SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල

මහාධිකරණය ඉදිරියේ විභාග වන නඩුව, හුදෙක් එක් පාර්ශ්වයක වංචාවක් පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකේය රාජ්‍ය සෞඛ්‍ය යාන්ත්‍රණයේම පවතින බරපතළ පරිපාලන දුර්වලතා සහ වගකීම් විරහිතභාවය මනාව පරාවර්තනය කරන්නකි.

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිහාල් රංජිත් නැමැති 155 වන සාක්ෂිකරුගෙන් ඊයේ (09) දිනයේදී මතුකර ගන්නා ලද සාක්ෂි හරහා, සෞඛ්‍ය සේවයේ සිදුවන අක්‍රමිකතාවන් සඳහා රාජ්‍ය නිලධාරීන් සෘජුවම වගකිව යුතු ආකාරය නෛතිකව නිරාවරණය වෙයි.

 

 Counterfeit Rituximab Distributed to Government Hospitals

 

මෙම නඩු වාර්තාවේ ඇතුළත් සාක්ෂි විශ්ලේෂණය දී, රාජ්‍ය ආයතන තුළ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය කෙතරම් යාන්ත්‍රික සහ අක්‍රමවත්ද යන්න පැහැදිලි වේ.

 

 

භාෂාමය නොදැනුවත්භාවය සහ අන්ධ අනුමැතිය

රාජ්‍ය ලේඛන හැසිරවීමේදී නිලධාරීන්ට තම විෂය පථය පිළිබඳව පවතින අවබෝධයේ සීමාවන් මෙහිදී මනාව ඉස්මතු වේ. ලිපිගොනු සැකසීමේදී අන්තර්ගතය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව, හුදෙක් ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීමේ යන්ත්‍ර බවට රාජ්‍ය නිලධාරීන් පත්ව ඇති ආකාරය පහත සංවාදයෙන් තහවුරු වෙයි.

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:-

"පැ 316 අනුව ඔබ 4 වන චූදිතට ඉදිරිපත් කළ ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන්නේ. ඔබ ඊයේ කිව්වා ඉංග්‍රීසි භාෂාව ගැන ලොකු දැනුමක් නැති බව. මේ ලිපිය ලිව්වේ කොහොමද?"


සාක්ෂිකරු:-

"අපි ළඟ එවැනි සකස් කළ ලිපි තියෙනවා. ඒ අනුව සකස් කළ පසු ඔවුන් නිවැරදි කරනවා."

 

 

භාෂාමය අවබෝධයක් හෝ විෂයබද්ධ කියවීමක් නොමැතිව, කලින් සකස් කළ ආකෘති මත පමණක් යැපෙමින් රජයේ ඉහළම ප්‍රසම්පාදන ලේඛන සකස් වීම, සමස්ත පද්ධතියේම ඇති අනාරක්ෂිතභාවය පෙන්වා දෙයි. මෙය බරපතළ වංචාවකට ඉතා පහසුවෙන් ඉඩ සලසන පරිපාලනමය සිදුරකි.

 

 Rituximab—The World"s First Oncology Monoclonal Antibody  Therapy_Chemicalbook

 

රාජ්‍ය ලේඛන අත්තනෝමතික ලෙස විනාශ කිරීම

නඩු විභාගයේදී අනාවරණය වූ වඩාත්ම කම්පන සහගත කරුණක් වන්නේ, ඉහළ නිලධාරීන් විසින් නිල රාජ්‍ය ලේඛන සම්බන්ධයෙන් අනුගමනය කරන ලද අත්තනෝමතික සහ වගකීම් විරහිත හැසිරීමයි. ලේඛනගත කළ යුතු නිල ප්‍රතික්ෂේප කිරීමක් වෙනුවට, රාජ්‍ය දේපළක් වන ලිපිගොනු විනාශ කිරීමේ සාහසික ක්‍රියාවක් පහත දෙබසින් හෙළිදරව් වෙයි.

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:-

"නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඒක බලලා කුමක්ද කිව්වේ?"

සාක්ෂිකරු:-

"මට එවන්න අවශ්‍ය නැහැ කිව්වා. ඉරලා දැම්මා."

