ශ්‍රී ලංකාවේ සෑම වසරකම නව පිළිකා රෝගීන් 35,000 ත් 40,000 ත් අතර
සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව ජාතික පිළිකා පාලන වැඩසටහන (NCCP) අනාවරණය කරයි.
අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතික පිළිකා පාලන වැඩසටහනේ උපදේශක වෛද්‍ය සුරාජ් නිමල්සිරි පෙරේරා පැවසුවේ 2021 දී නව පිළිකා රෝගීන් 37,753 ක් වාර්තා වී ඇති බවත්, දිනකට අවම වශයෙන් රෝගීන් 103 ක් අනාවරණය වී ඇති බවත්ය.
වෛද්‍ය නිමල්සිරි පෙරේරාට අනුව, පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ගය මුඛ පිළිකා වන අතර, පසුව පෙනහළු පිළිකා, මහා අන්ත්‍ර පිළිකා, පුරස්ථි ග්‍රන්ථි පිළිකා සහ esophageal (අග්න්‍යාශ) පිළිකා වේ.
කාන්තාවන් අතර පියයුරු පිළිකා බහුලව දක්නට ලැබෙන අතර, ඉන් පසුව තයිරොයිඩ් පිළිකා, මහාන්ත්‍ර පිළිකා, ඩිම්බකෝෂ පිළිකා සහ ගැබ්ගෙල පිළිකා ඇති බව ඔහු සඳහන් කළේය.
වාර්ෂිකව නව පියයුරු පිළිකා රෝගීන් 5,500 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවත් ඔහු පවසයි.
විශේෂයෙන්, මහා අන්ත්‍ර පිළිකාව දැන් රටේ පුරුෂයින්ට සහ කාන්තාවන්ට බලපාන ප්‍රමුඛතම පිළිකාවක් බවට පත්ව ඇත.
ආහාරමය ගැටළු සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු හේතුවෙන් දේශීය හා ගෝලීය වශයෙන් මහා අන්ත්‍ර පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් සිදුවන බවට වෛද්‍ය පෙරේරා අනතුරු ඇඟවීය.
"අපේ රටේ ගැටළු සහගත ආහාර රටාවන් නිසා මහා අන්ත්‍ර පිළිකා වැඩිවීමට බොහෝ දුරට හේතු වී තිබෙනවා,"
ඔහු තවදුරටත් පැවසීය.