SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටිහැටියේම බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ගේ ඇමති පුටුව කතාබහට ලක්වෙලා.

හැමෝම බලන්නේ ඇමතිතුමා අස්වෙයිද කියලා.

 

 

මොකද, ලංකාවේ මෙතෙක් පැවතිච්ච දේශපාලනයේ නම් ඒක එච්චර දකින්න ලැබෙන දෙයක් නෙමෙයිනේ. ඒත් මේ රජය බලයට පත්උනේම ඒවා විවේචනය කරලනේ. අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කියමින්ම නේ.

 

ප්‍රශ්නේ පටන් ගන්නේ අල්ලස් කොමිසමෙන්.

 

2015 දී පොහොර සංස්ථාවේ වැඩ කරද්දි අරමුදල් අවභාවිත කළා කියලා වතිමන් බලශක්ති ඇමතිතුමාට විරුද්ධව චෝදනා නැඟිලා.

 

අල්ලස් කොමිසම දැන් තීරණය කරලා තියෙන්නේ මේ ගැන නඩු දාන්න. 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත තමයි මුලින්ම මේ ආරංචිය එළියට දාලා තිබුනේ.

 

ඉතින්, මේ ආරංචිය දැනගත්ත ගමන් සමාජ ජාලා වල රැල්ලක් ගියා.

 

අලල්ස

අල්ලස 2

අල්ලස 3

 

 

ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් පවා කියන්න පටන් අරන් තියෙන්නේ නඩුව ඉවර වෙනකම් ඇමතිතුමා තනතුරෙන් අයින් වෙන එක හොඳයි කියලා.

 

මේක සාමාන්‍ය දේශපාලන ක්‍රමයට ටිකක් වෙනස්.

ඇත්තටම, ජනතාව බලන්නේ මේ වගේ වෙලාවක ඇමතිතුමා මොන වගේ තීරණයක් ගනීද කියලා.

 

නමුත්, කුමාර ජයකොඩි අයත් වෙන ජාතික ජන බලවේගය වගේ පක්ෂවල සාමාජිකයෝ නම් මේ වගේ අවස්ථාවලදී වෙනස් විදිහට හැසිරෙනවා කියලා දේශපාලන විචාරකයෝ කියනවා. ඒක හරියට සදාචාරමය ප්‍රශ්නයක්.

 

දැන් තියෙන ප්‍රශ්නය ඇත්තටම  බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයිද? ඔවුන්ටවත් දේශපාලන සදාචාරයක් තියෙනවද?

 

#Political Gossip

නවතම ලිපි