අඳුරු සංස්කෘතිය තවමත් වරාය නගර කොමිසම තුළ ක්‍රියාත්මක වන බවයි.
සුදුස්සන් පැත්තකට කර, තම හිතවතුන්ට එකවර තනතුරු කිහිපයක රාජකාරි පැවරීමේ මෙම 'අවතාර' ක්‍රමවේදය හරහා කොමිසමේ ස්වාධීනත්වය සහ විනිවිදභාවය දැඩි ලෙස ප්‍රශ්න කෙරේ.
මේ ගැන පාර්ලිමේන්තු මුදල් කාරක සභාව දන්නවද?
මෙම බරපතළ තත්ත්වය සහ අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ මේ වනවිටත් දැඩි විරෝධයක් නිර්මාණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් විසින් මෙම අනීතික පත්කිරීම් මෙන්ම, කොමිසමේ නිලධාරීන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් පවතින දැඩි රහසිගතභාවය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.
ආයෝජන කලාපයක් තුළ ගන්නා තීරණ නීත්‍යනුකූලව අධීක්ෂණය කිරීම සඳහා පක්ෂපාතීත්වයෙන් තොර වෙනම ස්වාධීන නීති ප්‍රධානියෙකු අත්‍යවශ්‍ය බව මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.
මේ තත්ත්වය මත, වරාය නගර කොමිසමේ සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය වහාම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවා අදාළ ගැටලු සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කළ යුතු බවට මුදල් කමිටුව තුළ යෝජනා වී ඇතැයි වාර්තා වේ.
හර්ෂ ද සිල්වාගෙන් ප්‍රශ්න කළ යුත්තේ කුමක්ද?
මෙම අර්බුදයත් සමඟ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ජාතියම ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ.
"සුදුසුකම් නොලත් පුද්ගලයින්ට මෙලෙස තනතුරු ලබාදීම සහ එකම පුද්ගලයාට විෂය පථ දෙකක බලතල පැවරීම හරහා වරාය නගර කොමිසමේ සිදුවන මෙම අනීතික ක්‍රියාවලිය ගැන මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ඔබට යමක් කියන්නට තිබෙනවාද? එසේ නැතිනම් මෙය හුදෙක් පුද්ගලික කෝන්තරයක් යැයි පවසා කර අරිනවාද?"
රජයේ මූල්‍ය විනය සහ ආයතනික පාරදෘශ්‍යභාවය වෙනුවෙන් පෙනී සිටින හර්ෂ ද සිල්වා, වරාය නගර කොමිසමේ සභාපති හර්ෂ අමරසේකරගේ මෙම අත්තනෝමතික පරිපාලන රටාව මුදල් කමිටුව හරහා දැඩිව ප්‍රශ්න කිරීමට සූදානම්ද යන්න ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති. මන්ද මෙම තනතුරු සඳහා සුදුසුකම් සියල්ල සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් බහුතරයක් දෙනා අප වෙත දන්වා ඇත්තේ මීට යුක්තියක් ඉටුවිය යුතු බවය.
සුදුසුකම් පිළිබඳ පැහැදිලි කිරීමකින් තොරව පත්කිරීම් සිදුකළේ කුමන පදනමකින්ද? නීති අධ්‍යක්ෂවරයෙකු පත් නොකර වාණිජ අධ්‍යක්ෂවරියටම නීති බලතල පැවරුවේ කාගේ වුවමනාවටද? යන ප්‍රශ්නවලට සභාපති හර්ෂ අමරසේකරට සහ අධ්‍යක්ෂ ජෙනරාල් රෙවන් වික්‍රමසූරියට මුදල් කමිටුව හමුවේ උත්තර බැඳීමට සිදුවනු ඇත.
එපමණක් නොව, මෙතෙක් රහසක්ව තබාගෙන සිටින නිලධාරීන්ගේ වැටුප් සහ වරප්‍රසාද ලේඛන ද හර්ෂ ද සිල්වාගේ මූලිකත්වයෙන් යුත් කමිටුව හමුවේ විවෘත කිරීමට කොමිසමට සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ආයෝජක විශ්වාසය අනතුරේ?
වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද?
මෙම බරපතළ චෝදනා සහ විමසීම් සම්බන්ධයෙන් වරාය නගර කොමිසමෙන් මෙතෙක් කිසිදු නිල පැහැදිලි කිරීමක් සිදුකර නොමැත.
ඩුබායි සහ සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන සමඟ කරට කර තරග කිරීමට සැරසෙන වරාය නගරයක පරිපාලනය මෙලෙස අවිධිමත් වීම අතිශය භයානකය.
ඩොලර් බිලියන ගණනක විදේශ සෘජු ආයෝජන (FDI) මෙරටට ආකර්ෂණය කරගැනීමට නම්, නීතියේ ආධිපත්‍යය සහ ස්වාධීන නියාමනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවතීම අනිවාර්ය බව ආර්ථික විශ්ලේෂකයෝ තරයේ අවධාරණය කරති. ක්‍රමවත් තොරතුරු අනාවරණයක් නොමැතිව ආයෝජක විශ්වාසය දිනාගැනීම හුදු සිහිනයක් පමණක් වනු ඇත.

