SupremeSAT-1 චන්ද්‍රිකාව සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
ඩී.වී. චානක පසුගියදා කළ ප්‍රශ්න කිරීම් හමුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බදාදා (අගෝ: 06) පාර්ලිමේන්තුවේදී කරනු ලැබූ ප්‍රකාශය සහ එහිදී සඳහන් කළ වාර්තා නිවැරදි නොවන බවට අමාත්‍ය වසන්ත සමරසිංහ අගෝ: 07 දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මේවනවිට සමාජය තුල ප්‍රබල කතිකාවක් මතුව ඇත.
එම කතිකාව තුල කතාබහට ලක්ව ඇති 'සුප්‍රීම් සැට් පුද්ගලික සමාගමේ' සභාපති ආර්. එම්. මනිවන්නන් අගෝස්තු 08 දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණ.
ඉන් අනතුරුව අමාත්‍ය වසන්ත සමරසිංහ යළිත්වරක් අගෝස්තු 09දා පැවති ජනහමුවක් අමතමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබිණ.
කෙසේවුවද මේවනවිට අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් 'සුප්‍රීම් සැට් පුද්ගලික සමාගම' විසින් සිදුකර ඇතැයි පැවසෙන ප්‍රකාශයන් කිහිපයක් ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.
අද (11) දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති 'සුප්‍රීම් සැට් පුද්ගලික සමාගමේ' පවසන්නේ, තම සමාගම විසින් කලකට ඉහතදී නිකුත් කරන ලද ප්‍රකාශ කිහිපයක් මෙන්ම SupremeSAT වෙත ව්‍යාජ ලෙස ආරෝපණය කරන ලද ගොතන ලද ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත්, 2025 අගෝස්තු 8 වන දිනෙන් පසු SupremeSAT විසින් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවත් ය. තම සමාගම කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර ප්‍රකාශ නිකුත්කර නොමැති බවද එම නිවේදනය මගින් අවධාරණය කර ඇත.
SupremeSAT අද දින නිකුත්කර ඇති නිවේදනය මතු පළවේ.
SupremeSAT විශේෂ මාධ්‍ය නිවේදනය
රට පුරා සංසරණය වන වැරදි තොරතුරු පිළිබඳ අපගේ නවතම මාධ්‍ය ප්‍රකාශය 2025 අගෝස්තු 6 වන දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශයෙන් ටික කලකට පසු නිකුත් කරන ලද බව අපි, SupremeSAT (පුද්ගලික) සමාගම නිල වශයෙන් පැහැදිලි කිරීමට කැමැත්තෙමු.
අප විසින් කලින් නිකුත් කරන ලද ප්‍රකාශ කිහිපයක් මෙන්ම SupremeSAT වෙත ව්‍යාජ ලෙස ආරෝපණය කරන ලද ගොතන ලද ප්‍රකාශ දැනට සංසරණය වෙමින් පවතින බව අපගේ අවධානයට ලක්ව ඇත. අපි මෙයින් තහවුරු කරන්නේ:
• 2025 අගෝස්තු 8 වන දිනෙන් පසු SupremeSAT විසින් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
• අපගේ කිසිදු නිල සන්නිවේදනයක අපි කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර හෝ යොමු කර නොමැත.
• අපගේ සියලුම නිල සන්නිවේදනයන් නිවැරදි කරුණු සහ සත්‍යාපනය කළ හැකි දත්ත මගින් සහාය දක්වන තාක්ෂණික තොරතුරු මත පමණක් අවධානය යොමු කර ඇත.
නිවැරදි තොරතුරු සඳහා SupremeSAT වෙතින් නිල නිවේදන මත පමණක් විශ්වාසය තබන ලෙස අපි මාධ්‍ය සාමාජිකයින්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.
මෙම නිල නාලිකාවලින් පිටත ඕනෑම ප්‍රකාශයක් සත්‍ය නොවන ලෙස සැලකිය යුතුය.
ඔබට වැඩිදුර විස්තර අවශ්‍ය නම්, කරුණාකර www.supremesat.com හි අපගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න. ඕනෑම අනුමැතියක්, මූල්‍ය තොරතුරු හෝ අදාළ දත්ත සඳහා, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනතේ විධිවිධාන යටතේ අදාළ රජයේ ආයතනවලින් ද ඔබට ඒවා ලබා ගත හැකිය.
SupremeSAT (පුද්ගලික) සමාගම.
2025 අගෝස්තු 11
සුප්‍රීම් සැට් පුද්ගලික සමාගම
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.