ශ්‍රී ලංකා අපනයන සඳහා වන තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නායකත්වයෙන් යුත්
ශ්‍රී ලාංකික නිලධාරීන් කණ්ඩායමක්, එක්සත් ජනපද වෙළඳ ඒජන්සියේ නිලධාරීන් සමඟ අන්තර්ජාලය හරහා (අතථ්‍ය සාකච්ඡාවක්) පැවැත්වීමට නියමිතය.
මීට පෙර විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා රජයේ දූත පිරිසක් සිකුරාදා (18) එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බවයි.
කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේ සාකච්ඡා සඳහා යාම වෙනුවට, එකී සාකච්ඡා මුදල් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් අදාළ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් මාර්ගගතව පවත්වන බවයි.