SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ, සැප්තැම්බර් 23 - ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විදුලිබල සේවාව

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය හෙට (24) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

අද (23) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කර ඇති අතර, එහිදී  සියලුම පක්ෂ නායකයින් තීරණය කර ඇත්තේ මෙම ගැසට් නිවේදනය කිසිදු විවාදයකින් තොරව සම්මත කිරීමටයි. මෙමගින් රටේ විදුලිබල සැපයුමේ අඛණ්ඩතාව සහතික කිරීම රජයේ ප්‍රධාන අරමුණ වී ඇත.

 

 

ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ රටේ ආර්ථික ස්ථාවරත්වය සහ ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම අනිවාර්ය බවයි. මෙම ගැසට් නිවේදනය මඟින් විදුලි සේවක වර්ජන හෝ වෙනත් බාධාවන් නිසා රටට අත්වන අහිතකර බලපෑම් අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.

 

 

ජනාධිපතිවරයාට මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ බලය හිමිව ඇත්තේ 'අත්‍යවශ්‍ය මහජන සේවා පනත' යටතේයි. පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසු, විදුලිබල සැපයුමට බාධා කරන ඕනෑම ක්‍රියාවක් නීති විරෝධී ක්‍රියාවක් බවට පත්වන අතර, ඊට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට රජයට හැකියාව ලැබේ.

 

 

මෙම පියවර මඟින් රටේ විදුලිබල ක්ෂේත්‍රය වඩාත් ස්ථාවර හා කාර්යක්ෂම තත්ත්වයකට පත් කරනු ඇතැයි වත්මන් රජය විශ්වාසය පළ කරයි.

 

නවතම ලිපි