SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දශකයකට අධික කාලයකට පසු යළිත් කරළියට පැමිණි SupremeSAT-1 චන්ද්‍රිකාව සම්බන්ධයෙන්,

එහි හිමිකාරීත්වය දරන SupremeSAT සමාගම සහ වත්මන් රජය අතර මතභේදයක් නිර්මාණය වී ඇත.

 

 

චන්ද්‍රිකාව "අතුරුදන්" වී ඇති බවට අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ජාතික ජන බලවේගය විසින් සිදු කරන ලද ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින්, සමාගම නිවේදනයක් නිකුත් කරමින් සිය ස්ථාවරය පැහැදිලි කරයි.

 

 

මෙම සිදුවීම, SupremeSAT සමාගම සහ රාජපක්ෂ පවුල අතර පවතින සමීප සම්බන්ධතා පිළිබඳව ද නව අවධානයක් යොමු කර තිබේ.

 

 

චන්ද්‍රිකාව "අතුරුදන්" නොවන බව SupremeSAT කියයි

 

mani 240429

 

SupremeSAT පුද්ගලික සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් නිකුත් කළ නිවේදනය මගින්, චන්ද්‍රිකාව "අතුරුදන්" වී ඇති බවට වන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි. ඔහු පෙන්වා දෙන්නේ, SupremeSAT-1 චන්ද්‍රිකාව මේ වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ නිවැරදිව හා සක්‍රීයව පවතින බවයි. මෙම චන්ද්‍රිකාව 2012 වසරේදී විද්‍යානුකූලව කක්ෂගත කළ බවත්, සමහර පුද්ගලයින් පටු දේශපාලන වාසි සඳහා වැරදි තොරතුරු සහ දත්ත විකෘති කරමින් මහජනතාව නොමඟ යවන බවත් ඔහු චෝදනා කරයි.

 

නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ, කිසිදු විෂය දැනුමක් හෝ සාමාන්‍ය දැනුමක් නොමැතිව මෙවැනි ප්‍රකාශ සිදු කිරීම පිළිකුල් සහගත බවයි. එසේම, පුද්ගලික සමාගමක ගිණුම් තොරතුරු අසත්‍ය ලෙස ප්‍රචාරය කිරීම දැඩි ලෙස හෙළා දකින බවද එහි සඳහන් වේ.

 

 

SupremeSAT හා රාජපක්ෂ පවුල අතර සම්බන්ධය;

කව්ද මේ රේණුකා..?

 

 

SupremeSAT සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස මීට පෙර කටයුතු කළ සහ වර්තමානයේ Supreme Global Holdings හි කළමනාකරණ අධ්‍යක්ෂවරිය වන රේණුකා ෂන්මුගනාදන් හරහා මෙම සමාගම සහ රාජපක්ෂ පවුල අතර ඇති සම්බන්ධය පැහැදිලි වේ.

 

රේණුකා ෂන්මුගනාදන් ව්‍යාපාරිකයෙකු වන සුප්‍රසිද්ධ පැන්ඩෝරා පත්‍රිකාවන්හි ගනුදෙනු චෝදනාවන්ට ලක්වූ  තිරු නාඩේසන් ගේ සහෝදරිය වන අතර, ඔහු මහාරාජා සංවිධානය වෙනුවෙන් ද කලක් කටයුතු කර ඇත.

 

රේණුකා ෂන්මුගනාදන් යනු ප්‍රකට ව්‍යාපාරිකයෙකු හා බැංකුකරුවෙකුගේ බිරිඳ ය.

 

තිරු නාඩේසන් යනු රාජපක්ෂ පවුලට සමීපතම පුද්ගලයෙකි.

 

Pandora Papers Nirupama Rajapaksa Thirukkumaran Nadesan

thirukumar nadesan with Nirupama Rajapaksa

 

මෙම සම්බන්ධය තවත් තහවුරු කරන්නේ නම්, රේණුකා ෂන්මුගනාදන් නිරූපමා රාජපක්ෂගේ නෑනා වේ.

මීට අමතරව, ඇයට 1999 දී එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු "ෂැම්පේන් සාදයක්" පැවැත්වූ බවට චෝදනා එල්ල වීම නිසා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ  විමර්ශනයකට ලක් වූ බවට පැරණි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. (sunday times january 23, 2000) 

 

මෙම සම්බන්ධතා පෙළ, SupremeSAT සමාගමේ ව්‍යාපාරික කටයුතු සහ රාජපක්ෂ පවුල අතර පවතින සමීප සබඳතාවක් පෙන්නුම් කරයි. එමෙන්ම, මෙම චන්ද්‍රිකාවට අදාළ මතභේදය සහ දේශපාලන ප්‍රකාශයන් පිළිබඳව මහජනතාව තුළ වැඩි අවධානයක් යොමු වීමට මෙම සම්බන්ධතා හේතු වී ඇත.

 

 

"චිචිගේ රොකට්ටුව පැලවත්තට වට්ටගන්න එපා" - නාමල්

 

මේ අතර සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේ දී ආණ්ඩුව පාර්ශ්වයේ ඇති වී තිබෙන ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් හාස්‍ය දනවන සුළු ප්‍රකාශයක්  ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ චිචීගේ රොකට්ටුව පැලවත්තට වට්ට ගන්න එපාය කියාය.

 

කෙසේ වුවද සුප්‍රීම් සැට් චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතියෙන් උපයාගත් ආදායම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ලබා දුන් දත්තවල නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවද මේ වනවිට වාර්තා වී තිබේ.

අදාළ ව්‍යාපෘතිය පිළිබඳව ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරියට සපයන ලද දත්ත අසත්‍ය බවත්, ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් තතු දත් රජයේ නිළධාරියෙකු පවසා තිබේ.

 

Ranga Disanayaka 1200px 2025 06 08

 

මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්, හිටපු මහාධිකරණ විනිශ්චයකාරවරයා වන රංග දිසානායක වෙත එකී විමර්ශන වගකීම බාරදිය යුතු බවත් එසේ නැතිවුවහොත් නැවත වරක් වැඩ බැරි ආණ්ඩුව නොමග යැවීමේ දත්තවලට මුහුණ දි තව වටයකින් නාගනු ඇති බවත් විචාරකයින්ගේ මතය වි තිබේ.

මේ වනවිට ආණ්ඩුව පාර්ශවයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින්  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින්  නොසැලකිලිමත් ලෙස වාර්තාවක් ඉදිරිපත් කිරීමත්,  ඇයගේ දත්ත ඉදිරිපත් කිරීමේදී ඉලක්කම් සහ ඒවායේ තිත් පිළිබඳව ඇති නොදැනුම සම්බන්ධයෙනුත් විශාල චෝදනාවන්ට ලක්කෙරෙමින් පවතී.

 

@නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි