මට ජවිපෙ මූලස්ථානයට ගොස් අනුර, අනුර යනුවෙන් කෑ ගැසීමට සිදු වී ඇති බව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද පැවසුවාය.
"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහගේ අභාවය ප්‍රාර්ථනා කරන මට්ටමට සමාජය පහත වැටී තිබෙනවා. පිළිකාව සමඟ සටන් කළත් සමහරු වික්‍රමසිංහ මහත්මියගේ අභාවය ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මට ජවිපෙ මූලස්ථානයට ගිහින් අනුර, අනුර කියලා කෑ ගහන්න සිද්ධ වෙනවා,"
හිටපු ජනාධිපති වික්‍රමසිංහට සහාය පළ කරමින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීමෙන් පසු ඇය මාධ්‍යවේදීන්ට පැවසුවාය.
2022 අරගල සමයේදී වික්‍රමසිංහ ගේ නිවස ඉදිරිපිටට ගොස් 'රනිල්, රනිල්' යනුවෙන් කෑ ගැසූ ආකාරය සිහිපත් කරමින් ඇය මෙසේ පැවසුවාය.
2022 ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගෝඨා ගෝ හෝම් අරගලයේ පළමු වෙඩි මුරය දැල් වූයේ හිරුණිකා ඇතුළු පිරිස මිරිහානේ පිහිටි ගෝඨාභය ජනාධිපතිවරයාගේ නිවස ඉදිරියට ගොස් උද්ඝෝෂනය කිරිීමය.
මේ අතර පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය සහ අවට උදෑසන සිට අධි ආරක්ෂාවක් සපයා ඇති බව වාර්තා වේ.