 

 

රාජ්‍ය පරිපාලන නීතියට අනුව, ඕනෑම ලේඛනයක් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට අදාළ ලිඛිත සටහනක් (Minute) තැබීම අනිවාර්ය වේ. ලිපියක් ඉරා දැමීම යනු හුදෙක් රාජ්‍ය සම්පත් විනාශ කිරීමක් පමණක් නොව, විනිවිදභාවය සහ අනාගත විගණන කටයුතු හිතාමතාම වසන් කිරීමකි.

 

 Priority Health won't cover SCIG as first-line treatment | Immune  Deficiency Foundation

 

 

ධුරාවලියේ සන්නිවේදන බිඳවැටීම සහ අවිධිමත් ප්‍රසම්පාදනය

සැපයුම් අංශය සහ තොග පාලන අංශය අතර කිසිදු විධිමත් සන්නිවේදනයක් නොමැතිව, ගැනුම් ඇණවුම් (Purchasing Orders) නිකුත් කර ඇති ආකාරය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ තියුණු ප්‍රශ්න කිරීම් හමුවේ නිරාවරණය විය.

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:-

"...හේරත් මහතාත් 07/24 දින අනුමත කර අවසර දී තිබෙනවා. නමුත් ඒ වන විටත් MSD V orders ලබාදී අවසන් බව කවුරුවත් ඔබට දැනුවත් කලේ නැද්ද?"

සාක්ෂිකරු:-

"නැහැ ස්වාමීනී"

 

 

අදාළ ලිපිගොනු ධුරාවලිය ඔස්සේ (Chain of command) ගමන් කරමින් තිබියදීම, වෙනත් පාර්ශ්වයන් විසින් ඇණවුම් ලබා දී අවසන් වීමෙන් පෙනී යන්නේ, රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති ආයතනික පටිපාටිය (Standard Operating Procedures) හිතාමතාම මඟහැර ඇති බවයි.

 

 

 Paper documents Images - Free Download on Magnific (formerly Freepik)

 

සැපයුම්කරුවන් සමඟ පවතින අනීතික සමීපභාවය

වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් සහ සැපයුම්කරුවන් අතර පවතින වෘත්තීය සීමාව ඉක්මවා ගිය සමීපභාවයද මෙම සාක්ෂි හරහා දිගහැරේ. අයිසොලෙස් බයෝටෙක් ෆාමා ආයතනයේ හිමිකරු කාර්යාලයට පැමිණි විට සෘජුවම නිල ලිපිගොනුවේ මුල් පිටපත ඔහු අතට පත්කිරීම, රජයේ කාර්යාලයක පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි.

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:-

"අයිසොලෙස් බයෝටෙක් ෆාමා හිමිකරු ආවාම මුල් පිටපත දුන්නාද?"

සාක්ෂිකරු:-

"ඔව් ගොනුවේ තිබූ පිටපත දුන්නා ස්වාමීනි."

 

 

මෙම සාක්ෂි හරහා නෛතිකව සනාථ වන්නේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම හුදෙක් එක් පුද්ගලයෙකුගේ හෝ දෙදෙනෙකුගේ හුදෙකලා ක්‍රියාවක් නොවන බවයි. එය ලිපිගොනු අත්තනෝමතික ලෙස ඉරා දමන ඉහළ නිලධාරීන්ගේ සිට, ඉංග්‍රීසි භාෂාව නොදැනම ලිපි අනුමත කරන පහළ නිලධාරීන් දක්වා දිවෙන, වගවීමකින් තොර පරිපාලන සංස්කෘතියක ප්‍රතිඵලයකි. මහජන බදු මුදල් මෙන්ම රටේ පුරවැසියන්ගේ ජීවිත ද අනතුරේ හෙළන මෙවැනි රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් පැහැර හැරීම, දූෂණයට අනුබල දීමක් ලෙසම නීතිය ඉදිරියේ අර්ථකථනය කළ යුතුය.

 

 ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන්ට බදු ලිපි ගොනු . – Ravana Lanka News

නඩු වාර්තාව
2026/07/09

 

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම පිළිබඳ නඩු විභාගය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ඊයේ (09) යළි විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂි සඳහා දෙවන දිනටත් කැඳවා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කළමනාකරන සහකාර කෝරාධිපති නිහාල් රංජිත් නමැති මෙම නඩුවේ 155 වන සාක්ෂිකරුය.

