රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානයෙන්ම,
අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂද ඊයේ (28 වැනිදා) මාලදිවයින බලා පිටව ගොස් ඇත.
මන්ත්‍රිවරයා ඊයේ (28වැනිදා) උදෑසන 07.30ට මාලේ නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව මෙම ගුවන් යානයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිසද තුන් දින නිල සංචාරයක් සඳහා මාලදිවයින වෙත ගමන් ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝගය නිකුත් වී ඇත්තේ ඊයේ (28 වැනිදා ) දහවල් කාලයේය.
@කපිල - කටුනායක