අද දේශපාලන කරළියට අලුත්ම කසුකුසුවක් එකතු වුණා. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ
ඔහුගේ සමගි ජන බලවේගය (SJB), ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් සමඟ එකතු වෙලා අලුත් ආණ්ඩුවක් හදන්න ලෑස්ති කියලා.
මේ ගැන විස්තර කිව්වේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සුජිත් සංජය පෙරේරා යි.
"සුප්‍රීම්සැට් නාට්‍යයෙන් එන්පීපී ආණ්ඩුව සෙලවී ඇති බව පෙනේ. අවශ්‍යතාවයක් ඇති වුවහොත් ආණ්ඩුවේ ප්‍රගතිශීලී කොටස් සමඟ එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම්,"
මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය නිසා දේශපාලන කරළිය ඇතුළේ ලොකු ආන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා. ඔහු කියන විදිහට, මේ දවස්වල ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන "සුප්‍රීම්සැට් නාට්‍යය" නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හෙල්ලෙන්න පටන් අරගෙන.
ඒ වගේම, ඇමති වසන්ත සමරසිංහ, අගමැතිනි හරිනි අමරසූරිය අමාරුවේ දාලා, ඇයව අදක්ෂයි කියලා පෙන්වන්න හදනවා කියලත් ඔහු කියනවා.
මේ සිදුවීම් නිසා, රටට අලුත් ආණ්ඩුවක් අවශ්‍ය වෙන තත්ත්වයක් ඇති වුණොත්, ජාතික ජන බලවේගයේ ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් සමඟ එකතු වෙලා ආණ්ඩුවක් හදන්න සජිත් ප්‍රේමදාස සම්පූර්ණයෙන්ම සූදානමින් ඉන්නවා කියලා සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කිව්වා.
සමහරවිට උන්නැහේ සජිත් ලොක්කගෙ උවමනාවට මේක කිව්ව වෙන්නත් පුළුවන්නේ..
මේ කසුකුසුව ගැන දේශපාලන විචාරකයන් පවා පුදුම වෙලා.
ඔවුන් කියන්නේ, මේක ඇත්තටම වෙන සිදුවීමක් ද නැත්නම් ඉදිරියේදී එන්න තියෙන දේශපාලන පෙරළියක පෙර නිමිත්තක් ද කියලා බලාගන්න තව ටික කාලයක් ඉන්න වෙනවා කියලා.
මොක උනත් සජිත් උන්නැහේට හීන පේන එක වලක්වන්නත් බෑ නොවෑ...
#political gossip