'පොතේ ගුරු' ලෙස පත්වූ ඔහුගේ රහස් ජීවිතය දැන් මුළු රටේම අවධානයට ලක්වෙලා.
සාමාන්‍යයෙන් 'පොතේ ගුරු'ට කවුන්සිලයට අයත් නිල නිවසක් හිමි වුණත්, ඔහු තවත් නිවසක් රහසිගතව පාවිච්චි කළා කියලයි ආරංචිය.
දූපතේ පරිපාලනයට අයිති මේ නිවසට රහස් ලියුමක් යවලා ඒක වෙන් කරගෙන තියෙන්නේ ඔහුමයි. නමුත් ඒ නිවසේ වැඩිපුරම හිටියේ ඔහුගේ සමීපතම පුද්ගලික ලේකම්වරයා කියලයි කියන්නේ.
මේ පුද්ගලික ලේකම්වරයා, දූපතට යත් රාජධාන දේශයක සිට පැමිණි PHI වරයෙක්ලු. 'පොතේ ගුරු' ඒ දේශයේ වෛද්‍ය නිලධාරියෙක්ව සිටිය කාලයේ ඉඳන්ම දෙදෙනා අතර සමීප සම්බන්ධයක් තිබිලාය. 'පොතේ ගුරු' තම පෙම්වතා සමඟ එකම නිවසේ සිටීම සමාජයට රහසක්ව තියාගන්න තමයි මේ අමතර නිවස භාවිතා කළේලුය. මේ රහස් නිවසේ තිබුණේ සීමිත ආරක්ෂාවක් සහ සීමිත කාර්ය මණ්ඩලයක් විතරය. 'පොතේ ගුරු' එයාගේ ආරක්ෂකයන් කවුන්සලය අසල නිල නිවසේ නවත්තලා, මේ රහස් නිවසට තනියම යනවාලු.
මේ විතරක් නෙවෙයි, මේ සමීපතමයාට 'පොතේ ගුරු' අලුත් තනතුරක් දීලා තියෙනවා. ඒ, කවුන්සිලයේ භෝජනාගාරය අධීක්ෂණය කිරීමේ වගකීමය. ඒ වගේ තනතුරක් මීට කලින් කවදාවත් තිබිලා නැති ය. ඒත් මේ සිද්ධිය මාධ්‍ය හරහා හෙළිවීමත් එක්කම, 'පොතේ ගුරු' ඉක්මනින්ම ඒ තනතුර අවලංගු කරලා, ඒ සඳහා වෙනත් කෙනෙක්ව පත් කරලා ය. මේක කරලා තියෙන්නේ, මේ තනතුර ඔහුගේ පෙම්වතාටම හදපු එකක් නෙවෙයි කියලා පෙන්වන්නට වෙන්න පුළුවන් ය.
මේ සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ, 'පොතේ ගුරු' ඔහුගේ පෞද්ගලික ජීවිතයේ රහස් සඟවා තියාගන්න මහජන බදු මුදල් හොර රහසේ භාවිතා කරලා තියෙන බවයි. මේ රට පුද්ගලික ජීවිතවලට ගරු කරනරටක් ය. ඒත් මේ වගේ මහජනයගෙ පොතේ ගුරෙක්, ඔහුගේ ආදර කතාවකට බදු මුදල් නාස්ති කරන එක හරිද? රටේ ප්‍රමුඛ පුරවැසියන්ගේ සමීපතමයන් රජයේ ක්‍රියාවලීන්ට මැදිහත් වෙනවා කියන කතා අහද්දි, මේ වගේ දේවල් දැකීමෙන් ජනතාවට ඇතිවන්නේ දැඩි කලකිරීමක් නොවේද?
අවසානයේදී, මේ සියල්ලෙන් පෙනෙන්නේ දූෂණ විරෝධී බව පෙන්වමින් බලයට ආ දූපත් කවුන්සලයේ ප්‍රධාන පුරවැසියන්ගේ ක්‍රියාකලාපයන් පවා මහජන මුදල් අවභාවිතයට හේතුවන බවය. සත්‍යය හෙළිදරව් වූ විට, හොර උපාධියක් පෙන්වා 'පොතේ ගුරු' බවට පත් වූ ආචාරියා සිදු කළ වරදට මෙය දෙවැනි නැතැ ය යන්න බොහෝ අයගේ මතය වී ඇත.
(නම් ගම් පමණක් මනක්කල්පිතය)
#Gossip
#කටකතා