බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, 2015 වසරේදී සීමාසහිත ලංකා පොහොර සමාගමේ
කළමනාකරුවෙකු ලෙස සේවය කරද්දී තමන්ට එල්ල වූ චෝදනා සහ ඉන් පසු සේවයෙන් ඉවත්වීම පිළිබඳව අදහස් පළ කර ඇත.
දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඉල්ලීමකට අනුව තමන් එම තනතුරට පත්වූ බවයි.
ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ හුනුපිටිය ගබඩා සංකීර්ණයේ පාරක් කාපට් කිරීමේ සිද්ධියයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එල්ල වූ චෝදනා පහෙන් දෙකකට වරදකරු වූ බව ජයකොඩි පිළිගත්තේය.
මෙම තීරණයට එරෙහිව කම්කරු අධිකරණයට ගිය බවත්, එහිදී තම නඩුව විභාග කළ මුල් විනිසුරුවරයා මාරු වී ගිය බවත්, අලුතින් පැමිණි විනිසුරුවරයා නඩුව පිළිබඳ නිසි අවබෝධයකින් තොරව තීන්දුවක් දුන් බවත් ඔහු එහිදී කියා සිටියේය.