SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාසා තීරයේ අල්-ෂිෆා රෝහල අසල මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින්

ඊශ්‍රායලය විසින් සිදු කළ ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට වාර්තා පල වේ.

 

 

අල්-ෂිෆා රෝහලේ ප්‍රධාන පිවිසුම අසල තිබූ මාධ්‍යවේදීන්ගේ කූඩාරමකට එල්ල වූ ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය ගිය අනෙකුත් මාධ්‍යවේදීන් අතර මොහොමඩ් කිරිකේ, ඊබ්‍රාහිම් සාහර්, මොහොමඩ් නූෆල් සහ මොමෙන් අලිවා ද සිටින බව වාර්තා වේ.

 

 

මරණයට පත්වීමට ටික වේලාවකට පෙර, 28 හැවිරිදි අල්-ෂරීෆ්, ඊශ්‍රායලයේ ගාසා තීරයට එල්ල කරන දරුණු ප්‍රහාර පිළිබඳව X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පල කර තිබුණි. ඔහුගේ අවසන් පණිවිඩය ලෙස "සෑම විස්තරයකින්ම වේදනාව අත්විඳි බවත්, දුක නැවත නැවතත් රස විඳි බවත්" ඔහු සඳහන් කර තිබිණි.

 

තැඹිලි පැහැති අහසක පසුබිමෙන් ඇසෙන ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවල ශබ්ද ඇතුළත් වීඩියෝවක් ඔහුගේ අවසන් සටහන ලෙස වාර්තා වේ.

 

මෙම ප්‍රහාරය "ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ තවත් ප්‍රසිද්ධ ප්‍රහාරයක්" ලෙස අල් ජසීරා මාධ්‍ය ජාලය විසින් හෙළා දැක ඇත. යුරෝ-මධ්‍යධරණී මානව හිමිකම් නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විශ්ලේෂකයෙකු වන මොහොමඩ් ෂෙහාඩා පවසා ඇත්තේ, අල්-ෂරීෆ් කිසිදු සතුරු ක්‍රියාවකට සම්බන්ධ වූ බවට "ශුන්‍ය සාක්ෂි" පවතින බවයි.

 

 

අල් ජසීරා වාර්තාකරු හනී මහමුද් පවසන ආකාරයට, මෙම මාධ්‍යවේදීන් ඝාතනය කරනු ලැබුවේ ගාසා තීරයේ පලස්තීනුවන් විඳිමින් සිටින "කුසගින්න සහ මන්දපෝෂණය පිළිබඳ ඔවුන්ගේ නොනවතින වාර්තාකරණය" නිසා වන අතර, "ඔවුන් මෙම අපරාධයේ සත්‍යය ලොවට හෙළිදරව් කළ" නිසා බවයි.

 

 

නවතම ලිපි