SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජයේ අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා මත බලශක්ති අමාත්‍ය

කුමාර ජයකොඩි ට එරෙහිව නඩු පැවරීම සඳහා අධිචෝදනා පත්‍ර සකස් කරමින් සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව උපුටා දක්වමින් 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.

 

 

මෙම චෝදනා පදනම් වී ඇත්තේ, 2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී සිදුවූ බව කියන රුපියල් මිලියන 8 ක (රු. 8,000,000) අරමුදල් අවභාවිතයක් පිළිබඳවයි. අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

 

 

අදාළ කාලසීමාව තුළ එම ටෙන්ඩරය පිරිනමන ලද ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජයකොඩි මහතා කටයුතු කර ඇත. ටෙන්ඩරය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත, ගෙවීම් සහ ඇපකර බැඳුම්කරය පිළිබඳව විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම නඩු පැවරීමට තීරණය කර තිබේ.

 

 

නවතම ලිපි