ඔහු ඊයේ (09) දිනයේද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන්නේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ; පැ 315 ලේඛනයේ ඝණකාධිකාරී (සැපයුම්) දමා ඇති සටහනට යටින් III යටතේ ඇති දෙවන මිනිත්තුවට යටින් සටහන දමා ඇත්තේ කවුද?

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඔබේ අත්සනක් තිබෙනවාද? එය දැමූ දින කවදාද ?

සාක්ෂිකරු ; මගේ අත්සන තිබෙනවා. 2022 / 12/ 23 .... එම සටහන යෙදුවේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇණවුම් දමා ඇති සැපයුම්කරුවන් වෙත යවන ලිපියක් සඳහා එන සටහනක් ඒ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊට උපදෙස් දුන්නේ කවුද?

සාක්ෂිකරු ; අධ්‍යක්ෂ තුමාගේ උපදෙස්මත

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එම ලිපිය ගොනුවේ තිබෙනවාද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය; එම ලිපිය ඝනකාධිකාරී වෙත යොමු කළාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඝනකාධිකාරී කවුද?

සාක්ෂිකරු ; නිරාන් ධනංජය මහතා - ඖෂධ නිෂ්පාදන(සැපයීම්)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවුද එහි ප්‍රධානියා

සාක්ෂිකරු ; වෛද්‍ය සමන් රත්නායක මහතා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ඊයේ දහවන චූදිත ලෙස හඳුනා ගත්තා

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ නිරාන් දනංජය ඝනකාධිකාරීවරයා සමඟ කොපමණ කල් සේවය කර ඇත්ද?

සාක්ෂිකරු ; වසර එකහමාරක් පමණ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඒ කාලය තුළ ඔහුගේ අත්සන හා අත් අකුරු දැක තිබේද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ කෙසේද?

සාක්ෂිකරු ; අපි ලියන සටහන් ඔහුට ඉදිරිපත් කළ පසු ඔහු තබන සටහන් මතින්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔහු මෙහි සිටිනවාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔහු මේ ලේඛණයට අත්සන් කළ පසුවද ඔබ අත්සන් කරන්නේ?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ මේ ගොනුවේ හැට හත පිටුව අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළාද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

අදාළ සටහන පැ 316ලෙසත් ගණකාධිකාරී - සැපයීම් ගේ අත්සන 316 I ලෙසත් ලකුණු කරන ලදී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 316 අනුව ඔබ 4 වන චූදිතට ඉදිරිපත් කළ ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන්නේ. ඔබ ඊයේ කිව්වා කිව්වා ඉංග්‍රීසි භාෂාව ගැන ලොකු දැනුමක් නැති බව. මේ ලිපිය ලිව්වේ කොහොමද?

සාක්ෂිකරු ; අපි ළඟ එවැනි සකස් කළ ලිපි තියෙනවා. ඒ අනුව සකස් කළ පසු ඔවුන් නිවැරදි කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙම ලිපියේ කුමන පිටපතද ගොනුකර තිබෙන්නේ?

සාක්ෂිකරු ; කාර්යාල පිටපත

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් වරිය ; මිනිට් සටහනට යටින් අත්සන කාගෙද?

සාක්ෂිකරු ; අධ්‍යක්ෂතුමාගේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; IV ලෙස ඇති සටහන බලන්න. කවුද ඒ මිනිට් සටහන තබා තිබෙන්නේ?

සාක්ෂිකරු ; මෙම ගොනුව භාර නිලධාරිනිය වන උදේශිකා මහත්මිය. ඇය සැපයුම් අංශයේ සංවර්ධන සහකාරිකාවක්. සැපයුම් ඝනකාධිකාරී යටතේ සේවය කරන

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඇය කොපමණ කල් සේවයකළාද?

සාක්ෂිකරු ; වසර තුනක් පමණ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ ඇයගේ අත් අකුරුදන්නවාද?

සාක්ෂිකරු; ඔව් මගේ ගොනුවල ඇය සටහන් තබනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඇය IV සටහන තබා ඇත්තේ කා වෙතද?

සාක්ෂිකරු ; නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඒ සටහන අදාල ලේඛනයේ ඇතුලේ තිබේද?

සාක්ෂිකරු ; ඔව් පිටු අංක 70 සිට 77 දක්වා සටහන් කර තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඝනකාධිකාරී සැපයීම් මෙහි සටහන් යොදා තිබේද?

