SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති

ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුව පසුගිය 10 දා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී යළි විභාගයට ගැනුණු අතර, එහිදී රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය තුළ ක්‍රියාත්මක වූ බව කියන අක්‍රමවත් ගෙවීම් ජාලයක සහ සැකකටයුතු සබඳතාවල තිරය තවදුරටත් විවෘත විය.

 

 

පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) සෞඛ්‍ය කළමනාකරණ සහායක කෝරාධිපති නිහාල් රංජිත් මෙදින සාක්ෂි කූඩුවට නැගුණු අතර, ඔහුගේ සාක්ෂිය හරහා ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ලිපිලේඛනවල පැවති බරපතල අඩුපාඩු මෙන්ම, රජයේ නිලධාරීන් සහ සැපයුම්කරුවන් අතර පැවති අසාමාන්‍ය සබඳතා රැසක් අධිකරණය හමුවේ නිරාවරණය විය.

 

 

ගෙවීම් ලේඛනවල අක්‍රමිකතා සහ මිල තහවුරු නොකළ ඉන්වොයිසි

 

Immunoglobulin Levels Investigated in Adults with IgG Subclass Deficiency -  Immunology - mobile.Labmedica.com

 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර, එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ කෝටි ගණනක් වටිනා ගෙවීම් වවුචර සහ ඉන්වොයිසි සකස් කර අනුමත කළ ආකාරය පිළිබඳවයි. ඇතැම් ඉන්වොයිසිවල මිල තහවුරු කරන නිල මුද්‍රා (Price conform stamps) පවා නොතිබූ බව මෙහිදී සාක්ෂිකරු පිළිගත්තේය.

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
ඔබේ ගොනුවේ ඇති 30 පිටුවේ ඉන්වොයිසියේ ඡායාපිටපතේ ඔරිජිනල් පිටපත වන්නේ 90 ගොනුවේ ඇති ඉන්වොයිසියද බලන්න.

සාක්ෂිකරු:
ඔව් ඒක තමයි ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
එහි මිල තහවුරු කරන මුද්‍රා තබා තිබේද?

සාක්ෂිකරු:

නැහැ.

 

මෙම ගෙවීම් වවුචර නසීර් නමැති අයෙකු විසින් සකසා ඇති බවත්, නිරාන් ධනංජය ගේ නිර්දේශ මත එවකට අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක විසින් ඒවා අනුමත කර ඇති බවත් සාක්ෂිකරු විසින් අධිකරණය හමුවේ තහවුරු කරන ලදී. තවද, සැපයුම් ප්‍රමාද වීමේදී රජය විසින් අය කරන ප්‍රමාද ගාස්තු (late charges) ලෙස රුපියල් 889,524.24 ක් සහ රුපියල් 35,40,289.48 ක් වැනි විශාල මුදලක් වවුචරවල වටිනාකමෙන් සෘණ ලකුණක් යොදා අඩු කර ඇති ආකාරය ද පැමිණිල්ල විසින් අධිකරණයට පෙන්වා දෙන ලදී. ඇතැම් වවුචරවල වටිනාකම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අනුමත කිරීමේ සීමාව ඉක්මවා ගොස් තිබූ බැවින්, ඒවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබූ බවද මෙහිදී අනාවරණය විය.

 

 

ඇමතුම් 180ක අභිරහස: "රාජකාරියද? ජාවාරමද?"

 

US army spent close to $1m on untested snakebite drugs | TBIJ

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව 11 වන චූදිත (වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන) වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

 

මෙහිදී නඩුවේ අතිශය තීරණාත්මක සහ නාටකීය අවස්ථාවක් නිර්මාණය වූයේ, සාක්ෂිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ලබා දුන් ප්‍රකාශ සහ ඔහු එක්තරා සැපයුම්කරුවෙකු සමග ලබාගත් බව කියන අසාමාන්‍ය දුරකථන ඇමතුම් ප්‍රමාණය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරයා දැඩි ප්‍රශ්න කිරීමක නිරත වීමත් සමගය.

 

නීතිඥ:
ඔබට මතකද ඔබ සීඅයිඩීයට ප්‍රකාශ කීයක් දුන්නද කියලා?

සාක්ෂිකරු:
ඔව් තුනයි.

නීතිඥ:
ඒ තුන්වෙනි අවස්ථාවේ ප්‍රකාශය ගනිද්දි නේද ඔබේ දුරකථන සංවාද ගැන ප්‍රශ්න කළේ? සුදත් ජානක ප්‍රනාන්දු නමැති අයෙක් සමග කළ දුරකථන සංවාද ගැන ප්‍රශ්න කළේ?

සාක්ෂිකරු:
ඔව් ස්වාමීනී.

නීතිඥ:
එම තැනැත්තා සමග 2022 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඇමතුම් 180 ක් අරන් තිබුණා නේද?

සාක්ෂිකරු:
එසේය ස්වාමීනී.

 

මෙතරම් විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් එක් සැපයුම්කරුවෙකු වෙත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂිකරු කියා සිටියේ, අදාළ සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තා මුහුණු ආවරණ (face masks) ඇතුළු අයිතම 32 ක් සැපයූ දේශීය සැපයුම්කරුවෙකු බැවින්, එම සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් ආයතනය තුළ සිට "රාජකාරිමය අවශ්‍යතාව" මත දුරකථන ඇමතුම් ලබා ගත් බවයි.

 

නමුත් අදාළ අක්‍රමිකතා බහුලව සිදුවූ බව කියන තීරණාත්මක කාල වකවානුව තුළදී පමණක් ලබාගත් ඇමතුම් පිළිබඳව විත්තියේ නීතිඥවරයා සාක්ෂිකරුගෙන් දැඩිව ප්‍රශ්න කළේය.

 

නීතිඥ:
මම කියන්නේ 2022 සැප්තැම්බර් ඉඳලා 2023 ජනවාරි දක්වා ඇමතුම් 52 ක් හුවමාරු කරගෙන ඇති බවයි.

සාක්ෂිකරු:
මට මතක නැහැ.

නීතිඥ:
සැපයීම් කටයුතු ගැන විමසුවා කිව්වා නේද? ඇමතුම් පනස් දෙක ගැන ඔබට විතරක් කී දේ මතක නැද්ද?

සාක්ෂිකරු:
නැහැ.

නීතිඥ:
ඔබ බොරු කියනවා අමතක බවට!

සාක්ෂිකරු:
සැපයුම් සිදු කරන අවස්ථාවල සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාවල කමිටු ආදී සියල්ල සම්බන්ධීකරණය කරන්නේ මම. ඒ වගේ අවස්ථාවල ගන්නන ඇති.

 

 

CID විමර්ශනවල හිඩැස් පිළිබඳව විත්තියෙන් චෝදනා

 

Immunoglobulin scandal: Addl. Health Secretary makes confidential statement  – The Island

 

රාජ්‍ය සේවකයෙකු විසින් සැපයුම්කරුවෙකු සමග මෙතරම් සමීපව කටයුතු කර තිබියදීත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ක්‍රියාපටිපාටිය පිළිබඳව මෙහිදී විත්තියේ නීතිඥවරයා බලවත් සැකයක් මතු කළේය.

 

 

නීතිඥ:
කිසිම බිල්පතක් පරිශීලනය කළේ නැද්ද? දුරකථන ඇමතුම් 180 ක් තිබිලා තියෙනවා.

සාක්ෂිකරු:
මට නෙමෙයිනේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවනේ නිරීක්ෂණය කළේ. අපේ රාජකාරී සඳහා ඇමතුම් ගත්තා.

නීතිඥ:
ඒ තරම් ඇමතුම් ගත්තෙ ඇයි කියලා ඇහුවම ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඕක කීවා. ඔබ ඇමතුම් 180 ක් ම ගත්තේ රාජකාරි හේතූන්වලටද කියලා ප්‍රශ්න ආවෙත් නැහැ. ඔබ කිසිම කරදරයක් නැතුව සාක්ෂිකාරයෙක් වුණා. සී අයිඩීය ඔබව අත්අඩංගුවට ගන්න හැදුවද?

