ඩුබායිහි ICC ඇකඩමි ක්‍රීඩාංගණයේදී අද (සිකුරාදා) පැවැත්වෙන ACC වයස අවුරුදු 19න් පහළ
ආසියානු කුසලාන තරඟාවලියේ පළමු අවසන් පූර්ව වටයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදා ඓතිහාසික ජයක් ලැබීමේ අරමුණින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පිටියට පිවිසෙයි.
ශ්‍රී ලංකාවේ ශක්තිය සහ ගමන්මග
'B' කාණ්ඩය යටතේ දක්ෂ ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලබාගත් තියුණු කඩුලු 2ක ජයග්‍රහණයත් සමඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
- නායකත්වය: විමත් දින්සර ඉදිරිපෙළින් කණ්ඩායම මෙහෙයවයි.
- පිතිකරණය: ආරම්භක පිතිකරු කවිජ ගමගේ ස්ථාවර ආරම්භයක් ලබාදීමට සූදානමින් සිටී.
- පන්දු යැවීම: විග්නේෂ්වරන් ආකාශ් සහ සෙත්මික සෙනෙවිරත්න ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තුරුම්පු වේ.
ප්‍රබල ඉන්දීය අභියෝගය
මෙවර තරඟාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පකිස්ථානය සහ මැලේසියාව පරදවමින් ඉන්දියාව මෙතෙක් අපරාජිතව පසුවේ.
- අභිග්‍යාන් කුන්දුගේ (Abhigyan Kundu) ඓතිහාසික ද්විත්ව ශතකය ඉන්දීය ඉනිමේ ශක්තියයි.
- දීපේෂ් දේවේන්ද්‍රන්ගේ (Deepesh Devendran) නායකත්වයෙන් යුත් පන්දු යැවීමේ බලඇණිය ද ඉහළ දක්ෂතා අතර සිටී.
සංඛ්‍යාලේඛන
දෙපිල අතර මෙතෙක් පැවති තරඟවලදී ඉන්දියාව තරඟ 39ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරඟ 6ක් පමණි. කෙසේ වෙතත්, පීඩනය හමුවේ කඩුලු ලබා ගැනීමේ හැකියාව ඇති ශ්‍රී ලංකා පන්දු යවන්නන් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුවී තිබේ.
- ශ්‍රී ලංකා 19 න් පහළ:
විමත් දින්සර (ඇ), කවිජ ගමගේ, දීමන්ත මහවිතාන, විරාන් චමුදිත, දුල්නිත් සිගේරා, චාමික හීනටිගල, ආදම් හිල්මි (wk), කිත්මා විතානපතිරණ, සෙත්මිකා සෙනෙවිරත්න, සනුජා නින්දුවර, කුගතස් මතුලන්.
- ඉන්දීය 19 න් පහළ:
Ayush Mhatre (c), Vaibhav Suryavanshi, Vihaan Malhotra, Vedant Trivedi, Abhigyan Kundu (wk), Harvansh Pangalia, Kanishk Chouhan, Khilan Patel, Deepesh Devendran, Kishan Kumar Singh, Udhav Mohan.

