ශක්තිමත්, ප්‍රගතිශීලී, සහ ප්‍රජාතන්ත්‍රවාදී ඉස්ලාමීය සුබසාධන රාජ්‍යයක් ගොඩනැගීමේ තේමාව යටතේ
පාකිස්තානයේ 79 වැනි නිදහස් සංවත්සරය ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ පාකිස්තාන ප්‍රජාව සමඟ එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙවර නිදහස් දින සැමරුමේ විශේෂත්වය වූයේ ඉන්දියාවේ ආක්‍රමණශීලීත්වයට සහ පදනම් විරහිත චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් පාකිස්තාන සන්නද්ධ හමුදා විසින් මෙහෙයවන ලද 'බුන්යන්-උන්-මර්සූස්' මෙහෙයුමෙන් පසුව එය පැවැත්වීමයි.
උත්සවය ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් විසින් පාකිස්තාන ජාතික ධජය ඔසවමින්, ජාතික ගීය වාදනය කිරීමත් සමඟය.
මෙම අවස්ථාවට අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.
විශේෂයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික, ආරක්ෂක සහ සංස්කෘතික සබඳතා වර්ධනය කිරීම මෙන්ම නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම තුළින් ආර්ථික සබඳතා පුළුල් කිරීමටද අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
මෙම උත්සවයට පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයින්, පාකිස්තාන ප්‍රජාව, මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රදේශයේ ප්‍රභූවරුන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.