සාක්ෂිකරු:
නැහැ.

නීතිඥ:
කෙසේ හෝ අවසානයේ ඔබ මේ නඩුවේ සාක්ෂිකාරයෙක් වුණා.

සාක්ෂිකරු:
ඔව් ස්වාමීනි.

 

 

තමා කිසිදු වවුචරයක් පෞද්ගලිකව පරිශීලනය නොකළ බවත්, තමන් සිදුකළේ EOI (Expression of Interest) යෝජනා ක්‍රමය යටතේ වව්චර සකස් කිරීමට අදාළව පරිගණක පද්ධතියට මිල ඇතුළත් කිරීම පමණක් බවත් සාක්ෂිකරු විත්තියට පිළිතුරු දෙමින් කියා සිටියේය. කෙසේ වෙතත්, සාක්ෂිකරු සහ සැපයුම්කරුවන් අතර ඇතිවූ මෙම අසාමාන්‍ය දුරකථන සංවාද 180, විශේෂයෙන්ම තීරණාත්මක මාස 5ක කාලය තුළ ගත් ඇමතුම් 52ක් හුදෙක් "රාජකාරිමය සම්බන්ධීකරණයක්" පමණක්ම ද යන්න පිළිබඳව මෙම හරස් ප්‍රශ්න කිරීම් හරහා බලවත් සැකයක් මතු කර ඇත.

 

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් ජාලය සහ රාජ්‍ය නිලධාරීන් අතර පැවති සැඟවුණු ක්‍රියාකාරකම් තවදුරටත් මතු කරමින්, මෙම නඩුව ලබන 13 වනදා යළි විභාගයට ගැනීමට නියමිත අතර එදිනටද මෙම සාක්ෂිකරුගෙන් විත්තිය තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීමට නියමිතය.

 

ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුව: "පැමිණිල්ලේ මැදිහත්වීම් මැද විත්තිය හෑරූ ආයතනික  සිදුරු"

 

නඩු වාර්තාව
2026/07/10

 

බාල ඖෂධ ලබා දී රජයට පාඩු කළේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (10) විභාගයට ගැනුණු අවස්ථාවේ පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සෞඛ්‍ය කළමනාකරණ සහායක කෝරාධිපති නිහාල් රංජිත්, නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් මෙසේ ප්‍රකාශ කළේය.

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;
ඔබේ ගොනුවේ ඇති 30 පිටුවේ ඉන්වොයිසියේ ඡායාපිටපතේ ඔරිජිනල් පිටපත වන්නේ 90 ගොනුවේ ඇති. ඉන්වොයිසිය ද බලන්න

සාක්ෂිකරු ;
ඔව් ඒක තමයි ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ;
එහි මිල තහවුරු කරන මුද්‍රා තබා තිබේද?

සාක්ෂිකරු ;
නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;
මෙම ඉන්වොයිසිය ගෙවීම්වලට ඉදිරිපත් කළා. එහි GRN පොදුවේ තිබෙනවාද?

සාක්ෂිකරු ;
ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ;
මෙය හදා ඇත්තේ කවුද?

සාක්ෂිකරු ;
නසීර් මහතා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;
නසීර් මහතා එය සකසා නිර්දේශයට මිනිට් සටහනක් තබා තිබේද?

සාක්‍ෂිකරු ;
එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඒ කොතනද

සාක්ෂිකරු ; එහි තුන්වැනි සටහනේ

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 362 හි නසීර් තව වව්චර් පත් කීයක් යොදා ඇත්ද?

සාක්ෂිකරු ; තුනක් , 396, 397, හා 398

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය නිර්දේශ කළේ කවුද?

සාක්ෂිකරු ; නිරාන් ධනංජය මහතා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ ගොනුවේ 33 පිටුවේ ඇති ඡායස්ථ ඉන්වොයිසියේ පිටපත 92 ගොනුවේ 44පිටුවේ තිබෙන බව දන්නවද ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 363 ලේඛනය ගෙවීම් සඳහා ඔබේ අංශයට ලැබුණේ කවදාද?

