SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ගේ ආදරණීය පුත්, 25 හැවිරිදි නිවින් කුමරප්පෙරුම

ඊයේ (12) දහවල් හදිසියේම අභාවප්‍රාප්ත විය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, කැනඩාවේදී උසස් අධ්‍යාපනය හදාරා මව්බිමට පැමිණ සිටි මෙම තරුණයාගේ අකල් සමුගැනීම, පවුලේ ඥාතීන් මෙන්ම හිතමිතුරන් ද දැඩි කම්පනයකට හා ශෝකයකට පත් කර තිබේ.

 

 

අවසන් කටයුතු පිළිබඳ විස්තර

724005140_10164673362384419_5092576130840754054_n.jpeg

නිවින්ගේ අවසන් කටයුතු හෙට (ඉරිදා) දිනයේදී සිදු කිරීමට නියමිත අතර, ඒ පිළිබඳ විස්තර පහත පරිදි වේ:

  • දේහය තැන්පත් කර ඇති ස්ථානය: අංක 11, පැලවත්ත පාර, නුගේගොඩ.

  • දේහය නිවසින් රැගෙන යාම: හෙට (ඉරිදා) සවස 3.00 ට (ආගමික වත්පිළිවෙත් වලින් අනතුරුව).

  • අවසන් කටයුතු: හෙට සවස 5.00 ට බැද්දගාන පොදු සුසාන භූමියේදී.

 

 

හදිසි මරණයට හේතුවූ 'නිශ්ශබ්ද මාරයා' (DVT)

අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව, යන්තම් 25 වැනි වියෙහි පසු වූ නිවින්ගේ ජීවිතය උදුරාගෙන ඇත්තේ වෛද්‍ය විද්‍යාවේ ‘Deep Vein Thrombosis’ (DVT) ලෙස හැඳින්වෙන තත්ත්වයයි. මෙය ශරීරයේ ගැඹුරින් පිහිටි ශිරාවල (විශේෂයෙන් කකුල් හෝ උකුල් ප්‍රදේශයේ) ලේ කැටියක් හටගැනීම නිසා ඇතිවන දැඩි සෞඛ්‍ය අවදානමකි.

 

මෙම තත්ත්වය ප්‍රධාන වශයෙන් පහත හේතු මත හටගත හැක:

  • ශරීරයේ රුධිර ගමනාගමනය අඩාල වීම හෝ මන්දගාමී වීම.

  • ලේ නහරවලට (ශිරාවලට) යම් හානියක් සිදුවීම.

  • රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යාම.

 

බොහෝ විට ‘නිශ්ශබ්ද මාරයෙකු’ ලෙස හැඳින්වෙන DVT තත්ත්වයේදී, කකුලේ හටගන්නා ලේ කැටියක් රුධිර සංසරණය හරහා පෙනහළු කරා ගමන් කළහොත් (Pulmonary Embolism), එය ක්ෂණික මරණයකට වුවද හේතු විය හැක. දිගු වේලාවක් එක දිගට වාඩි වී සිටීම (දීර්ඝ ගුවන් ගමන් හෝ පරිගණකය අසල එක දිගට සිටීම) මීට ප්‍රධානතම හේතුවක් බව වෛද්‍යවරු පෙන්වා දෙති.

 

තරුණ වයසේ පසුවන්නන් වුවද, දිනපතා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, එක දිගට වාඩි වී සිටීමෙන් වැළකී වරින් වර ඇවිදීම සහ ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීම මඟින් මෙම අවදානමෙන් ආරක්ෂා විය හැකි බව වෛද්‍ය උපදේශයයි.

 

 

"පියාපතක්වන් ජීවිතයක්" - පියාගේ සංවේදී සටහන

තම ආදරණීය පුතුගේ වියෝව දරාගත නොහැකි වූ උපුල් කුමරප්පෙරුම, නිවින්ගේ අපූරු ළමා ලෝකය සහ අහිංසක බව සිහිපත් කරමින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සංවේදී සටහනක් තබා තිබුණි. 

 

"කවුරුත් කියැවීමේ දිනයට කියවද්දි එයා චිත්‍රයක් අඳිනව. කවුරුත් සාම්ප්‍රදායික රාමුවේ යද්දි එයා වෙන දෙයක් කරනව. හරියටම 'තාරේ සමීපාර්' වල පොඩි දරුව වගේ.

එයාගේ ලෝකයේ තිබුණෙ එයාගෙ මනසෙ ඇඳුණු චිත්‍ර, එයා ගොතාගත්ත කතා. හරියටම ඒවා සුරංගනා කතා වගේ. වැඩි කතා බහක් නැතිව එයා එයාගේ ලෝකයේ සැරි සැරුවා, ලෝකය නොදැක්ක ඩයිනසෝර්ල, ලෝකය නොදැක්ක අමුතු හැඩැති සතුන්, ලෝකය නොදැක්ක වෙනස් හැඩැති මිනිසුන් එක්කයි එයා පොඩි කාලේ සිටම ජීවත් වුනේ.

ඒ සතුන්, ඒ මිනිසුන්, සියල්ල අද තනියම එයාගෙ කාමරයේ ඉන්නව. එයා වැඩ කරපු පරිගණකය නිවා දැමුවෙ දැන් පැය කිහිපයකට කලින්.

කිසිම කෙනෙකුට කිසිදු වරදක් නොකළ අහිංසක කුරුල්ලෙක් වගේ එයා එයාගේ ලෝකයේ පියාසැරුවෙ. ඒත් ඒ අත්තටු සිඳබිඳ වැටුනෙ විනාඩි දහයක් වගේ පොඩි කාලයකින්.

හොඳට නිදාගන්න මගෙ පුතේ.. හොඳට නිදාගන්න."

 

 

 

මූලාශ්‍රය -ද ලීඩර් 

නවතම ලිපි