SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාර්ග සංවර්ධන අධිකාරියේ මෙතෙක් පැවති සේවක ගැටළු මුල් කරගෙන ඊයේ (21)  දිවා ආහාර පැයේ උද්ගෝෂණයක් සංවිධානය කොට තිබිණි.

මාර්ග සංවර්ධන අධිකාරියේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය විසින් " මග නැගුම මහ මැදුර " ඉදිරිපිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ මෙම උද්ගෝෂණය සිදුකර ලදී.

 

 WhatsApp Image 2025 08 21 at 17.21.37

 

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙම ආයතනයේ සේවකයන්ගේ වැටුප් වර්ධක නවතා ඇති අතර පසුගිය අයවැයෙන් යෝජිත ඉදිරි වැටුප් වැඩි කිරීම ද නොලැබී යන තත්වයක් මතුව ඇත. රජයේ යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන ආයතනයක් වන මාර්ග සංවර්ධන අධිකාරිය අයවැයෙන් වැඩිම කොටසක් වෙන් වන සහ ඒවා යටිතල පහසුකම් සංවර්ධනයට යොදා ගන්නා ආයතනයක් වේ. එසේ තිබියදී කළමනාකරම සේවා දෙපාර්තමේන්තුව විසින් මා.ස‍ං.අධිකාරිය ආදායම් උපයන්නේ නැති ආයතනයක් ලෙස වර්ග කොට මෙලෙස අර්භුදයක් නිර්මාණය කොට ඇත.

 

 

WhatsApp Image 2025 08 21 at 17.20.34

 

තවද ඉංජිණේරු සේවාව යනු තාක්ෂණික විශේෂඥ්ඥ වෘත්තියක් වන අතර එය කළමණාකරන සේවා දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරන මධ්‍ය කළමනාකරණ මට්ටම ( M M ) , උසස් කළමනාකරණ මට්ටම් ( H M ) යන ශ්‍රේණී වල පිහිටුවීම ඉ‍ංජිණේරු වෘත්තියට කරන අසාධාරණයක් වේ.

 

අධිකාරියේ සේවකයන් පවසන්නේ පැවති  ආණ්ඩු මෙන්ම මෙම ආණ්ඩුවද තම දේශපාලණ උවමනාවන් වෙනුවෙන්, RDA නොවන මාර්ග ඉදිකර ගැනීම සඳහා  සේවක ගැටලු විසඳන බව පවසමින් විවිද උප්පර වැට්ටි යොදන නමුත් විසඳුමක් නොලැබෙන බවයි.

 

 

 

නවතම ලිපි

7

Selfie moment