සාක්ෂිකරු ; ඔව් සටහන් යොදා, දිනය හා අත්සන තබා තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඒ කටයුතු වලින් පසු ඔබ කරන්නේ කුමක්ද?

සාක්ෂිකරු ; අධ්‍යක්ෂ වෙත ගොනුව යොමු කිරීම

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; කවුද අධ්‍යක්ෂ

සාක්ෂිකරු ; වෛද්‍ය කපිල වික්‍රමනායක

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔහුව අත්සන යෙදූ පසු ඔබ කුමක් කරනවාද?

සාක්ෂිකරු; ඊළඟ නිලධාරියාට යොමු කරනවා ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; එහි ඇනවුමට ඇතුළත් කුමක්ද?

සාක්ෂිකරු EOI යටතේ අනුමැතිය ලද ලියුම

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අයිතම 158 යටතේ ගැනුම් ඇණවුම් ඇතුළත් කළ එකක්.

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කාටද එහි ආමන්ත්‍රණය කර ඇත්තේ?

සාක්ෂිකරු ; වෛද්‍ය සමන් රත්නායක මහතාට

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; එහි අත්සන කාගේද?

සාක්ෂිකරු ; නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩී ආර් ඩී පේරත් මහතාගේ

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ එහි කුමන පිටපතද?

සාක්ෂිකරු ; කාර්යාල පිටපත

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ 79 පිටුවේ ලිපියෙහි ඇනවුම් හඳුනා ගත්තා නේද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 317 - IV ලියන අවස්ථාව වන විට EOI යටතේ අයිතම කීයක් ලැබී තිබුණාද?

සාක්ෂිකරු ; 9 ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සම්පූර්ණයෙන්ම කීයද? සම්පූර්ණ නොවන කීයද?

සාක්ෂිකරු ; සම්පූර්ණ 5 යි. අසම්පූර්ණ 4යි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 317 හි මුද්‍රාවක් හා අත්සනක් තිබෙනවා. ඒකාගෙද?

සාක්ෂිකරු ; එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අත්සන් කර තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ ඒ අත්සන හඳුනනවාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 68 පිටුවේ මිනිට් සටහන් දුටුවාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි, මේ සම්බන්ධව නම් මට දැනුමක් නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; කවුද ඒ මිනිට් ඇතුළත් කරන්නේ? විෂය භාර නිලධාරියාට පුළුවන්ද

සාක්ෂිකරු ; බැහැ ස්වාමීනි, ඉහළින් සිටින මාණ්ඩලීක නිලධාරියෙක් විය යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙතනදී කවුද?

සාක්ෂිකරු ; ගණකාධිකාරී සැපයුම්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 66 ලිපිය කවදා ලියූ එකක්ද? අත් අකුරු කාගෙද?

සාක්ෂිකරු ; 2022/10/18 දින ලියූ එකක්. වෛද්‍ය හේරත් මහතාගේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ ගොනුවට ඇතුළත් කර ඇත්තේ. එම ලිපියේ මුල් පිට පිටපතද ඡායාා පිටපතක්ද?

සාක්ෂිකරු ; ඡායා පිටපතක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 320 ලිපිය කවුරු විසින් එවන ලද්දක්ද?

සාක්ෂිකරු ; අයිසොලිස් බයෝ ටෙක් ෆාමා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කුමක් සඳහා එවන ලද්දක්ද?

සාක්ෂිකරු ; WR එකක් ලබා ගැනීම සඳහා මෙහි දෙවන ඡේදයේ ඒ බව සඳහන් වෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 320 II හි දිනයක් සඳහන් වෙනවා

සාක්ෂිකරු ; ඔව් , 2020 ජනවාරි 16 ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය කාට යැවූ එකක්ද?

සාක්ෂිකරු ; ගණකාධිකාරී සැපයුම්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 320, 7 වන චූදිත අමතා ලියූ එකක් බව ඔබ හඳුනා ගත්තා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 319 හි 5A සිට 320 දක්වා අවධානය යොමු කරමින් IV මිනිට් සටහන වෙත අවධානය යොමු කරන්න. කවුද මේ මිනිට් සටහන තබා තිබෙන්නේ?

