පසුගිය දිනෙක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අගමැතිනි හරිනි අමරසූරිය වෙත
රුපියල් මිලියන 250ක (කෝටි 25ක) චෙක්පතක් ප්‍රදානය කිරීමේ සිදුවීම හුදු පරිත්‍යාගයක් පමණක් ද? නැතහොත් එය ඊට වඩා බරපතල දේශපාලන ‘Project’ එකක ආරම්භයක් ද? මේ වන විට කොළඹ දේශපාලන රවුම්වල (Political Circles) සහ සමාජ මාධ්‍ය විශ්ලේෂකයන් අතර උණුසුම් මාතෘකාව වී ඇත්තේ මෙයයි.
මෙම කතාවේ යටි පෙළ දිව යන්නේ එංගලන්තයේ සිටින විමුක්ති කුමාරතුංග දක්වාත්, ලංකාවේ දේශපාලන ‘King maker’ භූමිකාව රඟ දක්වන රුවන් ෆර්ඩිනැන්ඩස් දක්වාත් ය.
චන්ද්‍රිකාගේ “කෝටි 25” සහ “ස්පාටකස්” හෙළිදරව්ව
බොහෝ දෙනා චන්ද්‍රිකාගේ මෙම ක්‍රියාව “මහත්මා ගුණයක්” ලෙස අර්ථකථනය කරද්දී, ‘ස්පාටකස් සාමූහිකය’ (Spartacus) විසින් පළ කර ඇති සටහනකින් කියවෙන්නේ හාත්පසින්ම වෙනස් කතාවකි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙය විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන ඒම සඳහා දියත් කළ දැවැන්ත ප්‍රචාරණ මෙහෙයුමක් බවයි.
“චන්ද්‍රිකා විසින්… කෝටි 25ක් ලබා දී ඇත… ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලබා දීම සඳහා ඇය සහ තම ගෝඩ් ෆාදර් තනතුර අහිමිව ඇති “වෙබ් ගෝඩ්ෆාදර්” ප්‍රදිනන්දිස් විසින් කටයුතු කරමින් සිටී… මේ අතර විමුක්ති මේ දිනවල එංගලන්තයේ සිට සිංහල ඉගෙන ගනිමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණි.”
— Spartacus

ස්පාටකස්ගේ මෙම විග්‍රහයට අනුව, සජිත්, නාමල් හෝ චම්පික වැනි චරිතවලට අනාගතයේදී ජනාධිපති පුටුව සිහිනයක් පමණක් වන බව දන්නා ‘ප්‍රභූ පන්තිය’ (Elite Class), ජවිපෙට එරෙහිව ගෙන ඒමට සූදානම් කරන ‘නොකිලිටි’ තුරුම්පුව විමුක්ති ය.
මංගල දුන් උපදෙස සහ විමුක්තිගේ “සිංහල පන්තිය”
මෙම දේශපාලන කේලම (Gossip) නිකම්ම අහසින් පාත් වූවක් නොවේ. අප වෙත ලැබෙන විශ්වාස කටයුතු අභ්‍යන්තර තොරතුරු වලට අනුව, විමුක්ති කුමාරතුංගට සිංහල ඉගෙන ගන්නා ලෙස මුලින්ම උපදෙස් දී ඇත්තේ දිවංගත මංගල සමරවීර විසිනි.
එදා මංගල පෙන්වා දී තිබුණේ, විමුක්තිගේ සීයා වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පවා දේශපාලනයට එද්දී සිංහල භාෂාව හැසිරවීමේ ගැටළු තිබූ බවත් (පැවති නඩුවකදී ඔහුට සිංහල කියවීමට නොහැකි බව ඔප්පු වූ ඉතිහාසයක් ඇත), ලංකාවේ දේශපාලනය කිරීමට නම් භාෂාව අත්‍යවශ්‍ය ආයුධයක් බවත් ය. මංගලගේ අභාවයෙන් පසුව මෙම “Project Vimukthi” එක කරට ගෙන ඇත්තේ මංගලගේ සමීපතමයෙකු වූත්, පසුගිය කාලයේ තිරය පිටුපස සිට දේශපාලන කරණම් ගැසූවෙත් රුවන් ෆර්ඩිනැන්ඩස් ය.
රුවන් ෆර්ඩිනැන්ඩස්: රනිල්, අනුර සහ දැන් විමුක්ති?

