SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් බොලිවුඩ් නිළි

ජැකලින් ෆර්නැන්ඩස් දැඩි නීතිමය ගැටලුවලට මුහුණ දී සිටී. මෙම සිදුවීම කරළියට පැමිණි දා සිට ඇය පවසා සිටියේ තමා සුකේෂ්ගේ රැවටීමක ගොදුරක් බවත්, අදාළ වංචාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

 

 

කෙසේ වෙතත්, මෙම නඩුව සම්බන්ධයෙන් වාර්තා වන නවතම තොරතුරු සහ ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, සුකේෂ්ගේ අපරාධ පසුබිම පිළිබඳව දැනුවත්ව සිටියදීත් ඇය ඔහුගෙන් මිල අධික තෑගි ලබාගෙන ඇති බවට ප්‍රමාණවත් මූලික සාක්ෂි (prima facie material) පවතින බව අධිකරණය නිරීක්ෂණය කර තිබේ.

 

ජැක්_1.jpeg
බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්. Source: Wikipedia
 

 

පටියාලා හවුස් (Patiala House) අධිකරණයේ අතිරේක සැසි විනිසුරු ප්‍රශාන්ත් ෂර්මා විසින් මෙම නඩුවේ සියලුම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නියෝග කර ඇත. ජැකලින්ගේ භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් අධිකරණය සඳහන් කළේ, "අපරාධවලින් උපයාගත් මුදල් භාවිතය වසන් කිරීම සඳහා ඇය සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ එක්ව කටයුතු කර ඇති" බවයි.

 

 

මිලියන ගණනක තෑගි සහ මුදල් හුවමාරු

සම-විත්තිකරුවන් වන පින්කි ඉරානි සහ ලීපාක්ෂි එල්ලාවඩි විසින් සුකේෂ්ගේ අපරාධ අතීතය පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුවද ජැකලින් රුපියල් කෝටි 5.71ක් වටිනා තෑගි ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ. තවද, ඇගේ පවුලේ සාමාජිකයන්ට ද විශාල මුදල් ප්‍රමාණයක් යවා ඇති බවට විමර්ශකයෝ චෝදනා කරති:

 

  • ජැකලින්ගේ සහෝදරිය වන ජෙරල්ඩීන් ජේ. වෝකර්ගේ විදේශ බැංකු ගිණුමකට ඇමෙරිකානු ඩොලර් 172,000ක් (රු. කෝටි 1.4කට වඩා) බැර කර ඇත.

  • සහෝදරයා වන වොරන් ජේ. ෆර්නැන්ඩස්ගේ ගිණුමකට ඕස්ට්‍රේලියානු ඩොලර් 26,000ක් (රු. ලක්ෂ 10කට වඩා) තැන්පත් කර ඇත.

 

චෝදනා ගොනු කිරීමේ පදනම පැහැදිලි කරමින් අතිරේක සැසි විනිසුරු ෂර්මා ප්‍රකාශ කළේ, "විත්තිකාර ජැකලින් ෆර්නැන්ඩස් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ (PMLA) 4 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි, එම පනතේ 3 වැනි වගන්තිය යටතේ වන වරද සිදු කර ඇති බවට දැඩි සැකයක් මතු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි මූලික වශයෙන් වාර්තාවල පවතින බව නිගමනය කරමි" යනුවෙනි.

 

 

දෙමාපියන්ට මිලදී ගත් මෝටර් රථ

අපරාධවලින් උපයාගත් මුදල් මගින් සිය දෙමාපියන් සඳහා සුඛෝපභෝගී වාහන මිලදී ගත් බවට ජැකලින් ලබා දී තිබූ ප්‍රකාශය ද අධිකරණයේ අවධානයට ලක් විය. පින්කිගේ ජංගම දුරකථනයෙන් ලබාගත්, දෙමාපියන්ට මෝටර් රථ මිලදී ගැනීම පිළිබඳ සාක්ෂි පෙන්වූ විට දෙමාපියන්ගෙන් මෝටර් රථ ලැබුණු බව ඇය පිළිගෙන ඇත. මෙය අපරාධ මුදල් භාවිතය වසන් කිරීම සඳහා ඇය සුකේෂ් සමඟ එක්ව ක්‍රියා කර ඇති බව පෙන්නුම් කරන බව අධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

අපරාධ පසුබිම පිළිබඳ දැනුවත් බව

සුකේෂ්ගේ අපරාධ ක්‍රියාකාරකම් පිළිබඳව ජැකලින් පැහැදිලිවම දැනුවත්ව සිටි බව අධිකරණය නිරීක්ෂණය කළේය. ටී.ටී.වී. දිනකරන් අල්ලස් නඩුව, කැනරා බැංකු වංචාව සහ ව්‍යාජ ආයතන හරහා ආයෝජකයින්ට වංචා කිරීම ඇතුළු නඩු කිහිපයකට සුකේෂ්ගේ සම්බන්ධය විස්තර කරන ප්‍රවෘත්ති ලිපියක් ද ඇය වෙත යවා තිබී ඇත. එසේ තිබියදීත්, ඇය දිගටම සුඛෝපභෝගී තෑගි, සහෝදර සහෝදරියන්ට යැවූ මුදල් සහ දෙමාපියන් සඳහා මෝටර් රථයක් වශයෙන් වංචනික ලෙස උපයාගත් මුදල් පරිහරණය කර ඇති බව අධිකරණය අවධාරණය කළේය.

 

 

 # Daily Mirror/The Times of India/Hindustan Times/The Hindu/ANI/Deccan Herald ඇසුරිනි.

නවතම ලිපි