සාක්ෂිකරු ; උදේශිකා නැමැති සංවර්ධන සහකාරීවරිය

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇය මේ සටහන තබා ඇත්තේ කා හරහා කවුරු වෙතද?

සාක්ෂිකරු ; අධ්‍යක්ෂ වෙත. අයිසොලෙස් ෆාමා විසින් ඒවා ඇති ලිපිය සම්බන්ධව අත්සනට බව සඳහන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඊට අදාළ ලිපිය කොහෙද තියෙන්නේ?

සාක්ෂිකරු ; 84 පිටුව ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; කුමක්ද එහි කර තිබෙන්නේ ?

සාක්ෂිකරු ; අත්සන තබා දිනය දාලා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඉන්පසු ඔබ කුමක්ද කළේ?

සාක්ෂිකරු ; එය අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කරනවා.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; එම ලිපියේ නිල් පෑනකින් වැරදි නිවැරදි කර තිබෙනවා.කවුද එය කර තිබෙන්නේ?

සාක්ෂිකරු ; වෛද්‍ය කපිල වික්‍රමනායක අධ්‍යක්ෂ තුමා

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් වරිය ; එම වැරදි නිවැරදි කළ ලිපිය තියෙනවද?

සාක්ෂිකරු ; 85 පිටුව

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම ලිපිය ඔබට හඳුනාගත හැකිද? එම ගොනුව දෙවන චූදිත වෙත ඉදිරිපත් වූ බවට සාක්ෂි තිබෙනවාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි 2023/02/20 ලෙස දිනය සටහන්ව තිබෙනවා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි දින මුද්‍රාවක් පෙනෙනවද එය කුමන කාර්යාලයකද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. අධ්‍යක්ෂ කාර්යාලයෙන්. 2023 පෙබරවාරි 20 ලෙස සටහන්ව තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අධ්‍යක්ෂතුමා විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙත මිනිට් සටහනක් තැබූූ පසු එය කාටද ඉදිරිපත් විය යුත්තේ?

සාක්ෂිකරු ; නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමාට

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 85 පිටුවේ ඇති ලිපිය බලන්න. එහි නිල් පෑනකින් තබා තිබෙනවා . 2 චූදිත විසින් 7 චූදිත වෙත යැවූ ලියුමක් වෙනත් අයෙක් අතට යා හැකිද?

සාක්ෂිකරු ; නොහැකියි ස්වාමීනි. සාමාන්‍යයෙන් අපි ගොනුව ඉදිරිපත් කරනවා නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමාට. ඒ හැර වෙන කෙනෙක් අතට යා නොහැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 321 හි දෙවන චූදිතගේ මිනිට් සටහනින් පසු අත්සන් හෝ සටහන් තිබේද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහෙම නොතිබෙන්න හේතුව කුමක්ද ?

සාක්ෂිකරු ; අදාළ නිලධාරියා එය අත්සන් කර නැති බවයි පෙනෙන්නේ

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ සැකසූ ලියුම 316 II අනුව දෙවන චූදිත අත්සන් තැබුවාද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම ලිපියේ පෑනකින් සඳහන් කර ඇත්ද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; 86 පිටුවේ ලියුම කවුරු විසින් කවදා කාට එවන ලද එකක්ද?

සාක්ෂිකරු ; පෙබරවාරි 28 වැනිදා, අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා මගින් ඝණකාධිකාරීවරයා වෙත එවන ලද්දක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැපයීම අංශයේදී, දින මුද්‍රාවට යටින් තබා ඇති සටහන කුමක්ද?

සාක්ෂිකරු ; මා විසින් ඝනකාධිකාරී සැපයුම් වෙත 2023/03/02 දින යවන ලද්දක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; එහි ඇති අත්සන කාගෙද?

සාක්ෂිකරු ; නිරාන් ධනංජය මහතාගේ

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔහු විසින් ඔබේ සටහනට අත්සන යෙදූ පසු කුමක්ද කළේ?

සාක්ෂිකරු ; අධ්‍යක්ෂකාර්යාලයට යොමු කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි සටහන කුමක්ද?

සාක්ෂිකරු ; කපිල වික්‍රමනායක මහතා විසින් ප්ලීස් ඩිස්කස් ලෙස සටහන් කර තිබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 87 පිටුවේ ඇති ලියුම කොහොම ආ එකක්ද?

