Supreme SAT සමාගම විසින් යළිත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සදහන් වන්නේ රෝහිත රාජපක්ෂ ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් වන විරෝධතා වලට ප්‍රතිචාර දැක්වීමක් බවයි.
රෝහිත රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම් සහ Supreme SAT අමාරුව
Supreme SAT සමාගම පවසන්නේ රෝහිත රාජපක්ෂ ගේ අධ්‍යාපන සුදුසුකම් ජාත්‍යන්තරව පිළිගත් ඒවා බවත්, ඔහු සේවය සඳහා බඳවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයකින් සහ අදාළ ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු සුදුසුකම් සපුරා ඇති බවත්ය. Supreme SAT සමාගම විසින් නිකුත් කළ බව පැවසෙන නිවේදනය අනුව, ඔවුන්ට මෙම කරුණු සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවයි සඳහන් වන්නේ.
දේශපාලන විවේචන සහ සමාගමේ ප්‍රතිචාරය
නිවේදනය තවදුරටත් පවසන්නේ, රෝහිත රාජපක්ෂ ගේ සම්බන්ධය පදනම් කරගෙන මෙම ව්‍යාපෘතිය දේශපාලනිකරණය කරමින්, දේශපාලන වාසි ලබා ගැනීමට සමහර දේශපාලනඥයන් උත්සාහ කර ඇති බවයි.
බිලියන ගණනක ඩොලර් ආදායමක් රටට උපයා දිය හැකි ව්‍යාපෘතියක් අසාධාරණ ලෙස විවේචනය කිරීම පහත් ක්‍රියාවක් ලෙසද ඔවුන් හඳුන්වා දී තිබෙනවා.
ඔවුන් පවසන්නේ මෙවැනි බොරු ප්‍රකාශ නිසා රටේ දක්ෂ දරුවන්ගේ අනාගතය අඳුරු වන බවත්, ලෝකය පිළිබඳ කියවීමක් නැති දේශපාලනඥයන් නිසා රටට අහිමි වන ව්‍යාපාරික අවස්ථා අතර මෙම වාණිජ චන්ද්‍රිකා ව්‍යාපෘතියද විශාලම එකක් බවත්ය.
මෙම නිවේදනය තුළින්, රෝහිත රාජපක්ෂගේ සුදුසුකම් ආරක්ෂා කරමින්, රාජපක්ෂවරුන්ට එල්ල වන විවේචනවලට පිළිතුරු දීමට Supreme SAT සමාගම කටයුතු කර ඇති බව පෙනී යන අතර සුප්‍රිම් සැට් ආයතනය රාජපක්ෂවරුන් අතින් පාලනය වන්නේ ඇයි ද යන්න විමතියට කරුණක් බව කණිං කොනිං අසන්නට ලැබෙනවා.
රාජපක්ෂවරුන් හා සුප්‍රිම් සැට් අතර සම්බන්ධයත්, එකි වාර්තාව පාර්ලිමේන්තුනේ සභාගත කිරීමෙන් හරිනිගේ දේශපාලන ඉරණමත් පිළීබඳව ඉදිරියේ දී දේශපාලන ගොසිප් උත්තර සපයනු ලැබේ.
#political gossip