සාක්ෂිකරු ; 2023/08/08 වැනිදා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 365 සකසා ඇත්තේ කවුද?

සාක්ෂිකරු ; නසීර් මහතා. ඔහු වම් පස අත්සන් කර තිබෙනවා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඊට නිර්දේශ ලැබී තිබේද?

සාක්ෂිකරු ; ඔව් නිරාන් ධනංජය මහතාගෙන්. එය කපිල වික්‍රමනායක අධ්‍යක්‍ෂතුමා අනුමත කර තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම ඉන්වොයිසියට අදාල GRN තිබේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ගෙවීම් වවුචරයේ අංකය කීයද?

සාක්ෂිකරු ; 000 0000 464

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 373 ට අදාල මිනිට් සටහන කොහෙද තියෙන්නේ?

සාක්ෂිකරු ; 2023?08/17 හතර වෙනියට තියෙන සටහන

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබේ ගොනුවේ 45 පිටුවේ ඡායාස්ථ පිටපතක් සහිත ඉන්වොයිස් පත හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඔව් එහි මුල් පිටපත 92 ගොනුවේ තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ මත Price conform මුද්‍රාව තබා තිබේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි මුල් ලේඛනය 92 ගොනුවේ 39 ලේඛනය නේ

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 374, 375 ගෙවීම් වලට අදාල ඩුප්ලිකේට් ඔබේ ගොනුවේ කොයි පිටුවද?

සාක්ෂිකරු ; 47 පිටුව

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 376 නිර්දේශයට යැවූ රිසිට් පත හඳුනාගන්න පුළුවන්ද?

සාක්ෂිකරු ; ඔව් පුළුවන් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කවුද එය නිර්දේශ කළේ?

සාක්ෂිකරු ; නිරාන් ධනංජය

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පිටු අංක 54 හි ෆොටෝ කොපි invoice එක 92 ගොනුවේ තිබෙනවාද?

සාක්ෂිකරු ; තිබෙනවා ස්වාමීනි

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; 64 ගොනුවේ 2V 34 ලේඛනය බලන්න. එහි තිබෙන වගුවේ ගෙවීම් වව්චර් වල අගයන් ඔබ කලින් හඳුනා ගත් ඒවාද.?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙහි සඳහන් late charges යනු මොනවාද?

සාක්ෂිකරු ; ඇණවුම දෙන්න ප්‍රමාද වුණොත් ඒ දින සඳහා අය කරන ප්‍රමාද ගාස්තුව.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙහි කොපමණ අය කර තිබෙනවාද?

සාක්ෂිකරු ,; රු 314,64ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ ගැනුම් ඇනවුම නිකුත් කරන්න ඇත්තේ කවුද?

සාක්ෂිකරු ; වෛද්‍ය හේරත් මහතා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි ඩිළිවරි. shedule තිබුනේ කවදද ?

සාක්ෂිකරු ; 2022 දෙසැම්බර් 17දා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි ප්‍රමාද ගාස්තු අය කළාද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ බව සඳහන් වන්නේ කොතැනද?

සාක්ෂිකරු ; වව්චරයේ වටිනාකමට පහළින් අඩු කිරීමේ ලකුණක් දාලා අඩු කරලා පෙන්වනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; බලන්න මෙයට අනුමැතිය හා නිර්දේශ ලැබිලද කියලා?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී නිරාන් ධනංජය මහතාගේ නිර්දේශ හා අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතාගේ අනුමැතිය ලැබිලා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2V 39 වගුවේ ICL /P/ 2/ 15 / 2022 තීරුවේ ප්‍රමාද ගාස්තු අයකර තිබේදැයිි බලන්න?

සාක්ෂිකරු ; ඔව් තිස් හතර අයිතමයට ප්‍රමාද ගාස්තු 889524.24 අය කරලා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; එම ප්‍රමාද ගාස්තු අය කරන ලද වව්චර පත හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඔව් පුළුවන්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 52 ගොනුවේ අට පිටුවේ වව්චර් පත බලන්න. එහි අංකය කුමක්ද?