සාක්ෂිකරු ; 2023 මාර්තු 1 දා සැපයීම් ශාඛාවෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය ලැබුණු පසු ගත් පියවර කුමක්ද ?

සාක්ෂිකරු ; මම එය අධ්‍යක්ෂතුමා වෙත යොමු කිරීමට සටහන් යෙදුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ එය යැව්වේ කාටද?

සාක්ෂිකරු ; අධ්‍යක්ෂතුමාට

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි යැව් දිනය කුමක්ද?

සාක්ෂිකරු ; 2023 මාර්තු 2. එහි අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතාත් අත්සන් කර තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අධ්‍යක්ෂක කාර්යාලය වෙත යැවූ ලිපිය ඊළඟට කුමක්ද වුනේ?

සාක්ෂිකරු ; අපේ කාර්යාලයට පෙබරවාරි 28 ආවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 322 , පැ 323 ලිපිය ප්‍රකාරව ප්ලීස් ඩිස්කස් ලෙස දැන්වූ පසු කුමක්ද කළේ?

සාක්ෂිකරු ; ඒ අනුව අධ්‍යක්ෂ සමග සාකච්ඡා කොට අතිරේක ලේකම් වෙත ලියුමක් සකසන්න කියා නිරාන් ධනංජය මහතා. මට උපදෙස් දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; කුමක් සඳහාද?

සාක්ෂිකරු ; අයිසොලිස් බයෝටෙක් ෆාමා වෙත යැවීම සඳහා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ලියුම සැකසුවාද?

සාක්ෂිකරු ; ඔව් පිටපත් තුනක් සකසා මුල් පිටපත අමාත්‍යාංශ ලේකම්ට, දෙවැන්න අධ්‍යක්ෂතුමාට සහ තෙවැන්න කාර්යාල ගොනුවට තැබුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කාර්යාල පිටපත දැන් කොහෙද?

සාක්ෂිකරු ; 88 වශයෙන් අමුණා තිබෙනවා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ හැදුව එම පිටපත බලන්න එය කාගේ අවශ්‍යතාවක් සඳහාද?

සාක්ෂිකරු ; වෛද්‍ය හේරත් මහතාගේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ඇමතුවේ කවුද?

සාක්ෂිකරු ; අතිරේක ලේකම් ඖෂධ සැපයුම්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කාරණය ඇතුළත් වී තිබේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි, පළමු පරිච්ඡේදය යටතේ එය ඇතුළත්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එයින් ඉල්ලා ඇත්තේ කුමක්ද?

සාක්ෂිකරු ; WR ලබා ගැනීම සඳහා කරන ඉල්ලීම අත්සනට ඉදිරිපත් කරන බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නිරාන් ගණංජයගේ අත්සනට යැවූ දිනය කවදාද?

සාක්ෂිකරු ; 2023 /03/23

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඒක බලලා කුමක්ද කිව්වේ?

සාක්ෂිකරු ; මට එවන්න අවශ්‍ය නැහැ කිව්වා කිව්වා. ඉරලා දැම්මා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ කුමක්ද කළේ?

සාක්ෂිකරු ; නිරාන් ධනංජය මහතාට දැනුම් දුන්නා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; සැපයුම්කරු ලියුම ගන්න ආවාද?

සාක්ෂිකරු ; ආවා එවිට කාර්යාල ගොනුවට පිටපත් දෙකක් දමා ඔහුට ලියුම දුන්නා.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් වරිය ; පැ 325 යොදන අවස්ථාවේ 86,87 හි තිබුනේ මුල් පිටපත්ද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා හිමිකරු ආවාම මුල් පිටපත දුන්නාද?

සාක්ෂිකරු ; ඔව් ගොනුවේ තිබූ පිටපත දුන්නා ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ ඔහු හඳුනනවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී, වෛද්‍ය සැපයුම් ඒකකයේ දේශීය නිෂ්පාදන වැඩසටහන යටතේ සමහර කෙමිකල් සැපයීමේ ගිවිසුමක් තියෙනවා. ඔහු ෆේස් මාස්ක් වැනි දේ සපයනවා. ඒ නිසා ඔහු දන්නවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මොනවද ඔහු දෙන කෙමිකල්?

