ඒක හරියට පොතකට දාපු නමක් වගේ නේද?
ඔය වගේ නමක් දාපු පොතක් දෙදාහේ අව්රුද්දෙ පිටඋනා වගේ මතකයි.
ඒක නම් ඒ කාලෙ හරිම ආන්දෝලනාත්මකයි..”හෙජමොනියේ නව ස්වරූප” කියල අපේ මිතුරෙක්ගෙ පළවෙනි දේශපාලන පොතක් ඒක.
මේක මේ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කළ එළි බැහැපු මාලිමාණ්ඩුවේ ජනමාධ්‍ය ඇමතිවරයාගෙ කතාවක් ගැන. කතාව බලශක්ති ඇමතිවරයට මේ දවස්වල එල්ලවන චෝදනාවක් හා ඒ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග ගැන. ඒ ගැනටත් වඩා ඒ ඇමතිවරයගේ වරද ගැන පවත්වන පශ්චාත් මරණ පරීක්ෂන වගේ වැඩක්.
ඉතිං මේ නලින්ද ඇමතිතුමාගේ සේදීමේ නව ස්වරූප කියල තමයි වාර්තා උනේ.
(මේ නව දේශපාලන සංස්කෘතිය ගේන්න කලින් පැවති දූෂත ආණ්ඩුවක ඉල්ලා අස්වීමක්!)
දැන් කතාව තවත් රසවත් වෙනවා!
පසුගිය දිනවල හැමෝම කතාබහට ලක්වුණ විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි ට එල්ලවෙලා තියෙන දූෂණ චෝදනා ගැන අලුත්ම තොරතුරු ටිකක් එළියට ඇවිත්. සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන විදිහට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් එතුමාට සහ තවත් දෙදෙනෙකුට විරුද්ධව නඩු පවරන්න තීරණය කරලා.
කතාව පටන්ගන්නේ 2015න්!
මේ සිද්ධිය වෙලා තියෙන්නේ 2015 අවුරුද්දේ, ජයකොඩි පොහොර සංස්ථාවේ සේවය කරද්දි. චෝදනාව තමයි රුපියල් මිලියන 8ක අරමුදල් සාවද්‍ය පරිහරණය කිරීමක්. ඒ වෙලාවේ එතුමා විමර්ශනයට ලක්වුණ ටෙන්ඩරය දුන්න ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා විදිහට කටයුතු කරලා තියෙනවා.
ගෙවීම් ක්‍රමවේදයන් සහ බැඳුම්කර තැන්පත් කිරීම ගැන ප්‍රශ්න මතුවුණාට පස්සේ තමයි මේ විමර්ශන පටන් අරන් තියෙන්නේ. කලින් මේ ගැන පරීක්ෂණ කරලා තිබුණත්, අල්ලස් කොමිසම නැවත වතාවක් ඒවා පටන් අරගෙන තියෙනවා.
පාර්ලිමේන්තුවෙනුත් ප්‍රශ්නයක්!
මේ කාරණය ගැන මීට කලින් පාර්ලිමේන්තුවේදීත් කතාවක් ඇතිවුණා. බදුල්ල දිස්ත්‍රික් ITAK මන්ත්‍රී ශානක්‍යන් රසමානික්කම් කියලා තිබුණේ පොහොර සංස්ථාවේ මූල්‍ය වංචාවක් නිසා වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙක් දැන් අලුත් NPP ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා කියලා. මේ සිද්ධියත් එක්ක, ජයකොඩි මහතා මේ ආණ්ඩුවේ දූෂණ චෝදනා එල්ලවුණ පළමු ඇමතිවරයා බවට පත්වෙලා.
මේ තත්ත්වය, කලින් ඇමති නලින්ද ජයතිස්ස කියපු "පහළ සේවකයන්ගේ වැරදි" කියන කතාවට වඩා එහා ගිය ගැඹුරක් මේ සිද්ධියේ තියෙන බව පෙන්වනවා.
මේක ඇත්තටම වැරදිකරුවෙකු සේදීමේ ක්‍රමවේදයක්ද?
නැත්නම් අලුත් දේශපාලන සංස්කෘතියක ආරම්භයද?
ඉදිරියේදී මේ ගැන තවත් තොරතුරු එළියට ඒවි.
#Political Gossip