සාක්ෂිකරු ; 000007142 ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය හඳුනා ගත හැකිද?

සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; එහි ප්‍රමාද ගාස්තු සකසා ඇත්තේ කෙසේද?

සාක්ෂිකරු ; වව්චරයේ වටිනාකමට පහළින් සෘණ ලකුණක් යොදා අඩුකර අගය පෙන්වනවා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙහි ඡායාස්ථ පිටපතට ඩුප්ලිකේට් ඡායාස්ථ පිටපත අධිකරණයට ඉදිරිපත් කළ හැකිද?

සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2V 39 ලේඛනයේ අංක 9 යටතේ කෑෂ් අගය නැති බව පෙනෙනවා. නමය තීරුවේ ප්‍රමාද ගාස්තු අයකර තිබෙනවා.

සාක්ෂිකරු ; 00000 70 741 වව්චර් පත අනුව රුපියල් 35 40 289. 48ක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එයට අනුමැතිය හා නිර්දේශය ලැබී තිබේද?

සාක්ෂිකරු ; එහි කාබන් පිටපත් මුද්‍රාව නැති නිසා නිර්දේශ කපිල වික්‍රමනායක මහතාගේ විය යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මිනිට් සටහන්වල නිර්දේශ හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඝනකාධිකාරී සැපයුම් , අධ්‍යක්ෂ සැපයුම් හා ඉන් ඉදිරියට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සැපයුම්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊළඟට ගොනුව කාටද ගියේ?

සාක්ෂිකරු ; සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඇයි මේක එහෙම ගියේ?

සාක්ෂිකරු ; මෙම වව්චරයේ වටිනාකම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට අනුමත කළ හැකි ප්‍රමාණය ඉක්මවා ඇති නිසා විය යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/12/27 EOI ප්‍රගතිය සම්බන්ධව සැපයුම්කරුවන්ට යැවිය යුතු ලිපිය 68 පිටුවේ තිබෙනවා. එයට අත්සන් කළේ කවුද?

සාක්ෂිකරු ; වෛද්‍ය කපිල වික්‍රමනායක

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මුද්‍රා තැබුවද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම රැස්වීම පැවැත්වෙන බවට දැනුම් දුන්නේ කවදාද?

සාක්ෂිකරු ; ජනවාරි 17

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරියගේ, ප්‍රශ්න නිමාවූ අතර විත්තියේ හරස් ප්‍රශ්න ආරම්භ විය.

ආරම්භයේ 11 වන චූදිත වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන වෙනුවෙන් නීතිඥ අමිත ආරියරත්න හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ ; ඔබට accountan (Supply) division එකේ රාජකාරි කරලා පුරුද්දක් ඇති.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඔබට මතකද ඔබ සීඅයිඩීයට ප්‍රකාශ කීයක් දුන්නද කියලා?

සාක්ෂිකරු ; ඔව් තුනයි

නීතිඥ ; අවසන් එක 2025 මැයි කිව්වොත් හරිද? ඒ තුන්වෙනි අවස්ථාවේ ප්‍රකාශය ගනිද්දි නේද ඔබේ දුරකථන සංවාද ගැන ප්‍රශ්න කළේ? සුදත් ජානක ප්‍රනාන්දු නමැති අයෙක් සමග කළ දුරකථන සංවාද ගැන ප්‍රශ්න කළේ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඔහු වෛද්‍ය සැපයීම් අංශයට සැපයීම් කළ කෙනෙක්.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; එම තැනැත්තා සමග 2022 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඇමතුම් 180 ක් අරන් තිබුණා.

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

නීතිඥ ; ඔබෙන් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇසුවා නේද?

සාක්ෂිකරු ; දේශීය සැපයුම්කරුවන්ගේ අයිතම 32 ක් තිබුණා. ඔහු ෆේස් මාස්ක් ඇතුළු අයිතම සැපයූ කෙනෙක්. spc හරහාත් අයිතම සපයනවා. එවැනි රාජකාරී වෙනුවෙන් ඇමතුම් ගත්තේ.