සාක්ෂිකරු ; පිරිසිදු කාරක තිස් දෙකක් තිබෙනවා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; දේශීය සැපයුම්කරුවකු ලෙස කොහෙටද සම්බන්ධ වෙන්නේ?

සාක්ෂිකරු ; වාර්ෂික බෙදා දීම් සාකච්ඡා වලට එනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ඔහු වගේම අනෙක් අය සමගත් සම්බන්ධ වෙනවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. ඒවා සංවිධානය කරන්නේ මමයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 324 ලේඛනයේ අවසන් අංක 1 හා 2 ලෙස අත් අකුරින් සටහනක් තියෙනවා. ඒ කාගෙද?

සාක්ෂිකරු ; මගේ ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා හැර වෙන කිසිවෙක් 1 සිට 88 දක්වා ලේඛනවල නැහැ නේද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 325 ලේඛනයේ මිනිට් සටහනට යටින් සටහන කාගෙද?

සාක්ෂිකරු ; එය මගේ සටහනක්. 2023/04/10 දින ඝණකාධිකාරී මගින් අධ්‍යක්ෂ වෙත යැවීම සඳහා දැමූ සටහනක්.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් වරිය ; පිටු අංක 89 හා 90 කුමක්ද?

සාක්ෂිකරු ; සැපයීම් ලැබී තිබූ අයිතම ලබා ගැනීම සම්බන්ධව.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පිටු අංක 90 කින් 90 වන පිටුව ලෙස සටහන් කළ ස්ථානයද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; MSD PO අංකය ලබාගන්නේ කෙසේද?

සාක්ෂිකරු ; අයිතම වලට අදාළව ඒවා පවත්වාගෙන යන්නේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; තොග සැපයුම්කරුවන් කී දෙනෙක් පමණ ලැයිස්තුගතව සිටිනවාද?

සාක්ෂිකරු ; 22 පමණ ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පිටු අංක 89 හා 90 දක්වා තවත් අයිතම තිස් හතක් සඳහන් ඒ මොනවාද?

සාක්ෂිකරු ; ඖෂධ වර්ග 37 ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ විසින් මිනිට් සටහන් දැමූ පසු ඊළඟට ගත් ක්‍රියාමාර්ගය මොනවාද?

සාක්ෂිකරු ; එම ගොනුව අධ්‍යක්ෂ වෙත යොමු කළා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔහු දැමූ සටහන කොතැනද?

සාක්ෂිකරු ; මැද පෑනකින් තනි ඉරකින් කපා ගොනු ඇති සටහන. ඒ 2023/10/07 වැනිදා. ඊට පිළිතුරු ලෙස අත්සන් කර ඇති තැනැත්තා මට හඳුනාගත නොහැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොග පාලන නිලධාරී දැමූ සටහන් ඇතිදැයි ඔබට කිව හැකිද?

සාක්ෂිකරු ; ෆ්ලුසිමයිඩ් injection, receine UNOP Project 606070 Vials monthly request is 250000 ඉතිරිය මට පැහැදිලි නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; පිටු අංක 191 ට යන්න. කීවෙනි අයිතමය යටතේද එය තියෙන්නේ?

සාක්ෂිකරු ; 2 වන අයිතමය ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; දෙවන චූදිත විසින් කපන ලද මිනිට් එකට එහායින් ඇත්තේ කාගේ අත්සනද?

සාක්ෂිකරු ; කපිල වික්‍රමනායක මහතාගේ. එය මා හරහා නොව අතිරේක අධ්‍යක්ෂ හරහා ගිය එකක් විය යුතුයි. මන්ද එය Supplies වෙත දැමූ සටහනක්. එය 2023/07/24 දින දමා තිබෙන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබට ගැනුම් මැනවුම් නිකුත් කරන්න උපදෙස් ලැබී තිබෙනවානේ. ඔබ මොනවද කළේ?

සාක්ෂිකරු ; එහි ඕඩර් ලිස්ට් අංකය spc එකක්. ඒකෙන් අපට ගැනුම් ඇණවුම් ගන්න බැරි බැවින් MSD V Oder එකක් දමන්න කියා ගණකාධිකාරී සැපයුම් වෙත මිනිට් එකක් දැම්මා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අයිතම 121 ක් තොග ලැබීම නිසා ගොනුව ගොණුව යැවූ බවත් 2023/07/24 දින නැවත ගොනුව ආ බවත් ඔබ කීවා. ඔබලා යැවූ ගොනුවේ පර්චස් ඕඩර් එක ලැබිලා තිබුණා. ඒ කුමන ඇනවුමක්ද කියලා බැලුවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023/07/24 වන විටත් MSD V ඕඩර් දමා තිබූ බව කවුරුන් හෝ ඔබට කීවාද ?

