SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ හිටපු නෝර්වීජියානු සාම නියෝජිත එරික් සොල්හයිම්, අත්අඩංගුවේ සිටින

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කරමින්, ඔහු වහාම නිදහස් කරන ලෙස ඉල්ලා තිබේ.

 

්ැිට

 

 

X (පෙර Twitter) සමාජ ජාලයේ සටහනක් තබමින් සොල්හයිම් කියා සිටියේ, වික්‍රමසිංහ ජනාධිපතිවරයා  වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින “ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ලොව පුරා සිටින නායකයින්” සමඟ තමන් ද එක්වන බවයි. 2022 ආර්ථික හා දේශපාලන අර්බුද සමයේදී “ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි” නායකයා ලෙස ඔහු රනිල් වික්‍රමසිංහ හඳුන්වා දී ඇත.

 

 

වික්‍රමසිංහ ට එරෙහි චෝදනා “කිසිදු පදනමකින් තොර” බව පවසමින් සොල්හයිම් ඒවා ප්‍රතික්ෂේප කර තිබේ. එම චෝදනා සත්‍ය වුවද, ඒවා යුරෝපයේ කිසිදු සාපරාධී හෝ පිළිගත නොහැකි ක්‍රියාවක් ලෙස නොසැලකෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටී.

 

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ව්‍යාපාරයට සහය පළ කරන අතරම, හිටපු සාම නියෝජිතයා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ වික්‍රමසිංහ ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම වෙනුවට “සැබෑ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි”.

 

 

නවතම ලිපි