රාජාංගනය ප්‍රදේශයේදී බස් රථයක් ජල පහරකට හසුව තිබේ.
යාපනය ප්‍රදේශයේ සිට පැමිණි බස් රථයක් මෙම අනතුරට මුහුණදී ඇත.
එහි සිටින මගින් ගලවා ගැනීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් යෙදවීමට කටයුතු කර තිබේ.
මේ අතර අනුරාධපුර - පුත්තලම පාරේ කලා වැව පාලම මතද බස් රථයක් සිරවී ඇති අතර එහි සිටින 70ක් පමණ වූ පිරිස මුදවා ගැනීමට හමුදාව යොදා ඇත.
Updated//
රාජාංගනය ප්‍රදේශයේදී ජලපහරට හසු වූ බසයේ සිටි පිරිස එයින් ඉවත් කරගෙන වහලක් මත තබා තිබේ. දැන් එම වහලද ජලයෙන් යටවීමට ආසන්න මට්ටමට පැමිණ ඇති බව කියයි. මේ පිළිබඳව අදාළ මැදිහත්වීම දිය යුතුය.

