SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇති සීවලී අරුක්ගොඩ

මෑතකදී සිදු වූ බහාලුම් වංචාවකට සම්බන්ධ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් චෝදනා කරයි.

 

 

ඔහු කියා සිටියේ, ආන්දෝලනාත්මක “රතු ලේබල්” බහාලුම් නිකුත් කිරීමේ සිද්ධිය විමර්ශනය කළ කමිටුවට අනුව සීිවලීි අරුක්ගොඩ ටත් චෝදනා එල්ල වන බව බවයි.

 

 

“නිල විමර්ශනයකින් චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මෙවැනි ඉහළ තනතුරක් ලබා දෙන්නේ කෙසේද?”

“රජය අරුක්ගොඩ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූයේ ඇයි?”

යැයි රහ්මාන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

 

ප්‍රශ්නගත පත්වීම සම්බන්ධයෙන් විනිවිදභාවය සහ වගවීම ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, පත්වීම නැවත සලකා බලන ලෙසත්, පරීක්ෂණයේ සොයාගැනීම් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටියි.

 

නවතම ලිපි