ඉන්දියා පාකිස්තාන මතභේදාත්මක වාතාවරණය හමුවේ පාකිස්තාන කණ්ඩායම වර්ජනය කිරීමට නියමිතව පැවැති
එළැඹෙන 15 වැනිදා මෙරටදී පැවැත්වීමට නියමිත ඉන්දීය පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් තරගය සඳහා පාකිස්තාන රජයේ අනුමැතිය හිමිව තිබේ.
ඊයේ (9 වැනිදා) වනතෙක් අවිනිශ්චිත පැවැති මෙම තරගය ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායකගේ ඍජු මැදිහත්වීමෙන් පාකිස්තාන අගමැති ශෙබාස් ෂෙරිෆ් සමග පැවැති දුරකථන සංවාදයකින් අනතුරුව තරගය පැවැත්වීමට පාකිස්තානයේ අනුමැතිය හිමිව ඇතැයි පැවැසේ.
මේ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය 'එක්ස්' සමාජ මාධ්‍ය ගිණුමේ අද (10 වැනිදා) අල්‍රයම සටහනක්ද තබා තිබිණි.
Thank you Prime Minister
for ensuring the game we all love goes on. Delighted that the eagerly awaited India and Pakistan match at the ongoing T20 Cricket World Cup in Colombo will proceed as planned. As co-host of the tournament, Sri Lanka thanks the
and all concerned for their efforts. Sri Lanka hasn’t forgotten the solidarity shown by both India and Pakistan during the 1996 World Cup, when they played in Colombo at a time when others refrained due to security concerns.
මෙම තරගය නොපැවැත්වුවහොත් එයින් ලංකාවට සිදුවන මූල්‍යමය බලපෑම ආදිය සඳහන් කරමින්, තරගය සඳහා පැමිණෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ද දින කිහිපයකට පෙර පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබුණි

