කිරිබත්ගොඩ නගරයේ සිදුවූ අපූරු සිදුවීමක් නිසා මේ වන විට ජාතික ජන බලවේගයේ
(NPP) ප්‍රාදේශීය දේශපාලන බලධාරීන් සෑහෙන්න අමාරුවේ වැටිලා තියෙනවා කියලා කැලණිය පැත්තෙන් වාර්තා වෙනවා. කතාව යන්නේ "හැමෝම හොරකම් කළාට මාලිමාවේ අය 10% කොමිස් ගන්නේ නැහැ" කියන ප්‍රතිපත්තියට මේ සිද්ධියෙන් පොඩි 'තට්ටුවක්' වැදිලා තියෙනවා කියලයි.
මොකක්ද මේ ගැමුණු මාවතේ කතාව?
මීට මාස තුනකට විතර කලින් කිරිබත්ගොඩ නිග්‍රෝධාරාම මාවතෙන් ගැමුණු මාවතට පිවිසෙන්න තැනක කානු ආවරණයක් (Drainage Cover) හදලා තියෙනවා. හැබැයි මේක හදපු කොන්ත්‍රාත්කරු වැඩේ දීලා තියෙන්නේ සවුත්තු විදිහට. මාස තුනක් යන්න කලින් කානු ආවරණයේ යකඩ ඇණ උඩට ඉස්මතු වෙලා!

දැන් ඒ පාරේ යන ත්‍රිරෝද රථ සහ මෝටර් රථවල ටයර් මේ ඇණවල වැදිලා ඉරිලා, පුපුරලා යන මට්ටමට අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ප්‍රදේශවාසීන් කියන්නේ මේක කානුවක් නෙවෙයි, වාහනවලට තියපු බිම් බෝම්බයක් වගේ කියලයි.
කවුද මේ "පරණ 10%" කොන්ත්‍රාත්කරු?
දේශපාලන ආරංචි මාර්ගවලට අනුව මේ කානු කොන්ත්‍රාත්තුව භාර දීලා තියෙන්නේ NPP මන්ත්‍රී ලිලන්ජිත් සිල්වා විසිනුයි. හැබැයි ගැටලුව තියෙන්නේ වැඩේ බාලවෙච්ච එක විතරක් නෙවෙයි; මේ වැඩේ කරපු කොන්ත්‍රාත්කරුගේ 'පැටිකිරියයි'.

මීට කලින් කැලණිය ප්‍රාදේශීය සභාව පොහොට්ටුව පාලනය කරපු කාලේ, ඒ මන්ත්‍රීවරුන්ට කෙළින්ම 10%ක කොමිස් මුදලක් (Ten Percent Commission) දීලා ප්‍රාදේශීය සභාවේ වැඩ ගන්න ප්‍රසිද්ධ වෙච්ච බාල කොන්ත්‍රාත්කරුවෙකුටම තමයි මේ පාරත් NPP මන්ත්‍රීවරයා වැඩේ දීලා තියෙන්නේ. දැන් ඉතින් කිරිබත්ගොඩ මිනිස්සු අහන්නේ, "පොහොට්ටුවේ අයට 10% දීපු එකාම NPP එකටත් වැඩ කරන්නේ... එතකොට NPP එකටත් 10% වැදුණද?" කියලයි.
රෙදි ගැලවුණු තැන ගත් හදිසි තීරණය
වැඩේ බාල බව ඔප්පු වෙලා, මිනිස්සුන්ගෙන් චෝදනා එල්ල වෙන්න ගත්තම NPP මන්ත්‍රීවරයා වහාම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අනුව අදාළ කොන්ත්‍රාත්කරුට හෙට(29) උදෑසන 9.00 ට අනිවාර්යයෙන්ම එම ස්ථානයට පැමිණෙන ලෙස දන්වා ඇති අතර, කානුවේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා තාක්ෂණික නිලධාරීන්ටද (Technical Officers) එහි පැමිණෙන ලෙස කැලණිය ප්‍රාදේශීය සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන් මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.
කොහොම වුණත් "අපි වෙනස්" කියාගෙන ආපු මාලිමාවේ මන්ත්‍රීවරුත්, පරණ හොර කොන්ත්‍රාත්කාරයන්ගෙන්ම වැඩ අරගෙන මේ විදිහට "ඇන" තියාගැනීම ගැන කිරිබත්ගොඩ ජනතාව අතර නම් තියෙන්නේ ලොකු කලකිරීමක්!

