SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සූර්ය බලශක්ති ආයෝජකයින් අමාරුවේ - තැන්පත්කරුවන්ටත් රතු එළියක්!

වහලය මත සූර්ය පැනල සවිකළ සාමාන්‍ය ජනතාව සහ මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින්

මුහුණ දී සිටින දැවැන්ත අර්බුදය හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය දැඩි අවදානමකට ලක්ව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

images 15

ණය ගෙවාගත නොහැකිව හිරවෙයි වාර්තා වන අන්දමට කුඩා ජල විදුලි බලාගාර සහ සූර්ය බලාගාර (Solar) ව්‍යාපෘතිවලින් 70%ක්ම ක්‍රියාත්මක වන්නේ බැංකු ණය මතය. එක්ලක්ෂ පනස් දහසකට (150,000) අධික පිරිසක් මේ වන විට මෙම ණය උගුලක සිරවී සිටිති. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ රජය විසින් සිදුකළ හදිසි ප්‍රතිපත්ති වෙනස්කම්ය.

 

සූර්ය බලයට කණකොකා හඬයි

 

වහල

 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ගේ පත්වීමෙන් පසු විදුලි ඒකකයක් මිලදී ගැනීමේ ගාස්තු කප්පාදු කර ඇත.

  • පෙර මිල: රු. 37/-
  • පසුව: රු. 27/-
  • වත්මන් මිල: රු. 17/-

 

මෙයට අමතරව, සති අන්තයේ (සෙනසුරාදා/ඉරිදා) සහ රජයේ නිවාඩු දිනවල සූර්ය බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම විදුලි බල මණ්ඩලය විසින් අත්හිටුවා තිබීම ආයෝජකයින්ට මරු පහරක් වී ඇත.

 

තෙල් මාෆියාවට රු. 85යි - ඔබට රු. 17යි?

 

image 8ece95dab6

 

වඩාත් ආන්දෝලනාත්මක කරුණ වන්නේ, සූර්ය බලය රුපියල් 17ට කප්පාදු කරන බලධාරීන්, ඩීසල් ඇතුළු පොසිල ඉන්ධන බලාගාරවලින් විදුලි ඒකකයක් මිලදී ගැනීමට රුපියල් 85ක් ගෙවීමට කටයුතු කිරීමයි. මෙය කාගේ උවමනාවට සිදුවන්නක් දැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ප්‍රශ්න කර සිටී.

 

බැංකු තැන්පතු අවදානමක!

 

සූර්ය බලාගාර පවත්වාගෙන යන ආයෝජකයින් 360ක් පමණ මේ වන විට ණය වාරික ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. මෙගාවොට් එකක් සඳහා රුපියල් මිලියන 350-500 අතර ආයෝජනයක් සිදුකර ඇති මොවුන් බංකොලොත් වුවහොත්, එම ණය ලබා දුන් බැංකු කඩා වැටීමේ සහ පාරිභෝගික තැන්පතු අහිමි වීමේ බරපතල අනතුරක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

IMF එකට පෙන්වන්න සැලසුම් හැදුවා පමණද?

 කැ පුනර්

ෙටයෙබටබට

 

 

2030 වන විට රටේ විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට සැලසුම් කර තිබුණද, වත්මන් ක්‍රියාකලාපය නිසා එය සිහිනයක් පමණක් වනු ඇත. නම හෙළි කිරීමට අකමැති ආයෝජකයෙකු පැවසුවේ, මෙම සැලසුම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ණය වාරිකය ලබා ගැනීමට පමණක් සකස් කළ ඒවා බවයි.

 

නවතම ලිපි