ගල් අඟුරු සමාගමේ කාර්යාලයට තවදුරටත් මුද්‍රා තබයි.
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට තවදුරටත් මුද්‍ර තබා ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දෛනිකව සිදු කළ යුතු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් අවසර ලබාදී තිබෙන බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයට යටත්ව එම කටයුතු සිදු වේ.
ලංකා ගල් අඟුරු සමාගමේ කොහුවල පිහිටි ප්‍රධාන කාර්යාලයට පසුගිය 11වනදා මුද්‍රා තබා තිබේ.

