රෝහිතගේ චන්ද්‍රිකාව ජාතික මාතෘකාවක් වීම සමග මාලිමා රජය විසින්ම
සෝදා දුන් තවත් මඩක් ජනතා අවදානයට ලක් නොවී යට ගියා.
ඒ දිලිත් ගේ ඇන්ටිජන් වංචාව.
පශ්චාත් කොවිඩ් සමයේ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ මිතුරෙකු ලෙස සැලකෙන දිලිත් ජයවීරට එරෙහිව විශාල මඩ ප්‍රහාරයක් එල්ල වුණා.
ඒ කොරෝනා පරීක්ෂණ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වලින් විශාල ජාවාරමක් සිදු වූ බව කියමින්.
මෙහිදී ගෝඨාභය සහ දිලිත් ජයවීර යන දෙදෙනාම ඉලක්ක වුණා.
දිලිත් ජයවීර පුද්ගලයෙකු ලෙසත්, ඊනියා වංචාවකට සම්බන්ධ කළ ඔහුගේ ආයතනය වූ ජෝර්ජ් ස්ටූවර්ට් ආයතනය නිල වශයෙනුත් මේ චෝදනාවට අවස්ථා ගණනාවකදී පිළිතුරු ලබා දුන්නා.
නමුත් ඒ පිළිතුරු සමාජගත වූයේ නැහැ.
ඇන්ටිජන් වංචාවක් ගැන සෑම තැනකම කතාබහට ලක්වුණා. සමාජගත වුණා.
දිලිත් ලා මොනවා කිව්වත් කොස්සක් තිබෙන බවට බොහෝ දෙනෙක් විශ්වාස කළා.
ඇන්ටිජන් වංචාවක් ගැන කියවූවත් එය සිදු වූ අයුරු ගැන කිසිවෙකුට හෝ අවබෝධයක් නැහැ.
කොටින්ම 'ඇන්ටිජන් හොරා' යැයි කමෙන්ට් කළ 1000 කින් 999 කගෙන් ඇන්ටිජන් හොරකම කුමක්දැයි ඇසුවා නම් ලබා දීමට පිළිතුරක් තිබුණේ නැහැ.
නමුත් මේ සම්බන්ධව ජනතාව තුළ සැකයන් දෙකක් ගොඩනගා තිබුණා.
1) ඉතාම සංවේදි මොහොතක අනිසි ලාභයක් ලබා ගනිමින්, දිලිත් ජයවීර විශාල මුදලකට ඇන්ටිජන් ටෙස්ට් කිට් විකිණූ බව
2) ගෝඨාභය ජනපතිවරයා සමග තිබූ සමීප සබඳකම යොදාගනිමින් ඇන්ටිජන් ටෙස්ට් කිට් විකිණීමේ දී දිලිත් ඒකාධිකාරියක් ලබා ගත් බව.
මේ ඇන්ටිජන් වංචාව පිළිබඳ මඩත් පසුගියදා පාර්ලිමේන්තුවේදී නිදොස්කොට නිදහස් කෙරුණා.
ඒ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස විසින්.
ප්‍රශ්නය ඇසුවේ දිලිත්. එහිදි ඔහු ඇන්ටිජන් සම්බන්ධයෙන් වංචාවක් සිදුව ඇත්දැයි මාලිමා රජයේ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සවිස්තරාත්මකව ප්‍රශ්න කළා.
එයට නලින්ද පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දුන්නා.
සෞඛ්‍ය ඇමතිවරයා විසින් සභාගත කළ නිල වාර්තා වලට අනුව් ඇන්ටිජන් පරීක්ෂණ රජයෙන් සහ පුද්ගලික අංශය යන ද්විත්වයෙන්ම සිදු කර තිබෙනවා.
ඒ සඳහා සැපයුම්කරුවන් 26 දෙනෙකු සහභාගී වී තිබෙනවා.
ඒ අනුව මේ සඳහා ඇන්‍ටිජන් ටෙස්ට් කිට් සැපයූවේ දිලිත්ගේ ජෝර්ජ් ස්ටූවර්ට් සමාගම පමණැයි ගොඩනගා තිබූ තර්කය බිඳ වැටුණා.
අමතක කළ යුතු නැහැ. කොවිඩ් පරීක්ෂණ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ටෙස්ට් කිට් දෙකක් අනුමත කළා.
ඒ වනවිට එම ටෙස්ට් කිට් දෙකෙහිම දේශීය ඒජන්තයා වූයේ ජෝර්ජ් ස්ටූවර්ට් හෙල්ත් සමාගම.
ඔවුන් දශක කිහිපයක් තිස්සේ එම ටෙස්ට් කිට් වල දේශීය ඒජන්ත ලෙස කටයුතු කළා.
එපමණක් නොවෙයි.
ජෝර්ජ් ස්ටූවර්ට් සමාගම සිය ටෙස්ට් කිට් විකුණා තිබුණේ රුපියල් 940 - 1100 සීමාවේ.
මේ සීමාව ඩොලරයේ එහාමෙහා වීම සහ වෙනත් කරුණු මත රදා පවතිනවා.
මේ ඇන්ටිජන් ටෙස්ට් කිට් විකිණූ සාමාන්‍ය මිල.
ගෙන්වීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගුවන් ගාස්තු ආදී සියලූම වියදම් ඇතුලත් වූ විට ටෙස්ට් කිට් සඳහා ශුද්ධ ලාභය 10% සීමාවක හෝ නැහැ.
සැබැවින්ම මේ ලයිස්තුවේ අඩුම මිලකට ටෙස්ට් කිට් විකුණා තිබූ සමාගම් අතර ජෝර්ජ් ස්ටූවර්ට් සමාගම ඉදිරියෙන්ම තිබෙනවා.
ඒ අනුව අයථා ලාභ කතාවත් බිඳ වැටුණා.
එමෙන්ම ඇන්ටිජන් ටෙස්ට් කිට් හරහා කිසිඳු වංචාවක් සිදු නොවූ බවත්, කිසිඳු සමාගමක් අයථා ලාභයක් ලබා නැති බවත් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැහැදිලි කළා.
මාලිමා රජය බලයට පැමිණීමට චිචී ගේ රොකට්ටුව මෙන්ම දිලිත්ගේ ඇන්ටිජන් වංචාව සහ තවත් සටන් පාඨ සිය දහස් ගණනක් බලපෑවා.
ඒවායේ සැබෑ සත්‍ය එකින් එක මාලිමා රජයේ ඇමතිවරුන් සහ අගමැතිවරිය විසින්ම හෙළිදරව් වීම අතිශය වැදගත්.