මෙහි ඇති වඩාත්ම කුතුහලය දනවන කරුණ වන්නේ රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ භූමිකාවයි. ගෝඨාභයගේ වැටීමෙන් පසු රනිල් වික්‍රමසිංහව ජනාධිපති පුටුවට ගෙන ඒමේ පාර්ලිමේන්තු මෙහෙයුමේ “යටිබිම්ගත මහමොළකරු” වූයේ රුවන් ය. එතැනින් නොනැවතී රනිල්ව පාවිච්චි කරමින් අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට පාර කැපීමේ සියුම් උපායමාර්ගය පිටුපස සිටියේ ද ඔහු බවට දේශපාලන විචාරකයෝ සැක පළ කරති. අනුර සහ රුවන් අතර පවතින මෙම නොබිඳෙන සම්බන්ධය ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ බොහෝ දෙනෙකුට හසු නොවන්නකි.
නමුත් රුවන් යනු වෙලාවට වැඩ කරන (Timing) දේශපාලන සූදුවෙකි. මාලිමා ආණ්ඩුවේ ජනප්‍රියත්වය කෙමෙන් අඩුවී යන බවත්, සමාජය නැවත වරක් “ප්‍රභූ නායකත්වයක්” (Elite Leadership) සොයන තැනට පත්වන බවත් ඔහු ගණනය කර ඇත. ඒ හිඩැස පිරවීමට රනිල්ට හෝ සජිත්ට නොහැකි බව දන්නා රුවන්, විජය කුමාරතුංගගේ “රූපකාය” සහ “නොකිලිටි බව” ඇති විමුක්තිව කරළියට ගෙන ඒමට සැලසුම් කරමින් සිටී.
විජයගේ උරුමය සහ ප්‍රභූ දේශපාලනයේ පුනරාගමනය
චන්ද්‍රිකා මැතිණියගේ මෙම ආගමනය සහ විමුක්ති ගැන මතුවන කතාබහ ගැන ෆේස්බුක් සටහනක් තබන මහේෂ් හපුගොඩ පවසන්නේ මෙවැන්නකි:
“ආණ්ඩුව එකක්. මිනිස්සු තව එකක්. ඒක තමයි ඇත්ත දේශපාලනය… විමුක්ති ගැන මීට ටික දවසකට කලින් මම දේශපාලන සටහනක් ලිව්වා. ඒකට නම් හුඟක් හා හා ආවා. හැබැයි ඔයා අද ඒ සටහන වෙනුවෙන් සාධාරණයක් කළා…”

මේ අතර, සමාජ මාධ්‍යයේ සංසරණය වන තවත් සටහනකින් විජය කුමාරතුංගගේ ඝාතනය සහ චන්ද්‍රිකාගේ අතීත ජනප්‍රියත්වය මතක් කර දෙයි.
“විජයව ඝාතනය කරන කොට මම අටේ පන්තියෙ පොඩි කොළුවෙක්… අනුරගෙ ඔළුවෙ ඔටුන්නක් තිබ්බා නම් ඒ ඔටුන්නට වැඩිය සිරිමාවෝ පස්ස තිබ්බ පුටුව අපිට වටිනවා.”
මෙවැනි හැඟීම්බර අතීත කාමයක් (Nostalgia) සමාජගත කිරීම “Project Vimukthi” හි ම කොටසකි. විජය කුමාරතුංගව ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ බව සමාජ මතයයි. දෛවයේ සරදමකට මෙන්, අද එම පක්ෂය (මාලිමාව) බලයේ සිටින විට, විජයගේ පුත්‍රයා ඔවුන්ට අභියෝග කිරීමට සූදානම් කිරීම රුවන් ෆර්ඩිනැන්ඩස් වැනි අයගේ “Master Plan” එක විය හැකිය.
අවසාන විග්‍රහය
ස්පාටකස් පවසන පරිදි නාමල් රාජපක්ෂ පවා තමන්ට දිනන්නට බැරි නම් “දිනන අශ්වයෙක්” සොයා මෙම කඳවුරට එක්වීමට ඉඩ ඇත. රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ මෙහෙයුම සාර්ථක වුවහොත්, ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු වන “Political twist” එකක් බලාපොරොත්තු විය හැක.
එංගලන්තයේ සිටින විමුක්ති සිංහල හෝඩිය කියවන්නේ ලංකාවේ දේශපාලන පොත අලුතින් ලියන්නට ද? එය තීරණය වන්නේ මාලිමාවේ ඉදිරි ගමන සහ රුවන්ගේ ගේම් ප්ලෑන් එක මත ය.
https://harigossip.com වෙබ් අඩවියෙන් උපුටා ගැනිනි.

