SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් දක්වමින්, ජන අරගල ව්‍යාපාරයේ

ජාතික විධායක සභික දුමින්ද නාගමුව විසින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

 

 

මෙහිදී ඔහු "නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා ද?" යන ජන වහර භාවිත කරමින්, වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම අගය කළද, ඔහුට නැවත එළියට ඒමට ඉඩ නොතැබිය යුතු බවට අදහස් පළ කරයි.

 

දුමින්ද නාගමුවට අනුව, රනිල් වික්‍රමසිංහට එරෙහිව බටලන්ද වධකාගාරය, මහ බැංකු මංකොල්ලය, සහ පාස්කු ප්‍රහාරය වැනි චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව පොදු දේපොළ පනත යටතේ පමණක් නඩු පැවරීමෙන්, ඔහුට ඇප ලැබී නැවත සමාජයට පැමිණියහොත් එය ආණ්ඩුව ගත් ඉදිරිගාමී පියවර නිෂ්ඵල කිරීමක් වන බව ඔහු පෙන්වා දෙයි.

 

 

මෙම අදහස් දැක්වීමේදී, IMF ආර්ථික වැඩපිළිවෙළ සහ ඉන්දියාවට රටේ ඉඩම් විකිණීම වැනි ආණ්ඩුවේ අනෙකුත් ක්‍රියාමාර්ග පිළිබඳව තමාට විවේචන පැවතුනද, රනිල් වික්‍රමසිංහට එරෙහිව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහයෝගය දීමට තම ව්‍යාපාරය සූදානම් බව ඔහු අවධාරණය කරයි. එමෙන්ම, වික්‍රමසිංහ ආර්ථික ඝාතකයෙක් ලෙස හඳුන්වමින්, දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව මහජන බලයක් ගොඩනැගීමට ජනතාවට ආරාධනා කරයි.

 

 

දුමින්ද නාගමුවගේ අදහස් දැක්වීම,

 


"අපි දන්නවා රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම සහ සිරගතකිරීම වළක්වන්න විශාල කුමන්ත්‍රණයක් දියත් වුණා. අපිට ආරංචි විදිහට විදෙස් තානාපති කාර්‍යාලවලින් පවා මේ ආණ්ඩුවට බලපෑම් ඇවිත් තියනවා. නමුත් ඒ සියල්ල තිබියදී රනිල්ව අත් අඩංගුවට ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුව ගත්ත ඉතාම ඉදිරිගාමී පියවරක් විදිහට අපි දකිනවා.

 



නමුත් අපි දන්නවා ලංකාවේ ප්‍රකට ජනවහරක් තියනවා "නයාට ගහලා පොල්ල වරද්දගන්න එපා කියලා" ඒකට හේතුව තමයි නයාට ගහන්න ගිහිල්ලා ඒ පහර වැරදුනොත් නයා පෙරළා අපිට පහර දෙනවා. දැන් ඇතුළට දාලා ඉන්න රනිල්ට ආයේ එළියට එන්න ඉඩ දුන්නොත් එහෙම NPP ආණ්ඩුවට වෙන්නෙත් නයාට ගහලා පොල්ල වරද්ද ගත්ත මිනිහට වුණ වැඩේම තමයි.

 

 

මොකද ඇතුළට ගිය රනිල් එළියට ආවොත් නිකන් ඉන්නේ නෑ. අපි දන්නවා රනිල් කියන්නේ බටලන්ද වගේ වධකාගාර පවත්වාගෙන ගිය ම්ලේච්ඡ මිනීමැරු අපරාධකාරයෙක්. ඒ නිසා රනිල් කියන්නේ කිසිසේත්ම එළියෙ සමාජයේ තියන්න සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. අන්න ඒ නිසා රනිල් වික්‍රමසිංහව සිරගත කිරීම වෙනුවෙන් ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයකදී මේ ආණ්ඩුවට සහයෝගය දෙන්න අපි සූදානම්.

 



රනිල් පිළිබඳ අපේ යෝජනාව

 


රනිල් වික්‍රමසිංහව මේ ආණ්ඩුව අත් අඩංගුවට අරගෙන තියෙන්නේ පොදු දේපොළ පනත යටතේ. අපිට තියන අත්දැකීම් අනුව නම් මේ පනතෙන් නඩු දැම්මාම මාස තුනක් යනවා ඇප ගන්න. නමුත් ඊළඟ නඩු විභාගයේ දී රනිල්ට ඇප හම්බවුනොත් ආණ්ඩුව මේ ගත්ත ක්‍රියාමාර්ගය තේරුමක් නැතුව යනවා.

 

 

ඒ නිසා ආණ්ඩුව මේ ගත්ත ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනියන්න නම් රනිල්ට විරුද්ධව තියෙන සියලු චෝදනා උසාවිය හමුවට ගේන්න ඕන. රනිල්ට විරුද්ධව තියන බටලන්ද චෝදනාව උසාවියට ගේන්න ඕන. මහබැංකු මංකොල්ලය සම්බන්ධ චෝදනාව ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා මේ සියලු ඡෝදනා ගෙනල්ලා රනිල් වික්‍රමසිංහට නැවත එළියට එන්න බැරි විදිහට හිර කරන්න කටයුතු කරන්න කියන යෝජනාව අපි ආණ්ඩුවට කරනවා.

 



අපි දන්නවා රනිල් කියන්නේ නයෙක්. හැබැයි ආණ්ඩුව මේ වෙලාවේ ඒ නයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා ගත්ත තීන්දුව අපි අගය කරනවා. එහෙම අගය කරන ගමන් අපි ආණ්ඩුවට කියන්නේ දැන් නැවත හැරෙන්න එපා මේ ක්‍රියාමාර්ගයත් එක්ක ඉස්සරහට යමු කියලා.

 



රට ණය උගුලක හිර කළේ කවුද...?

 



මේ ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරමින් යන IMF ආර්ථික වැඩපිළිවෙළ සහ ඉන්දියාවට රටේ ඉඩම් ටික විකුණමින් මේ යන දේශපානලන ගමන ගැන අපිට වෙනම විවේචනයක් තියනවා. නමුත් ඒ සියල්ල තිබියදී පවා ආණ්ඩුව මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට එරෙහිව ගන්න සියලු ක්‍රියාමාර්ගවලදී සහයෝගය දෙන්න දේශපානලන ව්‍යාපාරයක් විදිහට අපි සූදානම්. ඒ සඳහා බටලන්ද වධකාගාරයේ දී රනිල් වික්‍රමසිංහ කරපු දේවල් ගැන අවශ්‍ය ඕනෑම මොහොතක උසාවියේදී සාක්ෂි දෙන්නත් අපි පසුබට වෙන්නේ නෑ.



ඒ වගේම තමයි අපි රටේ ජනතාවටත් කියනවා රනිල් කියන්නේ මේ රටේ ආර්ථිකය විනාශ කරන්න දායක වුණු ආර්ථික ඝාතකයෙක්. ඔහු තමයි මේ රට මේ විදිහේ ණය උගුලක හිර කළේ. ඒ නිසා ඒ රනිල්ලට නැවත මේ රටේ සෙල්ලම් දාන්න ඉඩ තියන්න එපා. මේ දූෂිත දේශපානලන පිල්ලිවලට එරෙහිව මහජන බලයක් ගොඩනගමු කියන යෝජනාවත් අපි මේ වෙලාවේ සමස්ත ජනතාවට ඉදිරිපත් කරනවා."

 

 

නවතම ලිපි