SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගය ලංකාවේ පාලන බලය ලබාගැනීමේ දී අවධාරණය කළ

තවත් එක් කරුණක් වූයේ මහජන නියෝජිතයින් රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙන වරප්‍රසාධ බොහොමයක් කපා හරින බවයි.

 

 

විශේෂයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ අසීමිත වරප්‍රසාධ, වසර පහක් මන්ත්‍රීධුරයේ කටයුතු කළ මන්ත්‍රීවරුන් සියල්ලන්ටම ලැබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම, තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම වැනි කරුණු මෙහිදී ප්‍රමුඛව තිබිණි.

එවන් තත්වයක් මත පසුගියදා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ප්‍රසිද්ධියට පත් කරන ලද මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් වාර්තාව මත හෙළිදරව් වූ ආදායම් බද්ද පිළිබඳ කරුණ ඔවුනට මගහැරී ඇත්තේ කුමක් නිසාවෙන්ද?

 

සැලරි 2

ජගත් විතාන මන්ත්‍රීවරයා  ප්‍රසිද්ධියට පත් කරන ලද මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් වාර්තාව මත හෙළිදරව් වූ ආදායම් බද්ද අනුව සාමාන්‍ය ජනතාවගෙන් අය කරන ආදායම් බද්දට වඩා විශාල වශයෙන් අඩු බද්දක් මැති ඇමැතිවරුන්ගෙන් අය කරන බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් පළ කරමින් හෙළිදරව් කර තිබේ.

 

එහි සඳහන් වන ආකාරයට මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය වැටුප සියලු‍ දීමනා ද එක්ව ගත් කල මසකට රුපියල් 3,27,713/- කි.

එයින් ආදායම් බදු ලෙස අයකර ඇත්තේ රුපියල් 3720/- කි.

එහෙත් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 3 ක වැටුපක් ලබන වෙනත් සේවකයකුගෙන් මාසිකව අය කරන ආදායම් බද්ද රුපියල් 20,000 කි.

 

කවර හේතුවක් නිසා මෙලෙස මැති ඇමැතිවරුන්ට විශාල බදු සහනයක් ප්‍රදානය කර තිබේද යන්න පැහැදිලි නැති බවත් බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය පවසයි.

 

 

නවතම ලිපි