ලංකා මෙට්‍රෝ බස් සමාගම නමින් නව සමාගමක් ලංගම පවුලට එක් වන බව
ප්‍රවාහන, මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
මෙම නව සමාගම ලබන ඔක්තෝබර් 8 වනදා පිහිටුවනු ලබන අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ මගීන්ගේ පොදු ප්‍රවාහන අත්දැකීම වැඩිදියුණු කිරීමයි.
"පුනරුදයට මග" තේමාව යටතේ බස් ඩිපෝ 25ක් නවීකරණය කිරීමේ වැඩසටහනක් තලංගම ඩිපෝවේදී ආරම්භ කරමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. නව මෙට්‍රෝ බස් සේවාව මගින් වඩාත් පහසු, විශ්වාසනීය සහ තාක්ෂණිකව දියුණු ප්‍රවාහන මාධ්‍යයක් සැපයීමට අපේක්ෂා කරන අතර, විශේෂයෙන්ම ආබාධ සහිත ප්‍රජාවට ගැටලුවකින් තොරව ගමන් කිරීමේ පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
මෙම සමාගම සම්පූර්ණයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වන නමුත්, එහි ක්‍රියාකාරිත්වය පුද්ගලික අංශයට සමාන වනු ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.
තවත් වැදගත් කරුණක් වන්නේ, 2026 ජනවාරි 1 වනදා සිට දුර ගමන් සේවා වල නිරත සාමාන්‍ය බස් රථවල ගමන් ගන්නා මගීන්ට ආරක්ෂක බඳ පටි පැළඳීම අනිවාර්ය කරන බවයි.
ඒ සඳහා පැරණි ලංගම බස් රථවලට අලුතින් බඳ පටි සවි කිරීමට කටයුතු කරන ලෙස තාක්ෂණික අංශවලට දැනුම් දී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.