සාක්ෂිකරු ; නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ උපදෙස් ඉල්ලුවේ කාගෙන්ද?

සාක්ෂිකරු ; ඝනකාධිකාරී සැපයුම්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔහු නිර්දේශ කර තිබුණා. එය අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක වෙත ගොස් තිබූ අතර recommented කියා 2023/07/24 දින අනුමත කරනවා. හේරත් මහතාත් 07/24 දින අනුමත කර අවසර දී තිබෙනවා. නමුත් ඒ වන විටත් MSD V orders ලබාදී අවසන් බව කවුරුවත් ඔබට දැනුවත් කලේ නැද්ද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 331 ලේඛනයේ යාඩෙන් international වෙත යවා ඇති ලියුම කියවා තේරුම් ගත හැකිද?

සාක්ෂිකරු ; නොහැකියි ස්වාමීනි,

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ගැනුම් ඇනවුම් නිකුත් කළ 158 න් NMRA මගින් WR ලබා ගැනීම සඳහා සැපයුම්කරුවන් කී දෙනෙක් ඉල්ලුම් කළාද?

සාක්ෂිකරු ; දෙදෙනයි. අයිසොලෙස් බයෝටෙක් ෆාමා සහ යාඩෙන් international පමණයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; යාඩෙන් international ඉල්ලීමක් කළ පදනම කුමක්ද?

සාක්ෂිකරු ; මා දන්නේ නැහැ ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; යාඩෙන් ඉන්ටර්නෙෂනල් කළ ඉල්ලීම 230 පිටුවේ ඇතැයි ඔබ හඳුනාගත්තා. ඒ ඉල්ලීම හා ඊට අදාල මිනිට් සටහන්ද හඳුනා ගත්තා. එහි පළමු පේළියේ ICL යටතේ ලබා දී ඇති අයිතම දෙකක WR ලබා ගැනීම සඳහා අතිරේක ලේකම්වරයා වෙත සපයන ලද නිර්දේශය කුමක්ද?

සාක්ෂිකරු ; මා දන්නේ නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අයිසොලෙස් බයෝ ටෙක් හි WR ලබා ගැනීමට සකස් කර ඇති ලියුම 324 ලෙස ඔබ හඳුනා ගත්තා. එහිදී ඔබ සකස් කල ලියුමෙන් සෘජුව WR නිකුත් කරන ලෙස ඉල්ලා තිබුනද?

සාක්ෂිකරු ; ඉල්ලා තිබුණා සුදුසු කටයුතු සඳහා NMRA එකට ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලුවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 97 ගොනුවට අවධානය යොමු කරන්න. මෙය කා භාරයේද තිබුණේ?

සාක්ෂිකරු ; මා භාරයේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නැවත ඇගයීම් කර එවු ප්‍රසම්පාදන 17 ක් තමයි ඔබට මුලින්ම ලැබෙන්නේ. ඔබ කිව්වා සැපයීම් අංශය පරීක්ෂා කර බලන ලේඛන පිළිබඳව. පිටු අංක 4 හි ඇති ලේඛණය හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඔව් එය ගැනුම් ඇනවුමක්

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; පිටු අංක 2 සිට 4 දක්වා එම ඇනවුම තිබෙනවා. පිටු අංක 1 හි තිබෙන්නේ කුමක්ද ?

සාක්ෂිකරු ; මට එය පැහැදිලි නැහැ.

යෝජ්‍ය සොලිසිටර්ර් ජෙනරාල් වරිය ; කොහෙන්ද ඒක ලැබිල ලැබිලා තියෙන්නේ?

සාක්ෂිකරු ; ඖෂධ නියාමන අංශයෙන්.

නඩුව අද (10) දිනට කල් තැබිණි. මෙම සාක්ෂිකරු අද දිනයේද සාක්ෂි සඳහා කැඳවීමට නියෝග ලැබිණි.

නවතම ලිපි