SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දැවැන්තම පිරමිඩ ජාවාරම සහ ඒ හරහා සිදුවන මහා පරිමාණ

කළු සල්ලි සුදු කිරීමේ (Money Laundering) මෙහෙයුමක් සම්බන්ධයෙන් සිවිල් බුද්ධි පෙරමුණ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු හෙළිදරව් කළේය.

 

 

එහිදී අදහස් දැක්වූ සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත කියා සිටියේ මෙරට ක්‍රියාත්මක වූ 'QNet' සහ 'GoldQuest' වැනි දැවැන්ත පිරමිඩ ජාවාරම්වල ප්‍රධාන මහ මොළකරු වන විජය ඊශ්වරන් නැමැත්තා තවදුරටත් මෙරට ප්‍රධාන සමාගමක කොටස් හිමිකාරිත්වය දරමින් ව්‍යාපාර මෙහෙයවන බවයි.

 

 

 

 

 

 

 

 

"ලංකාවේ විශාලම පිරමිඩ වංචාව ගැන තමයි අපි මේ හෙළිදරව්වක් කෙරුවේ. පිරමීඩ ජාවාරම ගැන මහා විශාල වංචාවක් ගැන අපි එළිදරව් කරා. පිරමීඩ ව්‍යාපාර තහනම් කරලා තියෙන්නේ. ආයෝජන කරනවායි කියලා කළු සල්ලි සුදු කරනවා,"

 

යනුවෙන් සංජය මහවත්ත එහිදී අවධාරණය කළේය.

 

 

විජය ඊශ්වරන්ට එරෙහිව ඉන්දියාවේ මුම්බායි අධිකරණය ඇතුළු විදේශ රටවල් කිහිපයකින්ම ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති බවත්, ඔහුට රටවල් ගණනාවකට ඇතුළුවීම තහනම් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. 1988 අංක 30 දරන බැංකු පනත යටතේ පිරමිඩ ජාවාරම් තහනම් කර තිබියදීත් ඔහුට මෙරට නීතියෙන් ගැලවීමට හැකි වී ඇත්තේ බලගතු ජාලයක් ඔහු පිටුපස ඇති බැවින් බවටද ඔහු චෝදනා කළේය.

 

 

විජය ඊශ්වරන් 1999 වසරේ සිට ශ්‍රී ලංකාවේ 'ඒෂියා කැපිටල්' (Asia Capital) සමාගමේ 70% කට වැඩි කොටස් හිමිකාරිත්වයක් දරන බව මෙහිදී අනාවරණය විය. මීට වසර දෙකකට පමණ පෙර ඔහුගේ මූල්‍ය පරිපාලනය වෙනුවෙන් 'රාජු රාධා' නම් ඉන්දියානු ජාතිකයෙකු හරහා රුපියල් බිලියන 1.5 කට අධික මුදලක් 'Fast Gain Investment' හරහා අදාළ සමාගමට ගලාවිත් ඇතැයි ද මහවත්ත සඳහන් කළේය.

 

 

මෙම සමාගම පවත්වාගෙන යන කොළඹ 'ග්‍රීන්ලෑන්ඩ්'  ගොඩනැගිල්ල තුළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ  හිටපු ප්‍රධානී රවී වෛද්‍යාලංකාර ගේ නීති කුටියක් සහ ඔහුගේ පුත්‍රයා සතු නිවාස ඒකකයක් පවතින බවටද මෙහිදී බරපතළ හෙළිදරව්වක් සිදු කෙරිණි.

 

එමෙන්ම, දේශපාලනඥයින් කිහිපදෙනෙකුගේම කාර්යාල හා නිවාස ඒකකද එම ගොඩනැගිල්ලේම පිහිටා ඇති බව පෙන්වා දුන් ඔහු, ඒවා ලබාගෙන ඇත්තේ නීත්‍යානුකූල බදු ගෙවීමක් මතද නැතහොත් ජාවාරම්කරුවන්ගේ සන්තෝසම් ලෙසද යන්න වහාම විමර්ශනය කළ යුතු බව පැවසීය.

 

මෙහිදී නියාමන ආයතනවල නිහඬතාවය දැඩිව ප්‍රශ්න කළ සිවිල් බුද්ධි පෙරමුණේ සභාපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

 

 

"විනිමය හා සුරැකුම්පත් කොමිසම මේ සම්බන්ධයෙන් දන්නේ නැද්ද? ශ්‍රී ලංකා මහ බැංකුව මේ ගැන දන්නේ නැත්ද? තහනම් පිරමීඩ ගැන මේ සියල්ල අපි විධිමත් පරීක්ෂණයක් සිදුකරනවා."

 

 

අතීතයේ FCID භාරයේ තිබූ විජය ඊශ්වරන්ට අදාළ පරීක්ෂණ ලිපිගොනුවලට සිදු වූයේ කුමක්දැයි හෙළි කරන ලෙස ඉල්ලා සිටි සංජය මහවත්ත, මෙම මහා පරිමාණ පිරමිඩ ජාවාරම සහ මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල වශයෙන් පැමිණිලි කර විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටින බව වැඩිදුරටත් අවධාරණය කළේය.

 

 

 

නවතම ලිපි