SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විනෝදය

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙන සිටින අමාත්‍යාංශයක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු රට පුරා පැතිර යන ඝාතන රැල්ල පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබියදී, දියවන්නා ඔය අසල පිහිටි වෝටර්ස් ඒජ් හෝටලයේ සිට මිතුරෙකු සමඟ සිංගල් මෝල්ට් විස්කි බෝතලයක් පානය කරමින් සිටි බව කණින් කොණින් වාර්තා වේ. ඔහුගේ මෙම හැසිරීම අවට සිටි බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ බවත් සඳහන් වේ.

 

 

විපක්ෂයේ පොදු අපේක්ෂකයා

ආණ්ඩුවේ ජනප්‍රියත්වය වේගයෙන් පහත වැටෙමින් පවතින බව උපකල්පනය කරමින්, විපක්ෂයේ පක්ෂ සහ සංවිධාන එක්ව රට භාර දීම සඳහා පොදු අපේක්ෂකයෙකු නම් කිරීමට සූදානම් වන බවට ආරංචි මාර්ග පවසයි. මෙම පොදු අපේක්ෂකත්වය සඳහා බොහෝ දුරට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ නම යෝජනා වී ඇති බවට තොරතුරු ලැබී තිබේ. එහි මූලික පියවර ලෙස සංකල්ප පත්‍රිකාවක් සකස් කිරීමට අද සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ ඇත.

 

 

දිලිත් ජයවීරගේ උපාය මාර්ගය

සර්වජන පක්ෂයේ නායක දිලිත් ජයවීර, අර්බුදයට ලක්ව ඇති රාජපක්ෂ බල කඳවුරේ ඡන්ද පදනම රැක ගැනීමේ කාර්යය භාරගෙන ඇති බව මත පළ වේ. ඔහුගේ අරමුණ වන්නේ සුදුසු කාලය පැමිණි විට, රාජපක්ෂ පවුලේ නායකත්වය යටතේ නාමල් රාජපක්ෂ ගේ ජයග්‍රහණය සඳහා සියලු ජාතිකවාදී බලවේග එක් කිරීම බවට විශ්වාස කෙරේ.

 

#political gossip

වැඩි විස්තර සඳහා TTV podcast සමග එක්වන්න...

නවතම ලිපි