ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ල ගේ වැඩ තහනම් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්.කේ.වික්‍රමසිංහ ගේ අත්සනින් යුතුව අදාළ ලිපිය නිකුත් කර ඇත.


පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් වෛද්‍ය බෙල්ලන විසින් සිදු කර තිබුණි.
ඒ විගණනයෙන් හෙළිවූ කරුණු පදනම් කරගනිමින් වෛද්‍ය බෙල්ලන විසින් 2025ජුනි මසදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම නිසා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් තමාගෙන් පළිගනිමින් සිටින බව පසුගියදා ඔහුට විරුද්ධව විනය පරීක්ෂන 6ක් පැවැත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය බෙල්ලන පවසා තිබුණි.
කෙසේ වුවද වෛද්‍ය බෙල්ලනට එරෙහිව වත්මන් ආණ්ඩුවේ මර්ධනීය පසුබිම සැකසුනේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසු රෝහල්ගත කිරීමේදී ඔහුගේ රෝගීභාවයන් මාධ්‍යයට හෙළිදරව් කිරීමත් සමගය.

තම විශ්‍රාමික වයසත් ඉක්මවා සේවයේ යෙදී සිටින වත්මන් අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ පසුගිය කාල සීමාව තුළ සිදුවූ අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි ලැබී ඇත්නම් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යශූර රංග දිසානායක විසින් ඒවා කඩිනමින් විමර්ශනයට ලක්කළ යුතු බව අපගේ අදහසය.
මන්ද අශ්වයා ගිය පසු ඉස්තාලය වඩා වැඩක් නැති බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මේ සම්බන්ධව වගකිවයුත්තෙක් නම් මේ මොහොතේ ඔහුව විමර්ශනයට ලක් කළ යුතු නිසාය.
විගණනයෙන් හෙළිව ඇති දූෂන අක්‍රමිකතාවන්ගෙන් කොටසක්..
- කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීම:රසායනාගාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඒවායේ ආයු කාලයෙන් 85%ක් ඉතිරිව තිබිය යුතු වුවත්, ඇතැම් අවස්ථාවල මිලදී ගෙන මසකින් කල් ඉකුත් වන ද්‍රව්‍ය ලබාගෙන ඇත (උදා: ඉන්වොයිසි අංක 330114055).
- අක්‍රමික ගෙවීම්: Surgicare (Pvt) Ltd වැනි සමාගම් වෙත සපයන ලද ප්‍රමාණයට වඩා වැඩි ඒකක ප්‍රමාණයකට මුදල් ගෙවා ඇති අතර, Hemas Surgicals & Diagnostics ආයතනයට රුපියල් ලක්ෂ 45ක කල් ඉකුත් වූ ද්‍රව්‍ය සඳහා ගෙවීම් කර ඇත.
- නඩත්තු නොසලකා හැරීම:කෝටි ගණන් වටිනා ප්‍රතික්‍රියක ගබඩා කර ඇති රසායනාගාරවල දොරවල් මීයන් විසින් විනාශ කර තිබියදීත් ඒවා නිසි ලෙස ගබඩා නොකර කොරිඩෝවල ගොඩගසා තිබීමෙන් මහජන මුදල් විනාශ කර ඇත.
මෙම කරුණු සඳහන් කරමින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය බෙල්ලන විසින් පසුගියදා අල්ලස් කොමිසට එවා ඇති ලිපිය පහත පළවේ.


මෙවැනි හෙළිදරව්වක් කළ පසු පැමිණිලිකරු සරගත නොකළ යුතු අතර අවම මට්ටමේ විමර්ශනය ආරම්භ කර තිබීමක් හෝ විය යුතුයැයි වත්මන් සෞඛ්‍ය පරිපාලනයට හැරෙන්නට අන් සියල්ලන්ටම වැටහෙන කරුණක් වී ඇත.
රංග දිසානායක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගේ කඩිනම් මැදිහත්වීම අප පොරොත්තුව පසුවෙමු.
#නිරෝමි සුබ්‍රමනියම්