නීතිඥ ; සුදත් ජානක ප්‍රනාන්දු සමඟ ඇමතුම් 180 ක් ලබාගෙන ඇතැයි ඔබ පිළිගෙන තිබෙනවා.

සාක්ෂිකරු ; ආයතනය තුළ ඉඳගෙන සම්බන්ධීකරණ කටයුතු කරද්දී, දුරකථනයෙන් තමයි සම්බන්ධ වෙන්නේ.

නීතිඥ ; වෙනත් ඒවා ගැනත් ප්‍රශ්න කළාද? විශේෂයෙන් ඔබෙන් ඇහුවේ සුදත් ජානක ප්‍රනාන්දු ගැන විතරයි නේද?

සාක්ෂිකරු ; මතක නැහැ

නීතිඥ ; ඉන්පසු විශේෂ කාරණය 2022 සැප්තැම්බර් සිට 2023 ජනවාරි දක්වා ඇමතුම් පනස් දෙකක් ලබාගෙන තිබීමයි.

සාක්ෂිකරු ; මට ඒ ගැන මතක නෑ.

නීතිඥ ; මම කියන්නේ 2022 සැප්තැම්බර් ඉඳලා 2023 ජනවාරි දක්වා ඇමතුම් 52 ක් හුවමාරු කරගෙන ඇති බවයි.

සාක්ෂිකරු ; මට මතක නැහැ

නීතිඥ ; සැපයීම් කටයුතු ගැන විමසුවා කිව්වා නේද? ඇමතුම් පනස් දෙක ගැන ඔබට විතරක් කී දේ මතක නැද්ද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; ඔබ බොරු කියනවා අමතක බවට

සාක්ෂිකරු ; සැපයුම් සිදු කරන අවස්ථාවල සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාවල කමිටු ආදී සියල්ල සම්බන්ධීකරණය කරන්නේ මම. ඒ වගේ අවස්ථාවල ගන්නන ඇති.

නීතිඥ ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බිල්පත් ඉදිරිපත් කළාද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; කිසිම බිල්පතක් පරිශීලනය කළේ නැද්ද? දුරකථන ඇමතුම් 180 ක් තිබිලා තියෙනවා.

සාක්ෂිකරු ; මට නෙමෙයිනේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවනේ නිරීක්ෂණය කළේ. අපේ රාජකාරී සඳහා ඇමතුම් ගත්තා.

නීතිඥ ; ඒ තරම් ඇමතුම් ගත්තෙ ඇයි කියලා ඇහුවම ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඕක කීවා. නමුත් EOI යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වුණ කාලේ ලිපි කටයුතු වුනා.

සාක්ෂිකරු ; මම EOI වැඩ කළේ නැහැ. වව්චර් පත් හදන්න විතරයි සම්බන්ධ වුණේ. පරිගණක පද්ධතියට මිල ඇතුළත් කිරීමයි මම කරන්නේ.

නීතිඥ ; ඔය කාල සීමාව තුළ ඔබ වෛද්‍ය සැපයුම් අංශයෙන් නිලධාරීන් සැපයුම්කරුවන්ට කතා කළා. ඔබ ඇමතුම් 180 ක් ම ගත්තේ රාජකාරි හේතූන්වලටද කියලා ප්‍රශ්න ආවෙත් නැහැ. ඔබ කිසිම කරදරයක් නැතුව සාක්ෂිකාරයෙක් වුණා. සී අයිඩීය ඔබව අත්අඩංගුවට ගන්න හැදුවද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; කෙසේ හෝ අවසානයේ ඔබ මේ නඩුවේ සාක්ෂිකාරයෙක් වුණා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

සාක්ෂිකරුගෙන් තවදුරටත් විත්තියේ හරස් ප්‍රශ්න විමසීමට නියමිතය. නඩුව ලබන 13 වනදා යළි විභාගයට ගැනේ.

නවතම ලිපි