SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර ක්‍රිකට් සම්මාන උළෙල ගැන පිටින් බලනකොට නම් හරිම ලස්සනයි.

හැබැයි තිරය පිටුපස තියෙන්නේ වෙනමම කතාවක්ලු. එරාන් වික්‍රමරත්න මහත්තයාගේ ප්‍රධානත්වයෙන් පත්වුණු අලුත් 'ක්‍රිකට් පරිවර්තනීය කමිටුව' කරපු මේ වැඩේ ඇතුළේ හොයාගන්න තියෙන්නේ මාරම ගොසිප් ටිකක්ලු.

 

 

 

මුලින්ම මේකට සල්ලි විසි කරන්න, ඒ කියන්නේ ප්‍රධාන අනුග්‍රාහකයා විදියට එන්න හිටියේ දිවයිනේ ප්‍රසිද්ධම "ගෙවල් සහ ඉඩම්" අලෙවි කරන දැවැන්ත නිවාස ඉදිකිරීම් සමාගමක්ලු. හැබැයි එකපාරටම එයාලා මේකෙන් අතුරුදහන් වුණාලු. ඇයි දන්නවද? ආරංචියේ හැටියට ඒගොල්ලෝ හිටපු ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ කිට්ටු හිතවතුන්ලු.

 

 

මේ නිසා වැඩේ අල වුණාම අලුත් කමිටුව දුවගෙන ගිහින් තියෙන්නේ මෙරට ප්‍රමුඛතම, ඒ වගේම ආසියාවෙත් නමක් දිනාපු ජංගම දුරකථන සේවා සපයන දැවැන්තයෙක් ගාවටලු. හැබැයි අහන්න ලැබෙන විදියට ඒ සන්නිවේදන සමාගමෙන් මේක අරගෙන තියෙන්නේ කුණු කොල්ලයටලු... නැත්නම් තුට්ටුවට දෙකටලු!

 

 

සම්මාන උළෙලේ හොඳම හරිය ඊට පස්සෙයි. මේ සම්මානවලට සුදුස්සෝ තෝරන්න රෑ දවල් මහන්සි වුණේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු පරණ තේරීම් කමිටුවලු. හැබැයි ආරාධනාවක් තියා අහලකටවත් ඒ අයට එන්න කතා කරලා නැහැලු. ඒ විතරක් නෙවෙයි, පරණ කමිටුවේ හිටපු විනෝදන් ජෝන්ට දෙන්න හිටපු සම්මානෙත් අන්තිම මොහොතේ හැලිලාලු.

 

 

හැබැයි මේ ඔක්කොම තේරීම් කළේ තමන් කියලා කපිල ලාගේ අලුත් තේරීම් කමිටුව පපුවට ගහගන්නවා කියලත් ක්ෂේත්‍රයේ කට්ටිය කියනවාලු. අනුන්ගේ ළමයි වඩාගන්නවා කියන්නේ මේවට තමා.

 

 

ඔය අස්සේ අලුත් කමිටුව මාර ගේමක් ගහලාලු තියෙන්නේ. පරණ තේරීම් කමිටුව අයින් කරලා තියෙන්නේ නිකම්ම දුරකථන ඇමතුමක් දීලාලු. මේක නීතිවිරෝධී හින්දා ප්‍රමෝද්‍යලා එන්තරවාසියක් එව්වාම, කට්ටියගේ ඇඟ සීතල වෙලාලු. අන්තිමේදී ශේප් එකේ කෑ නොගහා ඉන්න කියලා පරණ කමිටුවේ තුන්දෙනෙකුට ලක්ෂ 24 ගානේ මාස තුනක පඩි ගෙව්වාලු! පත්කරපු අලුත් ටීම් එකටත් පඩි, අයින් කරපු පරණ ටීම් එකටත් පඩි. ඒක මරු.

 

 

මතකනේ ළඟදි දවසක චන්දික හතුරුසිංහට කෝටි ගාණක් වන්දි ගෙවන්න තීරණය වුණා? ඒ වගේ ප්‍රමෝද්‍යලටත් තව කෝටි ගාණක බිලක් ක්‍රිකට් ආයතනයෙන් ගෙවන්න වෙයිද කියන බය දැන් හැමෝටම තියෙනවාලු.

 

 

අර කියපු සන්නිවේදන දැවැන්තයා තුට්ටුවට අනුග්‍රහය දුන්නට මොකද, ආරාධිත ලැයිස්තුවෙන් බාගෙකට වඩා පිරෙව්වේ එයාලගේ ලොක්කෝ ටිකයි, වීඅයිපී පාරිභෝගිකයෝ ටිකයි දාලාලු. ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරන අයටත් පාස් 25ක්ම වෙන් කරලාලු. හැබැයි හිටපු ක්‍රීඩකයින්ට ආරාධනා කරද්දී යම් යම් තෝරා බේරාගැනීම් කරලාලු. අන්තිමේදී සම්මාන ගත්ත ක්‍රීඩකයන්ගේ නෝනලා, පවුලේ අය වැඩේ ඉවර වෙන්නත් කලින්ම එතනින් මාරු වෙලා ගියාලු.

 

 

මේ ඔක්කොම කුණු වහගන්න අලුත් බෝඩ් එක මාර වියදමක් දරනවා කියලයි විශ්වාසවන්ත ආරංචි මාර්ග කියන්නේ. මාධ්‍යවලට ලොකු ගණන් දීලා තමන්ට විරුද්ධ නිවුස් යට ගහලා, ප්‍රශස්ති ගායනා කරගන්නවාලු.

 

 

ඉතින් අන්තිමට ක්‍රීඩාලෝලීන්ට අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි.

මේ 'පරිවර්තනීය කමිටුව' ගෙනාවේ මොන පරිවර්තනයක් කරන්නද? ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණ වෙනස මේකද? පරිවර්තනය මේකද? ආරංචියේ හැටියට දැන් දැන් එතුමාටත් කට්ටියගෙ හැකියාවන් ගැන තේරිලාලු තියෙන්නෙ.

 

 

බැලුවම ශම්මිගේ කමිටුවයි, එරාන්ගේ කමිටුවයි අතරේ කිසිම වෙනසක් නැහැලු. තියෙන එකම වෙනස ශම්මිට ICC එකෙන් සපෝට් එක තිබුණා, එරාන්ට තාම ඒකවත් නැති එක විතරයිලු!

 

 

#Gossip

නවතම ලිපි